අදත් බන්ධනාගාර කතාවක්. මේ කතාවෙ කතා නායිකාවට අපි සුමනා කියලා කියමු. ඇගේ මුහුනෙ නම් සතුටක සේයාවක් වත් නැහැ. මලානික වුන ඇස් අග කඳුළු.
"මොකද්ද සුමනා වුනේ?"
මගේ ප්‍රශ්නයට ඇය එකවර පිළිතුරු දුන්නෙ නැහැ. මොහොතක් මගේ මුහුණ දෙස බලා සිටියා.
"ඇයි, කියන්න අකැමැතිද?. එහෙම නම් කමක් නැහැ."
අකැමැත්තෙන් ඇගේ තොරතුරු අහන්න මට සිත් දුන්නේ නැහැ.
" නැහැ, මම කැමතියි කියන්න. මමත් දන්නේ නැහැ මට එහෙම වුනේ ඇයි කියලා. මගේ වයස දැන් පනස් දෙකයි. වින්නඹු සේවිකාවක් විදියට වැඩ කලා. අවුරුදු විසි දෙකේ ඉඳලා දෙමව්පියෝ සහෝදරයෝ මට විවාහ යෝජනා හෙව්වා. ඒත් ... ඒ එකක් වත් හරි ගියේ නැහැ."
තවමත් ඇය කෙරෙන් ළඳකගේ සොඳුරු බව දක්නට ලැබෙයි. එසේනම් විවාහයක් හරි නොගියේ ඇයි?
"ඒ කියන්නෙ තවමත් ඔයා අවිවාහකද?"
" ඔව්, නීතියෙන් අවිවාහක. විවාහ වෙන්න නොලැබුනේ මගේ කේන්දරේ ප්‍රශ්නයක් නිසා. ඒකට ගැලපෙන එකම කේන්දරයක් වත් ලැබුනේ නැහැ. කේන්දර නොගැලපී විවාහ වෙනවට ඒ අය කැමති වුනේ නැහැ. අන්තිමට මට විවාහ හෙවිල්ල ඒ අයටම ඇතිවුනා. ඔහොම ගිහින් බැරි තැන අවුරුදු හතලිස් හයේදි මමම එකක් මගේ කැමැත්තට හොයා ගත්තා."
"ඉතින්, ගෙදරින් ඒකට කැමති වුනාද?"
මගේ ප්‍රශ්නයට ඇය නිහඬය. අසරණ බැල්මකින් මදෙස බලා සිටී.
"කියන්න විදියක් තිබුනේ නැහැ. එයා බැඳපු කෙනෙක් බව දැන ගන්න කොට මට ළමයෙක් ලැබෙන්න හිටියේ. කොහොම කියන්නද?. අන්තිම වෙන කම් එයා හැම දෙයක්ම හැංගුවා. ළමයෙක් ලැබෙන්න ඉන්නවා කියල දැන ගත්තම මාව මග හැරලා යන්න ගියා."
දෙනෙත් අග නැගුන කඳුළු පිසලමින් ඇය මදෙස බලයි.
"ඉතින්...?"
"විවාහ නොවී ළමයෙක් ඉන්න එකේ පල විපාක නෝනා දන්නවනේ. ගෙදරට මුහුන දෙන්න, වගේම ඒ අයට වෙන ලැජ්ජාව ගැන මම ලොකු බයකින් හිටියේ. ඒ වෙන කොට ළමයා ඉපදින්න කලින් නැති කරන්න විදියක් තිබුනෙත් නැහැ. අන්තිමට කාටත් හොරෙන් ළමයා ලැබෙන කොට ......"
ඇය ඉකි බිඳියි.
" .....ළමයා මගේ අතින් නැතිවුනා. මම මොනව කරන්නද? ඒ වෙලාවෙ මට ඇතිවුන දුක, වේදනාව ලැජ්ජාව අනිත් හැම දෙයක්ම යට කර ගෙන ආවා. ඒත් වැරදි කරලා ගැලවෙන්න බැහැනේ. අන්තිමට ඒක එලි වුනා."
"මොනව කරන්නද? දැන් හිත හදාගන්න. මේ දඬුවම් කාලේ ඉවර වුනාම ඔයාට ගෙදර යන්න පුළුවන්නේ." මගේ ඒ වචන වලින් ඇගේ දුක නොනිවෙන බව වැටහුනද මම එසේ කීමි.
"ආයෙමත් මට එහේ යන්න බැහැ. අය්යලා ඒකට කැමති වෙන එකක් නැහැ."
පිළිසරණයක් අයදිනසේ ඇය මදෙස බලයි. මම සිතමි.
වැරැදී ඇත්තේ කොතනද?
සමාජ සම්මතයන් අතර හිර කල ඇය, ස්වාභාවික ආශාවන්ට යටවීම වරදක්ද?.
ඇය රැවටූ "ඔහු" ට මෙහි වගකීමක් ඇත්තේම නැතිද?.
දඬුවම් දිය යුත්තේ අවසාන වරදට පමණක්ද?.
පව් කාරයාට පමණක් ගල් ගසා සතුටු වෙමුද?
මේ සියල්ල සිදුවන්නේ මේ අති උතුම් දහම් දිවයිනේමය.

බොහොම කනගාටුයි.ලෝකෙන් උතුම් රටේ නීති පද්දතියෙ බොහෝ අඩු පාඩු තියෙනවා.ඒත් කාට කියන්නද?
ReplyDeleteහිරේ ඉන්න ඕනි උන් තමයි නීති හදල තියෙන්නෙත් දඞුවම් නියම කරන්නෙත්.
ReplyDeleteහරිම දුක්බර කතාවක්
ReplyDelete