ජීවිතේ සිහින මියගිය
නිම්නයේ
වැතිරී තනිව හිඳිනෙමි
පැතුම් මිලිනව
ශේෂවූ ගිම්හානයේ
මතක මංපෙත් චිතකයක
ගිනිලූ පැයේ
සිත නොමළ මුත්
මා සිටිනුයේ
අද සුසානයකය ජීවිතේ
තරු ඇස්ද නොනිදන රාත්‍රියේ
ඇය සෙමෙන් පිය මැන
කරන හිරිහැර
සදයි කඩතොලු
ආත්මයේ
උන්මාදනීයවු ප්‍රේමයේ
ඇස් අගින් වත් ඇය
බලයි නම්
එක වරක් වත්
යලි සිනාසෙමි මේ ජීවිතේ
නිම්නයේ
වැතිරී තනිව හිඳිනෙමි
පැතුම් මිලිනව
ශේෂවූ ගිම්හානයේ
මතක මංපෙත් චිතකයක
ගිනිලූ පැයේ
සිත නොමළ මුත්
මා සිටිනුයේ
අද සුසානයකය ජීවිතේ
තරු ඇස්ද නොනිදන රාත්‍රියේ
ඇය සෙමෙන් පිය මැන
කරන හිරිහැර
සදයි කඩතොලු
ආත්මයේ
උන්මාදනීයවු ප්‍රේමයේ
ඇස් අගින් වත් ඇය
බලයි නම්
එක වරක් වත්
යලි සිනාසෙමි මේ ජීවිතේ

ගිම්හානයට වැහිපොදක්....
ReplyDeleteසුසානයට හොල්මනක්....
කඩතොලු ආත්මයට බදාමයක්...
ඔය ඇස් නැතත් පූජනීය දෑසක් ඔබටත් හිමි වෙයි
කෙදිනක හෝ.. ඉවසන්න හුරුවෙන්න..
පාලුවට සෙට් වෙන්න ඉඩදෙන්න...
ජීවිතේ විඳගන්න...
ලස්සනයි..
ReplyDeleteජීවිතේ සිහින මිය ගිය
ReplyDeleteනිම්නයේ
වැතිර ඔබ ඇයිද තව
ගිම්හානයේ
වස්සානය ඇවිත් අර ඈත
නිම්නයේ
මිලින වූ පැතුම් විකසිතව දිලේ
තරු දෙනෙත් දල්වා බලා
පිය නගනු මැන
අලුත් මල් ලොවක් සොයා
අදහස් පලකල හැමෝටම ස්තුතියි.
ReplyDeleteඇය නාවොත් හැමදාම සිනානොවී ඉන්නවාද? ඇයට ඇයගේ ජීවිතයක් ඇත. ඇය ඔබ දෙස ඇස් අගින්වත් බැලිය යුත්තේ ඇයි? ඇය ඇය වෙනුවෙන් සිටින සේම ඔබද ඔබ වෙනුවෙනි.
ReplyDeleteදුක්බර, වේදනාවෙන් පිරුන පදපෙලක්. ඒ හැඟීම් කියවන්නා ගේ සිතට කාවදින සේ දන්වන්න පදපෙල හසුරුවා ඇත.
ReplyDelete