සීතල
දැනෙන හිරි පොද මැද
මගෙ මල් කුඩේ යට
ඉන්නවා නම් ඔබ
කොයිතරම් සතුටක්
දැනේවිද මට
ගුගුරන අහස මැද
කැළඹෙන වැසි වලාවක්
වගෙයි නම් මගෙ සිත
ක්ෂනිකව අඳුර බිඳිමින්
විදුලියක් වී මේ ලෙස
සිනාසෙන්නේ ඇයි ඔබ
හිමිදිරිය රැය දහවල
නෙක නෙක පාට ගන්වන
දිදුලන හඬන වැලපෙන
ගොරවන රවන කැළඹෙන
ආකාසය වගේ මයි
ජීවිතය දළුලා යන
අන්ධකාරය ඇවිදින්
ජීවිතය උකසට ගෙන
කඳුළු වැසි ගෙනෙනා කළ
ඉන්නවානම් ඔබ
මා හා සිනාසී ගෙන
මගෙ මල් කුඩේ යට
කොයි තරම් සුන්දර වෙද
ජීවිතය මේ කර්කශ
Thursday, June 2, 2011
Monday, May 30, 2011
"කරුනාහරන් බම්බලපිටි ගිහින්"
කරුනාහරන්ට භාෂාව නොතේරීම නිසා වුන වස වැරැද්ද ගැන ලියවුන කලින් කතාව මතක ඇතිනේ. ඉතින් මේ කරුනාහරන්ගෙ මාමා කෙනෙක් ඉන්නවා බම්බලපිටියේ. පේරාදෙනියට ඇවිත් මාසයකට විතර පස්සේ කරුනාහරන් මාමා බලන්න බම්බලපිටි ගියා. කොළඹට ඇවිත් දන්න ඉංග්‍රීසි පාවිච්චි කරලා බම්බලපිටියට යන බස් එකක් හොයාගෙන නැගලා රියදුරු මහතා ලඟම තියන අසුනේ වාඩිවුනේ ඉක්මනින් බැහැගන්න හැකි පහසු කම ගැන හිතලයි. මේ වෙන කොට කරුනාහරන් තව වැඩිපුර සිංහල වචන ටිකක් ඉගෙන ගෙන තිබුනා. බස් හෝල්ට් එකක් කිට්ටු වෙන කොට කොන්දොස්තර මහත්තයා "බහිනවා" කියල කෑගහන කොට රියදුරු මහත්තයා බස් එක නවත්තන හැටි කරුනාහරන්ට පෙනුනා.
දැන් ඉතින් කරුනාහරන් බහින තැනත් කිට්ටු වුනා. රියදුරු මහත්තයා ලඟට කිට්ටුවෙලා කරුනාහරන් "වහිනවා" කිව්වා. දෙමළ භාෂාවෙ "බ" ශබ්දය නැති නිසා කරුනාහරන්ට "බ" වෙනුවට තමයි "ව" කියවෙන්නේ. ඒ වෙලාවෙ හීං පොද වැස්සකුත් තිබුන නිසා රියදුරු මහත්තයා "හ්ම්" කියල කිව්වා. ඉතින් කරුනාහරන් හිතුවා "හරි දැන් හෝල්ට් එකේ බස් එක නවත්තයි" කියල. හෝල්ට් එකත් පහු කරලා බස් එක යනවා දැක්ක කරුනාහරන් ආයෙමත් හයියෙන් "වහිනවා.......... වහිනවා" කියල කෑගැහුවා. රියදුරු මහත්තයටත් දැන් ටිකක් තරහ ගිහින්.
"ඔව්... ඉතින් මොකද ? .... වහිනවා තමයි" කියපු රියදුරු මහත්තයා තව හයියෙන් බස් එක පදවන්න ගත්තා. සිද්දවුනදේ තේරුම් ගන්න බැරිවුන කරුනාහරන් අන්තිමට කොන්දොස්තර මහත්තයා ඊලඟ බස් හෝල්ට් එකේ "බහිනවා" කියල කෑගහලා බස් එක නැවැත්තුවම දඩිබිඩි ගාලා බස් එකෙන් බැහැ ගත්තා.
මට මේ කතාව කිව්වේ කරුනාහරන්ගෙ යාලුවෙක්. මේ කියන කරුනාහරන් දැන් ලොකු තනතුරක් දරන කෙනෙක්. කොහොම කොහොම හරි මේ අකරතැබ්බ ඔක්කොම වෙලා දැන් නම් කරුනාහරන්ට හොඳට සිංහල කතා කරන්න පුලුවන් කියලයි යාලුවා කිව්වේ. ඒත් තවම අර "බ" වෙනුවට "ව" කියන ප්රශ්නය නම් එහෙම්මමලු.

Friday, May 27, 2011
"කරුනාහරන් missing"
කරුනාහරන්ගෙ උපන්ගම යාපනය. යුද ගැටුම් මැද්දෙ බොහොම අමාරුවෙන් අකුරු කරලා උසස් පෙළ සමත්ව, සරසවි වරම් ලැබිලා මුල්ම වතාවට යාපනය අත්හැරලා ආවෙ පේරාදෙනිය සරසවියට. කරුනාහරන්ට නම් මේ ගමන හරියටම දැනුනෙ පිටරටකට යනවා වගෙයි. නොදන්නා පලාතක, නොදන්නා භාෂාවක් කතා කරන, නොදන්නා සංස්කෘතියකට අයත් ප්‍රදේශයක් ඉතින් එකම රටක් ඇතුලේ වුනත් විදේශයක් වගේ දැනෙන එක අරුමයක් නෙවෙයි.
