දෑස් නිල් මල් විලේ පතුලටම කිමිඳෙමින්
උමතු දෑසින් ලංව දෙසවනට කොඳුරමින්
ආදරේදැයි මගෙන් අසන්නේ කිම මෙසේ
කියන්නේ කෙලෙසකද එය අකුරු හතරකින්
අහස සේ අනන්තව පැතිරිලා තියේ නම්
භාවනාවක් වගේ ගැඹුරු වී නිසල නම්
විශ්වයේ රිද්මයන් තරම් ගීතවත් නම්
කියන්නද මා කෙසේ වදනකින් එය ප්‍රියේ
සවන් දෙනු මැනවි ඔබෙ හදවතේ රිද්මයට
බිඳ දමා එහි අගුල් මුදා හැර අනන්තෙට
ඇසෙනු ඇත ! දැනෙනු ඇත ! ඒ ආදරේ මිහිර
කවියක්ව මෙතෙක් මා නොකී සවනට ලංව
උමතු දෑසින් ලංව දෙසවනට කොඳුරමින්
ආදරේදැයි මගෙන් අසන්නේ කිම මෙසේ
කියන්නේ කෙලෙසකද එය අකුරු හතරකින්
අහස සේ අනන්තව පැතිරිලා තියේ නම්
භාවනාවක් වගේ ගැඹුරු වී නිසල නම්
විශ්වයේ රිද්මයන් තරම් ගීතවත් නම්
කියන්නද මා කෙසේ වදනකින් එය ප්‍රියේ
සවන් දෙනු මැනවි ඔබෙ හදවතේ රිද්මයට
බිඳ දමා එහි අගුල් මුදා හැර අනන්තෙට
ඇසෙනු ඇත ! දැනෙනු ඇත ! ඒ ආදරේ මිහිර
කවියක්ව මෙතෙක් මා නොකී සවනට ලංව

ආදරය වචන ප්‍රකාශනයක් නොවේ. වචන ඇත්ත හෝ බොරු විය හැක.
ReplyDeleteආදරය වචන වලට ඔබ්බෙන් පවතින උල්පතකි. උල්පතක් තමා තුළින් ජලය උනන බව නොපවසන නමුත් පවස නිවාගන්නන්ට එය නොරහසකි.
කියන කතාවට මාත් එකගයි. ඒ අර්ථකතනය හරිම සාර්ථකයි. ඒවගේම සුළඟ ඔයාගෙ කවි ටිකත් ලස්සනයි.
ReplyDeleteලස්සන පදපෙලක්
ReplyDeleteහැමෝටම ස්තුතියි.
ReplyDelete