නොහිම්වූ සෙනෙහසින්
මගේ හිත පුරා 'ඔබ'
සොයන විට
ජීවිතය ගීතයක් වූ සේය
ගොළුව ගිය වදන් පෙළ
පෙරලි කරනා සිතට
ආදරය ලෙලෙන පහනක් සේය
"රෝමියෝ මොන්ටේගු"
ඒ මගේ ජීවිතයවූ නමය.
නිසදැසක පදවැලක
මටද නොදැනී හොරෙන්
සැඟව සිටිනා නමය.
"රෝමියෝ මොන්ටේගු"
ආදරය "ආදරය"
පමනක්ම වූ කලක
මරණයේ දෑත් ගෙන
ලංව වුන් නිමේශයෙ
ඒ ඔබට මා අමතනා නම ය
මහද තුල සුසුමකට
ඉඩක් නොතබන නමය
අපූරුයි....
ReplyDeleteලස්සනයි අක්කේ...
ReplyDeleteරෝමියෝ අමතන ජුලියට් අපූරු නිර්මානයක් නංගී. නිර්වයාජ සිතුවිල්ලක් ලස්සනට කැට් කරල ලියල. ඔබට ජයම පතනවා.
ReplyDeleteරෝමියෙක් මොකටද
ReplyDeleteජුලියට් කෙනෙක් නැතිනම්
වීණා වයන්නම්
රෝමය ගිණි ගන්නකම්