-->

Monday, June 21, 2010

ඔබට "ඔබ" හමුවී


කිසියම්ම දිනකදී
අහම්බෙන් මෙන් ඔබට
ආත්මික සිරුර තුල
"ඔබව" මුණ ගැසේවී

ඔබ සිතන සිතුම් හා
පැතුම් පිරිවරා ගත්
හදවතෙහි ඡායාව
එයම බව හැඟේවී

සිරුර හා ඉන් එපිට
බැඳුනු සීමා තොරව
ඡායාව දකින සඳ
තිගැස්මක් දැනේවී

පලා යායුතුද ඉන්
නවතිනුද කෙලෙසකින්
විපිලිසර ඔබේ හිත
වල්මත්ව හිඳීවී

දැනෙන බිය වැළඳ ගෙන
පලා ගිය හොත් එයින්
තනිකමේ ඝනඳුරෙන්
යලිත් ඔබ වෙලේවී

නැවතිලා මොහොතකට
‍රැඳී සිටියොත් ඉතින්
ප්‍රමෝදයෙ ප්‍රහර්ෂය
සිත වෙලා ගනීවී

2 comments:

  1. ඔයා ලියන කවි වල මොකක් හරි ගැඹුරක් තියෙනව ගොඩක් වෙලාවට මට තේරුම් ගන්න අමාරු වෙන. ටිකක් පැහැදිලි කරනවද මේ ගැන?

    ReplyDelete
  2. එය එසේ විය යුතු වුවත් ඒ කරා යන මාවත කෙබඳුදැයි කිසිවෙක්ම නොදනී. මං සලකුණු නොමැති මාවතක දිගු ගමනක වෙහෙසට අනන්තව හුරුවිය යුතුයි. ඒත් අවසානය නිරපේක්ෂ ප්‍රමෝදයක් වනු ඇතැයි විශ්වාස කරමු.

    ReplyDelete