-->

Thursday, June 3, 2010

කඳුළු නිම්නයේදී

ජීවිතේ සිහින මියගිය
නිම්නයේ
වැතිරී තනිව හිඳිනෙමි
පැතුම් මිලිනව
ශේෂවූ ගිම්හානයේ

මතක මංපෙත් චිතකයක
ගිනිලූ පැයේ
සිත නොමළ මුත්
මා සිටිනුයේ
අද සුසානයකය ජීවිතේ

තරු ඇස්ද නොනිදන රාත්‍රියේ
ඇය සෙමෙන් පිය මැන
කරන හිරිහැර
සදයි කඩතොලු
ආත්මයේ

උන්මාදනීයවු ප්‍රේමයේ
ඇස් අගින් වත් ඇය
බලයි නම්
එක වරක් වත්
යලි සිනාසෙමි මේ ජීවිතේ




6 comments:

  1. ගිම්හානයට වැහිපොදක්....
    සුසානයට හොල්මනක්....
    කඩතොලු ආත්මයට බදාමයක්...
    ඔය ඇස් නැතත් පූජනීය දෑසක් ඔබටත් හිමි වෙයි
    කෙදිනක හෝ.. ඉවසන්න හුරුවෙන්න..
    පාලුවට සෙට් වෙන්න ඉඩදෙන්න...
    ජීවිතේ විඳගන්න...

    ReplyDelete
  2. ජීවිතේ සිහින මිය ගිය
    නිම්නයේ
    වැතිර ඔබ ඇයිද තව
    ගිම්හානයේ
    වස්සානය ඇවිත් අර ඈත
    නිම්නයේ
    මිලින වූ පැතුම් විකසිතව දිලේ
    තරු දෙනෙත් දල්වා බලා
    පිය නගනු මැන
    අලුත් මල් ලොවක් සොයා

    ReplyDelete
  3. අදහස් පලකල හැමෝටම ස්තුතියි.

    ReplyDelete
  4. ඇය නාවොත් හැමදාම සිනානොවී ඉන්නවාද? ඇයට ඇයගේ ජීවිතයක් ඇත. ඇය ඔබ දෙස ඇස් අගින්වත් බැලිය යුත්තේ ඇයි? ඇය ඇය වෙනුවෙන් සිටින සේම ඔබද ඔබ වෙනුවෙනි.

    ReplyDelete
  5. දුක්බර, වේදනාවෙන් පිරුන පදපෙලක්. ඒ හැඟීම් කියවන්නා ගේ සිතට කාවදින සේ දන්වන්න පදපෙල හසුරුවා ඇත.

    ReplyDelete