Bonavista කියන්නේ කැනඩාවේ Newfoundlad ප්‍රාන්තයේ ඇති අත්ලන්තික් සාගරයට මායිම්ව පිහිටි සොඳුරු දසුන් පිරි නගරයක්. Trans Canada Highway එක දිගේ අවට සිරි නරඹමින් පැය දෙක තුනක් ගිය ගමන අතර මැද අමුත්තෙකුත් මුන ගැසුනා.
කළු නරියෙක්!!!. අනේ ඒත් බය වුන අහිංසක මුහුනක් මිසක් අර කතන්දර පොතේ කියන කපටි මුහුනක් නම් මට පෙනුනෙ නැහැ. පාර හරහා යන්න ඇවිත් ලොකු අමාරුවක වැටිලයි ඌ හිටියේ. හැම කෙනෙක්ම වාහන නවත්වගෙන එයා දිහා බලන්න ගත් නිසාද මන්දා හොඳටම කළබල වෙලා.
ඉතිහාසයේ සඳහන් අන්දමට Bonavista නගරය ගොඩ නැගී ඇත්තේ අවුරුදු මිලියන 600 කට ඉහත පැවති ප්‍රාක්කේම්බ්‍රීය යුගයේ (Precambrian Age) අවසාධිත නිධි (sedimentary deposits) මතයි.
Lance Cove සහ Bonavista නගර යා කරන මාවත දිගේ යන විට ස්වභාවයේ සොඳුරු කැටයමක් වූ මුහුදු උමඟක් (Dungeon) දක්නට ලැබෙනවා.
ආසන්න වශයෙන් අඩි 300ක් පමණ හරස්කඩක් ඇති වෘත්තාකාර සිදුරු දෙකකින් යුතු මුහුද දෙසට යොමුවූ මෙම උමඟ තුලින් මුහුදු වතුර ගලා එනවා. බලන්න ලස්සන ස්වභාවයේ සොඳුරු දසුන්...!!! එහෙම නේද?
හරිම ලස්සන ලිපියක්. මම ආසයි කැනඩාවේ ඇවිදලා බලන්ට. මම ආසම රටක් හැබැයි ගොඩක් ඇවිදපු රටක් නෙමේ.
ReplyDeleteඅර කලු නරි මොටාව නම් ගෙදර ගෙනියන්ටම හිතුනා...:D
හැමදේටම වඩා කැහැටු ගැහුණු නරියා ලස්සනයි.මට ඒ සතා ගැන හරිම අනුකම්පාවක් දැනෙනවා.අපේ වත්ත කෙලවරේ ලොකු ගල් පර්වතයක් තියෙනවා.පැරණි රජ යුගයට සම්බන්දයි.බැලුම් ගල කියලයි කියන්නේ.මම පොඩි ළමයෙක් කාලයේදී ඒ ගල් පර්වතය අවට නරි රංචුවක් ගැවසුණා.උන් නම් ලා දුඹුරු පාටයි.අපේ ජන කතාවල කියවෙන විදිහටම උන්ගේ නම් කපටි පෙනුම හොඳට තියෙනවා.
ReplyDeleteමුහුදු උමග තියෙන තැනනම් හරිම ලස්සනයි අක්කේ....
ReplyDeleteහ්ම්..ම් හැබැහින් බලන්න ආසයි
ReplyDeleteලංකාවේ නම් කතන්දර වල ඉන්න නරියෝ ඔක්කොම පාර්ලිමේන්තුවට ගිහින් නේ.. ඉතින් දන ඉන්න නරින්ට ලංකාවෙත් කපටිකම් ඉගෙනගන්න වෙන්නේ පාර්ලිමේන්තු ගිහින්..
ReplyDelete