ලෙච්චමී මං කඳවුරේ බිම
ඉන්න හිස් බැල්මෙන්
කම්බි වැට ලඟ දරු පැටව් ටික
තවම සාගින්නෙන්
යුද්දෙ ඉවරලු සාමිනේ
වෙඩි හඬ ඇහෙන්නෑ දැන්
යුද්දයක මගෙ හිත තවම
ගිනි ගින්දරක් මැද්දෙන්
ඉන්න ගෙපැලක් ලැබී
කූඩාරමෙන් යා හැකි නම්
දරු පැටව් හාමතේ නොතබමි
අත් දෙකේ හයියෙන්
ජීවිතේ අත් දෙකින් අරගෙන
ගින්දරක් මැද්දෙන්
ආවෙ පුදුමාතලන් පසුකර
දෙපා වල හයියෙන්
නින්ද යන් නෑ තුන් යමේ මට
කන්ද සාමිනි දැන්
මං ලඟින් සිටි මගේ අත්වැල
බින්දෙ මොන හිතකින්
අනේ පින් ඇති මහතුනේ
මේ ගින්දරේ නිවමින්
මෙන්න වැන්දා කියන් මට මගෙ
සින්න සාමි කොයි ???
ඉන්න හිස් බැල්මෙන්
කම්බි වැට ලඟ දරු පැටව් ටික
තවම සාගින්නෙන්
යුද්දෙ ඉවරලු සාමිනේ
වෙඩි හඬ ඇහෙන්නෑ දැන්
යුද්දයක මගෙ හිත තවම
ගිනි ගින්දරක් මැද්දෙන්
ඉන්න ගෙපැලක් ලැබී
කූඩාරමෙන් යා හැකි නම්
දරු පැටව් හාමතේ නොතබමි
අත් දෙකේ හයියෙන්
ජීවිතේ අත් දෙකින් අරගෙන
ගින්දරක් මැද්දෙන්
ආවෙ පුදුමාතලන් පසුකර
දෙපා වල හයියෙන්
නින්ද යන් නෑ තුන් යමේ මට
කන්ද සාමිනි දැන්
මං ලඟින් සිටි මගේ අත්වැල
බින්දෙ මොන හිතකින්
අනේ පින් ඇති මහතුනේ
මේ ගින්දරේ නිවමින්
මෙන්න වැන්දා කියන් මට මගෙ
සින්න සාමි කොයි ???

සින්නසාමිලාට ඇඩ්‍රස් නැති වෙන්න ගේම දුන්නනෙ අපි...
ReplyDeleteමම තල් අරණට නැගම් යමු ඔවුන් සතුටෙන් කියල ලිව්වට තාමත් ඇතමුන් කදවුරු වල.....
ReplyDeleteබොහෝ දුකින් නුඹ වගේ
ReplyDeleteතවමත් හැඬවෙනා කඳුළින්
කම්බි වැට අද්දරටවී
මඟ බලති රිඳවුන ඇස්
සනුහරෙ නුඹේ, නුඹෙම උන්ටත්
සදා මඟ මරු වැල්
සින්නසාමිලා කොතෙක් නම්
මියැදෙන්නැතිද නොදනිම්
එපින්වත් මහතුන් නොවන්නට
මෙවන් කදවුරු වත්
ලැබෙන්නේ නැති බව දනිමි මම
ටිකක ඉවසමු දැන්
සින්නසාමිලා වැලලූ මරුවැල්
සොයා ගොඩදමින්
නුඹලාට හොද හෙටක් වෙනුවෙන්
කරන මෙහෙවර දැන්
බලා හිනැහීයන්
හෙට නුඹේ දවසයි
කොහොමද මට මේ තරම් හොඳ කවිකාරියක්ව මඟ හැරුනේ....'
ReplyDelete