"සෑම තරුණයකුගේම ජීවිතයේ "සෙල්මා" කෙනෙක් ජීවත් වෙයි. ජීවිතයේ වසන්ත සමයේදී හදිසියේ ඔහුට මුණ ගැසෙන ඈ, ඔහුගේ හුදෙකලා බව සතුටින් පිරි මොහොතවල් බවට පෙරළයි. ඔහුගේ රාත්‍රී කාල වල ඇති නිහඬතාව සංගීතයෙන් පුරවාලයි.
සෙල්මාගේ තොල් අතරින් ප්‍රේමය මගේ දෙසවනට කොඳුරන ආකාරය මට ඇසෙන විට, මම ගැඹුරු සිතිවිල්ලේ වෙළී, අවලෝකනයේ නිමග්නව සොබාදහමේ අරුත වටහා ගැනීමටත්, ධර්ම පුස්තකවලින් සහ වෙනත් පොත් වලින් එළිදරව් කරන්නා වූ දෑ වටහා ගැනීමටත් උත්සාහ දරමින් සිටියෙමි. ආලෝක කදම්බයක් මෙන් සෙල්මා මා අබියස සිටගෙන සිටින බව දුටු මොහොතේ, මගේ ජීවිතය පාරාදීසයේ ආදම්ගේ ජීවිතය මෙන් හිස්වූ විස්මෘති ස්වභාවයකට පත්ව තිබිණ. ජීවිතයේ අරුත මට අවබෝධ කරවා රහස්වලින් හා විස්මයන්ගෙන් මගේ හද පුරවාලූ ඈ, මගේ හදවතෙහි ඊවා බවට පත් වූවාය.
පළමු ඊවා ඇයගේම කැමැත්තට අවනතව ආදම් පාරාදීසයෙන් පිටතට කැඳවාගෙන ගියාය. එහෙත් සෙල්මා ඇයගේ මුදු මොළොක්භාවයෙන් හා ප්‍රේමයෙන්, පවිත්‍ර ප්‍රේමයේ හා යහපත්භාවයේ පාරාදීසය තුළට, මගේ කැමැත්ත ඇතිවම මා ඇතුළු කරවූවාය. එහෙත් පළමු මිනිසාට සිදුවූ දෙයම මටද සිදුවිය. ආදම් පාරාදීසයෙන් නෙරපා දැමූ කෝපාවිෂ්ට ඒ අසිපත, තහනම් ගසෙහි පල රස නොබැලුවද, කිසිදු අණකට අකීකරු නොවූවද, දිලිසෙන මුවහතින් මා බියපත් කොට මගේ ප්‍රේමයේ පාරාදීසයෙන් මා බලෙන් පිටමං කළා වූ අසිපත හා සමාන විය.
වසර ගණනාවක් ගතව ගිය පසුව අද දවසේද මගේ හද ගැඹර ශෝකයෙන් පුරවාලමින්, මගේ දෙනෙතට කඳුළු රැගෙන එන්නා වූ මා වටා සැලෙන අදෘශ්‍යමාන පියාපත් වැනි, වේදනාකාරී මතකයන් හැර, ඒ සුන්දර සිහිනයෙන් මට වෙන කිසිවක් ඉතිරි වී නැත. මගේ ආදරණීය සුරූපී සෙල්මා මිය ගොස්ය. දේවදාර ගසින් වට වූ සොහොන් ගැබක්ද, මගේ බිඳුණු හදවතද හැර ඇය අනුස්මරණය කිරීමට වෙන යමක් ඉතිරි වී නැත. සෙල්මා වෙනුවෙන් සාක්ෂ්‍ය දැරීමට ඉතිරිව ඇත්තේ ඒ සොහොන් ගැබත් මේ හදවතත් පමණි.
මිනී පෙට්ටියේ අඳුර තුළ සඟවා ඇති දෙවියන්ගේ රහස, සොහොන් ගැබ මුර කරන නිහඬතාවය එළි නොකරයි. මළ සිරුරෙහි මූල ධාතූන් උරාගන්නා, මුල් ඇති ගසේ අතු නඟන සර සර හඬ, සොහොන් ගැබෙහි ඇති අබිරහස් ගැන නොපවසයි. එහෙත් මගේ හදවතෙහි දැඩි වේදනාවට පත් සුසුම්, ප්‍රේමයත්, සුන්දරත්වයත්, මරණයත් එක්ව රඟ දැක්වූ මේ නාටකය පිළිබඳව ජීවත් වන්නවුන්ට හඬගා කියනු ඇත.
බීරුට් නගරයේ විසිරී සිටිනා මගේ යොවුන් වියේ මිත්‍රවරුනි! ඔබ, පයින් කැලෑව අසල ඇති එම සොහොන් බිම පසු කර යන විටක, නිහඬව එහි ඇතුළු වී, මළවුන්ගේ නින්දට බාධා නොවන සේ සෙමෙන් පියවර තබා ගමන් කර, නිහතමානීව, සෙල්මාගේ සොහොන් ගැබ අසල නතර වන්න. ඇයගේ මිනිය වසා සිටින පස් ගොඩට ආචාර කරන්න. ගැඹුරු වූ සුසුමක් සමඟ මගේ නම සඳහන් කර ඔබටම මෙසේ පවසන්න. "ප්‍රේමයේ සිරකරුවකු ලෙස සමුදුරෙන් එතෙර වසන්නාවූ ජිබ් රාන්ගේ සියලු බලාපොරොත්තු මෙහි මිහිදන් කරවීය. මේ ස්ථානයේදී ඔහුට සතුට අහිමි වී, ඔහුගේ කඳුළු සිඳී, ඔහුගේ සිනාව ඔහුට අමතකව ගියේය"
ඉහතින් දක්වා ඇත්තේ ආනන්ද අමරසිරි මහත්මයා විසින් "බිඳුණු පියාපත්" ලෙස පරිවර්තනය කළ 1883 දී ලෙබනනයේ බවේරි ගමේ උපන් ඛලීල් ජිබ් රාන් (Kahlil Gibran) කවියා විසින් රචිත The Broken Wings නම් කෘතියෙහි පෙර වදනෙන් කොටසකි. බෙහෙවින් සම්භාවනාවට පාත්‍රවූ නිර්මාණ බිහිකළ විසිවන සියවසෙහි ගත් කතු වරුන් අතරින් එක් අයකු සේ මෙම කවියා පෙරදිග මෙන්ම අපරදිග සංස්කෘතීන් විසින්ද පිළිගනු ලැබේ. සොඳුරු කවියක්සේ ඔහු විසින් රචිත මේ කෘතිය ඔබ නොවැරදීම කියවිය යුත්තකි. කෘතිය පරිවර්තනය කළ ආනන්ද අමරසිරි මහත්මයාට මගේ ගෞරවාදර ස්තුතිය!!!

ම්ම්ම් බලමු ආයි පොතක් ගන්න ගියාම මේකත් හොයල බලමු :)
ReplyDelete