-->

Thursday, June 17, 2010

මතකයන් අවදිව


සීතලට හීන් පිනි හිරි වැස්ස වැටෙනවා
කවුළු දොර ලඟ ඔබේ හිනා හඬ ඇසෙනවා
තත්පරෙන් තත්පරේ මතක පොත ඇරෙනවා
විදුලි ඉර සේ පෙනී ඡායාව මැකෙනවා

සිනා මුව මල් පිපී ලෝකයම දකිනවා
සිනා යට කඳුළු මල් ඉකි ගසා හඬනවා
සිය දහක් සෙනඟ මැද තනි කමක් හැ‍ඟෙනවා
යලි නො එන සිහිල් මද නලක සුව දැනෙනවා

සඳේ නැත සඳ එලිය ඝනදුරක වෙලෙනවා
අහිමි සුවඳක මතක මල් සුවඳ කියනවා
කඳුළු නිම්නයක තරු නැගේදෝ සිතෙනවා
හිතට හොර රහසේම චිතකයක් දැවෙනවා

2 comments:

  1. පේමතෝ ජායතී සෝකෝ කියල කියනවනෙ. මේ කවි පංතියෙන් කියවෙන්නෙත් ඒ ගැන හරිම අපූරුවට. තම ආදරණීයයාගේ වියෝවෙන් සිතට දැනුනු සන්තාපය අපූර්ව ලෙස කවියට නඟල තියනව.

    ReplyDelete
  2. නුබේ සිත යට
    දැවෙන චිතකය
    සැනසිල්ල ගෙනේ මැයි

    කඳුල පරදා හිනහෙන්න නුබ
    දිනක සිත
    හිනා වෙනවමයි....

    ලස්සනයි මැණික්

    ReplyDelete