වැහි කළුවර හැමතැනම. සුළඟ ඉකිලන හඬ අතු පතර අහගෙන ඉන්නෙ හරිම අසීරුවෙන්. හිමින් හඬා වැටුන සුළඟ දැන් මහ හයියෙන්ම වැලපෙන්නෙ ලෝකයම අතුගා දමන්න වගේ. සිරි සිරි ගගා පිනි පොද වගේ වැටෙන්න පටන් ගත්තෙ සුළඟට උරුම කඳුළු වෙන්නැති කියල මට හිතුනා. ගහ කොල නැමි නැමී ඇඹරෙමින් දඹ පාට ගැසුන කොල සේරම බිම දමන්නෙ හරියටම සුළඟ අඬනවට තරහෙන් වගේ. පාළුම පාළු මාවතේ කවුරුවත්ම පේන තෙක් මානයක නැහැ. බොඳවුන කහ එලිය විහිදමින් ඉඳහිට යන වාහනයක් "චරා....ස්" ගාගෙන වැහි වතුර උඩින් පියාඹනවා. සසල සුළඟ අරන් ආ සීතල ඇට මිදුලු පාරන්න පටන් අරන්. මොකට ඔය තරම් අඬනවද මන්දා. පරිසරය එක්ක මගෙ හිතත් සුසර වෙන්න පටන් ගෙන. පාළු අඳුරු මතක අහු මුලු අස්සෙන් එබිකම් කරනවා සීතල කඳුලු එක්ක. ජනේලයට මුහුන ඔබා ගෙන මම බලාගෙන හිටියා වැහි කඳුළු ඇද හැලෙන හැටි.
සීතල පොලොව මත
පිනි පොද වැටී ඉසිරෙන
බලා ඉන්නෙමි මම
කවුරුන්ම හෝ නැති
පාළු නිශ්චල යාමෙක
ගව් ගනන් ඈතක
සිතිවිලි සිරවු මොහොතක
මගේ නෙතු තුල ඔබ
යලිදු මතුවේ
කඳුලු පොද ලෙස
මේ මුලු පොලොව මත
කිසිවෙක් ඇතිද එක ලෙස
ඔබ තරම් මා ගැන
සෙනේහයකින්
ලංව සිටි පෙර
මීදුමකි ඔබ අද
සිත් අහස තුල පාවෙන
කඳුලක සිරව ගෙන
පොලෝ මතු පිට
හඬන මල මම
යලි ඔබ දකින්නට
වරම් නැත මට මේ ලොව
මගෙ සිනාවන් තුල
කඳුල ඉකිලනු
කවුරු දුටුවෙද
ජීවිතය තුල නෙක
පාට තවරා ගන්නට
වෙර දරමි හැකි ලෙස
පරව ගොස් ඇති
නමුදු අද සිත
කඳුලු පිනි පොද වැස්සට
පාට සේදෙයි හනිකට
එබෙමින් මගෙ හිතට
කිමද හිනැහෙනු
සරදමින් මට
පාලු මාවත් තුල
ඇවිද යන්නෙමි තනිවම
සෙවනැල්ල සේ පෙර
ඉන්න මා ලඟ
මගේ තනියට
ජීවිතය දිගු ගමනකි
නැතිව ඔබ එය අරුමෙකි
සසර මග දිනකදි
මුන ගැසේවිද
උපන්නොත් යලි ????
පිනි පොද වැටී ඉසිරෙන
බලා ඉන්නෙමි මම
කවුරුන්ම හෝ නැති
පාළු නිශ්චල යාමෙක
ගව් ගනන් ඈතක
සිතිවිලි සිරවු මොහොතක
මගේ නෙතු තුල ඔබ
යලිදු මතුවේ
කඳුලු පොද ලෙස
මේ මුලු පොලොව මත
කිසිවෙක් ඇතිද එක ලෙස
ඔබ තරම් මා ගැන
සෙනේහයකින්
ලංව සිටි පෙර
මීදුමකි ඔබ අද
සිත් අහස තුල පාවෙන
කඳුලක සිරව ගෙන
පොලෝ මතු පිට
හඬන මල මම
යලි ඔබ දකින්නට
වරම් නැත මට මේ ලොව
මගෙ සිනාවන් තුල
කඳුල ඉකිලනු
කවුරු දුටුවෙද
ජීවිතය තුල නෙක
පාට තවරා ගන්නට
වෙර දරමි හැකි ලෙස
පරව ගොස් ඇති
නමුදු අද සිත
කඳුලු පිනි පොද වැස්සට
පාට සේදෙයි හනිකට
එබෙමින් මගෙ හිතට
කිමද හිනැහෙනු
සරදමින් මට
පාලු මාවත් තුල
ඇවිද යන්නෙමි තනිවම
සෙවනැල්ල සේ පෙර
ඉන්න මා ලඟ
මගේ තනියට
ජීවිතය දිගු ගමනකි
නැතිව ඔබ එය අරුමෙකි
සසර මග දිනකදි
මුන ගැසේවිද
උපන්නොත් යලි ????

ලස්සනට ලියලා බොහොම හැඟීම ඇතිවම. පරන යමක් මතක් වෙලා, අර සුළං රැලි සහ වරුසාව එක්ක ඒ පැත්තටම ගහගන ගිහින් වගේ...:D
ReplyDeleteඅහිමි වුණු ආදරය හැමදාම පවතියි. එහෙත් හිමිවූ ආදරය අවසන් වීමට නියමිතයි. ඒක නිසා අහිමි වූ ආදරය සමග මිනිසුන් හිතින් වෙළී ඉන්නව. එක ආදරයක් හෝ කෙනෙක්ට අහිමි වීම එක අතකින් හොඳයි. ඒ පිළිබඳ මිහිරි සිතුවිල්ලක්වත් හැමදාම සිත තුළ තියෙන නිසා.
ReplyDeleteවැටෙන පොද වැස්ස
ReplyDeleteබිදු බිදු ගෙනා සිසිලස
සිත අරන් ගියා මගෙන් දුරක
මුතු වැස්සේ මතක අතර..
ඔයාගේ මේ මොහොතේ මාත් ඉන්න තරමට හිතට දැනුනා...
ReplyDeleteහරිම ලස්ස්නට ඒ මටත් නොතේරෙන හැඟීම කියවිලා....
(නිතර යමක් අකුරු නොකලට ඔබව කියවන්නේ හරිම ආසාවෙන්...)
ස්තුතියි හැම කෙනෙක්ටම මාව බලල යන්න එනවට. වෙන වෙනම උත්තර නොලිව්වට අමනාප නැහැනේ. .
ReplyDeleteමැණික්
නොලද දේ ලද දේට වඩා සිතතුළ රැඳෙන්නේ ඇයි කියන එක තමයි ප්‍රශ්නය.. එක අපි හැමටම පොදුයි
ReplyDeleteවැස්ස... සිතුවිලි සුසර කරන අපූරුව...
ReplyDeleteහරිම ලස්සනයි මැණික්.