-->

Wednesday, November 24, 2010

"සිනාසෙන කඳුළු"

සිනාසෙන්නේ කිමද මෙතරම්
කඳුළු මල් දසතම දිලෙන කල
ගිලිහුනොත් ඒ එක මලක පෙති
අනෝරා වැස්සක් හැලේවිද

වලාකුළු සයනයක සැතපී
නිදන්නට සුව සිහින දකිමින්
වරම් නැති බව නොදන්නෙද ඔබ
හොරු අරන් ගොස් සිහින පෙර කල

නෙලන්නට මල් අනවතත් විල
කිමද මෙලෙසින් දෑත් දිගු කර
පතොක් විස ක‍ටු ඇනුන දෙපයේ
රිදුම් අමතක වුනේ කෙලෙසද

අයා අහසට යොමා නෙතු යුග
අයැද ඉන්නේ කිමද සිසිලස
විඩාපත් මහ පොළොව විලසට
ඉරි තැලුන හද නැතිද සැනසුම

ගයා ගීතය නැගුන සුමියුරු
කලා සොළොසින් සපිරි පුන්සඳ
විලාසෙන් ඔබ හිනාවෙන්නෙද
වසාගෙන තත් බිඳුනු ජීවය

1 comment: