ඊයෙ පෙරේදා පුවත් පතක දකින්න ලැබුන ප්‍රවෘත්තියක් වුනේ මේ වසරේ සංචාරකයන්ගේ පැමිණීම 46% කින් වැඩි වෙලා කියල. රටේ ආර්ථිකය ගැන හිතන කොට සතුටුදායක ආරංචියක් වුනත් මට ඒ එක්කම මීට වසර කිහිපයකට කලින් මුහුන දෙන්න වුන සිදුවීමක් සිහියට ආවා . එය පෞද්ගලික සිදුවීමක් වුනත් රටක් වශයෙන් හිතන කොට එහි යම් වැදගත් කමක් ඇතැයි මට සිතෙනවා.
අධ්‍යාපන කටයුතු සඳහා මා ජර්මනියේ සිටි කාලයේ දැන හඳුනා ගත් ජර්මන් යුවලක් වසර දෙක තුනකට පෙර සංචාරකයන් සමූහයක් සමග ලංකාවට පැමිණියා. ජර්මනියේ ඔවුන් පැමිණි සංචාරක ආයතනයට සම්බන්ධ ලංකාවේ සංචාරක ආයතනයක් මගින් සැපයූ සංචාරක මග පෙන්වන්නෙක් සමග ඔවුන් රට තුල බොහෝ තැක් දැක බලා ගෙන එක් දිනක් මා හමුවීමටද පැමිණියා. ලංකාවට ආවේනික ආහාර රස බලමින්, පැරණි මතකයන් සිහි ගන්වමින් හා විශේෂයෙන් අපේ මිනිසුන්ගේ මුව මත නිතර රැඳී ඇති සිනහව අගයමින් එදා ඔවුන් බොහෝ සතුටු වුනා. එහෙත් හදිසියේ සිමොන් මහතාට යමක් මතක්වී සිනාසෙන්නට වුනා. දෙරටක සංස්කෘතීන් දෙකකට අයත් වුවත් මිතුරන් ලෙස අපට ඒ සීමාවන්ගෙන් මිදී බොහෝදේ කතා කළ හැකිව තිබුනා. සිනහවට කරුන විමසන විට ඔහු මගෙන් විමසුවේ මෙවන් දෙයක්.
"සංචාරක මග පෙන්වන්නා කී පරිදි සිංහල ජාතිය ඇතිවුනේ සිංහයෙක් සමග සහ වාසය කළ කුමරියකගෙන් උපන්නෙක්ගෙන් බව කියන්නේ ඇත්තද?"
තිරිසන් සතෙක් සමග සහවාසයෙන් උපන් මිනිසෙක්? .......... ජීව විද්‍යාත්මකව හෝ මෙය පිළිගත හැකි දෙයක්ද? සිතට නැගුන ප්‍රශ්න වැලක්ද සමග මම පිළිතුරක් නැතිව මොහොතකට ගොලුව ගියා.
"නැහැ ඔහු සිංහයෙක් නෙවෙයි. සිංහ වංශික මිනිසෙක්"

වහා කල්පනා කළ මා එවන් පිළිතුරක් දුන්නා.
"සංචාරක මග පෙන්වන්නා කිව්දේ වැරදි නම් ඔබලාගේ කොඩියේ සිංහයෙක් සිටින්නේ වෙනත් කරුණක් නිසාද?"
ඇත්තෙන්ම එයටද මා එවේලේ සිතට නැගුන කිසියම් පිළිතුරක් දුන් බව මතකය. අපද කුඩා කළ සිට උගත් මේ සිංහ කතාව තවමත් ඒ අයුරින්ම පරපුරෙන් පරපුරට යනු මිස එය විය හැක්කක්ද නැද්ද යන්න කවරෙකු හෝ ප්‍රශ්න කර ඇද්ද?. ලැජ්ජාවට කරුන නම් මටද ඒ විදේශිකයා සිනාසෙමින් එම ප්රශ්නය නගන තුරු එහි පැවතුන විසුළු බව තේරුම් නොයාමය. තවමත් අප ජාතියක් වශයෙන් පරපුරෙන් පරපුරට පැමිණි මේ ඉතිහාස කතාවේ අගමුල නොවිසමින් මතු පරපුරටද දායාද කරමු. එපමනක් නොව රට නියෝජනය කිරීමේ අවස්ථාවන්ටද මහත් ආඩම්බරයෙන් ඉදිරිපත් කරමු. මෑතකදී පැවති ලෝක කුසලාන ක්‍රිකට් සමාරම්භක උළෙලටද මෙය ඉදිරිපත් කොට තිබෙනු දැක මට නැවත මගේ විදේශික මිතුරාගේ සිනාව දෙසවන් තුල දෙදරමින් ඇසෙන්නට විය. පැරණි හිතළු කතාවලින් මිදී රටේ සියළු ජාතීන් නියෝජනය වන පරිදි රටක් නියෝජනය කළයුත්තේ කෙසේදැයි දැන්වත් අපට අළුතින් සිතන්නට නොහැකිද?