-->

Thursday, May 5, 2011

"පාවට්ටා ඔසුවකි සනසන සිරුර"

පාවට්ටා ශාකය ආඩ‍තෝඩ, වං ඇපල වගේම අගල්ලාදර කියලත් හඳුන්වනවා. විද්‍යාත්මක නාමය වෙන්නේ Justicia adhatoda. ගම්වල බඩවැටි වල වගේම වගා බිම් වල වැටට ගොවියෝ මේ ශාකය වගා කරන්නේ ලෙඩට දුකට නැතිවම බැරි ඖෂධයක් බව දන්න නිසයි.
"ඉඟුරු දුරු ඈ යුතු - ගෙමිදුල් වගා කළයුතු"
කියල ඉස්සර විවාහ අපේක්ෂක යුවතියන්ට දුන් අවවාද අනුව ඒ කාලේ බොහෝ ගෙවල පාවට්ටා ශාකය ගෙවත්තේ කොහේ හරි කොනක සි‍ටුවා තිබුනා. ඒකට විශේෂ හේතුවකුත් තිබුනා.  අළුතින් දරුවෙක් ඉපදුන ගෙදරක සතියක් දෙකක් යනතුරු පාවට්ටා කොල තම්බල අම්මව නාවන ගම් වල පැවතුන සිරිත නිසයි ඒ. දැන් නම් ඒ සිරිත ටිකෙන් ටික ගම් වලිනුත් ඉවත් වී ගෙන ගියත් පාවට්ටා සිංහල වෙදකමේදි නම් තවමත් නොවරදවාම භාවිතා වන ඖෂධයක්. කසාය තම්බන කොට වෙදමහත්මයා මේ ශාකයේ කොළ, පොතු, මුල්, නැටි වගේම සමහර ලෙඩ වලට මල් පවා යොදාගන්න කියල කසාය වට්ටෝරුවේ ලියල තියනවා කසාය බිව්ව අයට මතක ඇති. විශේෂයෙන් ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝග වලටත් රත් පිත් රෝග වලටත් සිංහල වෙදකමේදි පාවට්ටා භාවිතා කරනවා. ඒ වගේම පලිබෝධ නාශක ගුණයකුත් මෙහි තියන බව පැරණි ගොවියන් දැන සිටියා. මේ නිසා කෘමි නාශක වෙනුවට මේ වගේ ස්වභාවික පරිසරයෙන් ලබා ගත් සිරුරට වස විසක් නැති දේ අපේ ගොවියෝ ගොවිතැනේදි යොදා ගත් නිසයි පරිසරය වගේම අපේ සෞඛ්‍යයත් ඒ දිනවල වඩාත් සු‍රැකුනේ.

5 comments:

  1. අපේ දේවල් වල තියන ගුණේ අපේ අයම දන්නෙ නැහැ......... හොඳ ලිපියක්.......

    ReplyDelete
  2. අපේ දේ ගැන කියවෙන වටිනා ලිපියක්. ස්තූතියි නංගි.

    ReplyDelete
  3. ගොඩාක් වටිනා ලිපියක් අක්කේ...

    ReplyDelete
  4. පාවට්ටා ඔසුවක් කියල නම් දන්නවා. ඒත් මෙච්චර විස්තරයක් නම් දන්නෑ. ස්තුතියි යාළු අපිටත් මේ ගැන කියා දුන්නට

    ReplyDelete
  5. ස්තුතියි හැමෝටම.
    මැණික්

    ReplyDelete