ගොළු හිසින් කරබාන - කරයි බර වැඩ බෝම
දිනක මෙහෙවරක අග - වමාර කමින් හිඳ
නිදි කිරයි අලස ලෙස - වැටී ගෙන මඩ වලක
මී හරක් ....... !!!
කරන්නට වැඩක් නැති - එහෙත් විමසිල්ල ඇති
සැක සිතෙන හැම දෙයට - හිසින් ඇන බිඳ දමන
සියල්ලම දත් ලෙසින් - ගොරවමින් තප්පුලන
කුළු හරක් ......... !!!
කිරි සමග ආදරය - ලෝකයට බෙදා දෙන
නමුත් කල කී දෙයක - නිසි අරුත් නොම දන්න
තමන්ගේ පාඩුවේ - වැටී සැනහී සිටින
එල හරක් ........... !!!
දිනක මෙහෙවරක අග - වමාර කමින් හිඳ
නිදි කිරයි අලස ලෙස - වැටී ගෙන මඩ වලක
මී හරක් ....... !!!
කරන්නට වැඩක් නැති - එහෙත් විමසිල්ල ඇති
සැක සිතෙන හැම දෙයට - හිසින් ඇන බිඳ දමන
සියල්ලම දත් ලෙසින් - ගොරවමින් තප්පුලන
කුළු හරක් ......... !!!
කිරි සමග ආදරය - ලෝකයට බෙදා දෙන
නමුත් කල කී දෙයක - නිසි අරුත් නොම දන්න
තමන්ගේ පාඩුවේ - වැටී සැනහී සිටින
එල හරක් ........... !!!

මම අයිති කොයි ගොඩටද කියල කල්පනා කලේගග?
ReplyDeleteලස්සන අදහස අක්කේ...
ReplyDelete