-->

Monday, September 5, 2011

"තඹර විල"

"ජීවිතය අපතේ ගියේ යැයි මම සිතා සිටියෙමි. එහි භයානක හිස් බව මා තුළ පශ්චාත්තාපයක් ජනිත කර තිබිණි. මම වියරු තනි කමකින් පෙළුණෙමි. එය හුදකලාව නොවේ. තනිකම හා හුදකලාව අතර වන සුවිශාල අවකාශය මා හඳුනාගත්තේ පසුවය. මම දැන් හුදකලාව වෙසෙමි. එහෙත් කිසිදු තනිකමක් මට නොදැනෙයි. හුදකලාව අතිවිශාල ප්‍රීතියක් සහ සුන්දරත්වයක්. මේ නිහඬ බව සහ සාමය පැවැත්මේ සාරය ලෙස දකිනවා වෙනුවට අප එය වරදවා තේරුම් ගෙන තිබෙන්නේ "තනිකම" හැටියටය."
"ජීවිත කාලය තුළදී පුද්ගලයන් ඇතුළු බොහෝදෑ "හොඳ හා නරක" වශයෙන් වර්ගීකරණය කරන්නට අපි බොහෝ ඉක්මන් වෙමු. මේ වර්ගීකරණයේදී අපට වැඩියෙන්ම පෙනෙන්නේ මිනිසුන්ගේ වැරදිය. අනුන්ගේ වැරදි නිසා හටගන්නා ළතැවුල් වලින් මිරිකෙමින් ජීවිත කාලය පුරාවටම අපි හෙම්බත් වී සිටිමු. අප තුළ වන ඒ පීඩනය අප විසින් හඳුනාගනු ලබන්නේ "ශෝකය" ලෙසය. එය "ද්වේෂය" යැයි අපට සිතෙන්නේම නැත. එහෙත්, අපේ සියලු දුක්පීඩා අත්හැර නොයමින්, ඒ හා වෙළී බැඳී පැටලී පවතින්නේ ද්වේෂය මිස දයාව හෝ කරුණාව නම් නොවේ. ඒ ශෝකයට වගකිව යුත්තෙකු සොයන්නට අපේ සිත සෑම විටම උත්සුක වන හෙයිනි.
තවත් අතකින් වරද හෝ පාපය ලෙස අප බොහෝවිට දකින්නේ අපේ සමීපතමයන්ගේ ලිංගික ක්‍රියාකාරකම්ය. විසිහතර පැය පුරාම හැලහැප්පීම් වලින් ගහණ ජීවිතයක් ගෙවා දැමීමට අපට සිදුවන්නේ එහෙයිනි. අනෙකා පූර්ණ වශයෙන් අයිති කර ගැනීමේ බලහත්කාර සිතිවිල්ල ඒ සඳහා අප මෙහෙයවයි. විවාහය උත්තරීතර ආධ්‍යාත්මික තත්වයක් ලෙස නිර්වචනය කරනු අසන්නට අප කැමති වන මුත් ප්‍රායෝගිකව අප එතැන නැත. අපි සෑම විටම විවාහය ශාරීරික මට්ටමේ පවත්වා ගැනීමට වෙහෙසෙමු. අහඹු ලිංගික සම්බන්ධතා අපේ ජීවිත මුළුමනින්ම කඩා බිඳ හෙලන්නේ එහෙයිනි. විවාහය සිදුවන්නේ ශරීර දෙකක් අතරය යන මිථ්‍යාවේ ‍රැඳී සිටින අපි, කිසි විටකත් මේ භෞතික තලය ඉක්මවා යාමට අසමත් වෙමු.
අසම්මත ලිංගික ගනුදෙනුව අපචාරයක් වේවා, පාපයක්ම වේවා එහි විපාක අත්විඳින්නේ, ඉන් පීඩනයට පත්වන්නේ වරදේ බැඳුනු පුද්ගලයාද නොවේ. අරුමය ඇත්තේ එතැනය. වරදේ බැ‍ඳෙන්නේ කිසිවෙකි. විඳවන්නේ අනෙකෙකි. මේ පීඩනය අප අඬ ගසා ගත්තකියි මම සිතමි. සතුට සොයා යන අප බෙලහීනව පසු බසින්නේ, ළතැවෙන්නේ මේ සාවද්‍ය සංකල්පීය පදනමෙහි සිට ජීවිතය දකින්නට උත්සාහ කිරීම නිසා බව මට දැන් නම් බොහෝ දුරට වැටහෙයි. ආසියාතික කාන්තාවකට පීඩිත මානසිකත්වයකින් යුතුව ජීවිත කාලයක් ගෙවා දැමීමේ පදනම බහුල වශයෙන් සකස් කරන මෙවලම මෙය වන බව මට කීවේ භාරත්චන්ද්‍රය. අප ජීවත් විය යුතු වන්නේ අප සඳහා බව නිතර සිහි කිරීම ආත්මාර්ථය නොවන බව ඔහු මට පෙන්වා දුන්නේය. එය පරාර්ථය සඳහා විවර වන දොර කවුළුවක් වන අයුරුද ඔහු මට පැහැදිලි කළේය. මම ඒ නව මානයෙන් ලෝකය බැළුවෙමි. ජීවිතයේ ප්‍රති නිශ්පාදන ක්‍රියාවලිය ඇරඹී ඇති බවක් මට හැ‍ඟෙන්නට වුණේ එතැන් සිටය."

ඉහත උපුටා දක්වා ඇත්තේ කැත්ලීන් ජයවර්ධන නම් ප්‍රවීන ලේඛිකාවගේ "තඹරවිල" ( ප්‍රථම මුද්‍රණය 2006, මිල රුපියල් 250) නම් කෘතියෙහි සඳහන් කොටසකි. ඇය විසින් මෙම කෘතිය Lotus Pond නමින් ඉංග්‍රීසි බසටද පරිවර්තනය කර ඇත. රට පිළිගත් මහාචාර්යවරයෙකුගේ බිරිඳක්ව ලොවට නොපෙන්වන ඔහුගේ දුර්වලකම් අබිමුව හඬා වැටෙන ස්ත්‍රියකගේ සිත මනාව විහිදා දක්වන මෙම කෘතිය ලේඛිකාවගේ ප්‍රතිභාව මනාව පෙන්වන කැඩපතක් බඳු යැයි මට සිතේ.

11 comments:

  1. thanks...4 post very nice.Yes..This book one of my fav.book. thanks again
    rejeka76@yahoo.com

    ReplyDelete
  2. අනර්ඝ ලිපියක්. අන්තර්ගත කරුණු සැබෑය...

    ReplyDelete
  3. අක්කා සැහෙන්න පොත් කියවන පාටයි... ගොඩක් ස්තුතියි අපිවත් දැනුවත් කලාට..

    ReplyDelete
  4. විවාහය කියන්නෙ උමතුවෙන් ගන්නා තීරණයකි. තවෙකෙකු අයිතිකරකර ගන්න හිතන එක පවා උමතු සිතුවිල්ලකි.

    ReplyDelete
  5. පොත හොයලා කියවලා බලන්ට හිතුනා ඔයාගේ විස්තරේ දැක්කාම.

    ReplyDelete
  6. මැනික්!!! මට ඔයාට කමෙන්ට්ස් දාන්ට බැරි මොකද?

    ReplyDelete
  7. මීට අවුරුද්දකට විතර කලින් නුගේගොඩ සරසවියෙන් අරගෙන ආවට වචනයක් වත් නොකියවා පොත් රාක්කෙ උඩින්ම තිව්වා පස්සෙ කියවන්න ඕන කියල. ඒත් ඒ දවස තාම ආවෙ නෑ. මොකද මංදා.

    ReplyDelete
  8. ම්.. ඔන්න අද තමයි ගොඩක් දවසකින් ආයෙමත් පිළිවෙලකට ලියන්න පුලුවන් කමක් ලැබුනේ. ස්තුතියි හැමෝටම.
    @Podi Kumarihami මොකෝ බැරි ඔය කමෙන්ට්ස් වැටෙන්නේ.

    මැණික්

    ReplyDelete
  9. (මට පොත් ගන්න තියෙන ආසාව නම් බොහෝමයි.)
    ඒත් අන්තිම කාලේ මේ එක එක ගැජට් හින්දා ඊ බූක් නේ අපි කියවන්නේ. සිංහලෙන් මේ වගේ පොත් කියවන්න අපි පින් කරලා නැතිව ඇති.
    පසුගියදා මගේ උපන්දිනේට හම්බ වෙච්ච ගාසියා මාකස්, කෝයියෝ හෙමත් තාම පෙරලලාවත් නෑ මේ ටෙක් ගැජට් හින්දා.)
    හෙට අනිද්දාට පොතේ සුවඳ බල බලා අපි කවුරුත් කියවන එකක් නෑ කියලා තමයි හිතෙන්නේ. ඒක ගැන නම් දුකයි.

    ReplyDelete
  10. අනර්ඝ උපුටනයක් මැණික්. මම මේ පොත කියවලා නැහැ.
    මේ කොටස ලබ‍ා දිය යුතුම කිහිපදෙනෙකු අතට මෙය දෙන්නම්.

    ReplyDelete
  11. //තමන් පිලිබඳ තම යහපත පිලිබඳ නිතර මෙනෙහි කිරීම ආත්මාර්ථය නොවේ //

    හුදෙකලාව යනු තනිකම නොවේ එය සුන්දර විඳිය යුතු දෙයක්

    මේ කතා දෙකම සහතික ඇත්ත .ආසියාතික ගෑනු මේක අවබෝධකර නොගන්න එකත් සහතික ඇත්ත

    ReplyDelete