පේරාදෙනියට ආව මුල් දවස් වල ගමනක් බිමනක් යන්න වුනත් පළාත හුරු පුරුදු පැරණි සඟයන්ගෙ උදව් අත්‍යවශ්‍ය වුනා. ඒ ඉතින් මඟ තොට නොදන්න නිසාම විතරක් නෙවෙයි භාෂා ප්‍රශ්නයත් නිසා. ආව මුල් සතිය ඇතුලත "කන්න", "බොන්න" වගේ සිංහල වචන එක දෙක යන්තම් ඉගෙන ගත්ත කරුනාහරන් ඊලඟ සතියෙ කණ්ඩායමක් එක්ක මහනුවර නගරය බලන්න ගියා. ඒ අය අතරෙ සිංහල ටිකක් තේරුම් ගන්න හැකි අය දෙතුන් දෙනෙකුත් හිටිය නිසා කට්ටියම බය සැක ඇරලා සතුටින් ඇවිදලා ආපහු සරසවියට එන්න බස් එකට නැග්ගා. සෙනග පිරුන බස් එකේ යාලුවො එක එක තැන විසිරිලා හිටියත් බහින තැන හැම කෙනෙක්ම දන්න නිසා කවුරුත් ඒක ප්‍රශ්නයක් කර ගත්තෙ නැහැ. ඒත් ඉතින් බස් එකෙන් බැහැලා බලන කොට කරුනාහරන් missing.
"දැන් අපි මොකද කරන්නේ?"
කවුරු කවුරුත් මේ ගැන කතා කරලා අන්තිමට තීරණය කළා කරුනාහරන්ව හොයන්න යන එක ටික වෙලාවකට කල් දමන්න. විනාඩි 15ක් 20ක් යනකොට ගලහ පාර දිගේ ඔන්න කරුනාහරන් වැනි වැනි එනවා පේනවා. කට්ටියම දුවලා ගිහින් ඇහුවා
"මොකද වුනේ?"
"අර පන්සල ලඟදි මට කොන්දොස්තර මහත්තයා බහින්න කිව්වනේ"
කියල කරුනාහරන් කිව්වා.
"ඒ මොකදට කොන්දොස්තර මහත්තයා කරුනාහරන්ට විතරක් බහින්න කියන්නේ?"
හැමෝටම මේක කුතුහලයක්.
"ඇයි ඇහුනේ නැද්ද?, කොන්දොස්තර මහත්තයා හයියෙන් කෑගගහ කිව්වේ කරුනාහරන් බහින්න...... කරුනාහරන් බහින්න"

කියල. කරුනාහරන් එහෙම බොහොම අහිංසක විදියට කියනකොටයි අර සිංහල ටිකක් දන්න කරුනාහරන්ගෙ යාලුවන්ට තේරුනේ සිද්දවෙලා තියනදේ. කොන්දොස්තර මහත්තයා "කරුනාකරලා බහින්න" කියන එක වැරදියට තේරුම් අරන් කරුනාහරන් දඩිබිඩි ගාලා ගැටඹේ පන්සල ලඟින් බැහැලා ඉතිරි දුර පයින්ම වැනි වැනී ඇවිත්.
(සත්‍ය කතාවකි)
Thursday, May 26, 2011
"වෙසක් සැනකෙළි සහ මත්වීම"
ආගම අබිං යයි කිව්වේ කවුරුන්දැයි මට මතක නැත. ඒත් ආගම අබිං වන්නේ කෙසේදැයි මට බොහෝ කලක් යනතුරු වැටහුනේ නැත. අබිං යනු අවශ්‍ය ප්‍රමානයට යොදාගත් කළ ඉතා වටිනා ඖෂධයකි. ඖෂධයක් සේ භාවිතා කරන කළ ඉන් ශාරීරික මෙන්ම මානසික ලෙඩද සුව කර ගත හැක. එනමුදු ප්‍රමානය ඉක්මවා වැරදි ලෙස භාවිතා කරන කළ ඉන් විකල් සිහි ගෙන දෙමින් මත්ව යාමක් සිදුවේ. ඒ අබිං වල ක්‍රියාකාරිත්වයයි. ඉතින් ආගම අබිං වන්නේ කෙසේද?
වෙසක් සැනකෙළිද දොරින් දොර පැවති දන්සැල්ද අවසන්ය.දේශපාලනිකව මෙන්ම මාධ්‍ය මගින් දියත් කළ ආගමික කටයුතුද අවසන්ය. මේ සියල්ල දෙස බලා සිටින කළ ආගම අවභාවිත වන සෙයක් මට දැනෙයි. අබිං මෙන් අවශ්‍ය ප්‍රමානයට වඩා වැරදි ලෙස සමාජ ගත කරමින් මේ මොහොත අමතකව යනසේ මත්ව ගිය සමාජයක් නිර්මානය වෙමින් පවතීද?
වෙසක් දිනට දෙදිනකට පෙර මායිම් ගම්මාන ලෙස කලක් හැඳින්වූ උතුරේ ගම්මාන කිහිපයක රාජකාරි අවශ්‍යතාවයක් වෙනුවෙන් සැරිසරන්නට සිදුවිය. තවමත් අන්ත දුප්පත් කමේ වෙලෙමින් අතිශයින් ශුෂ්ක පරිසරයක කුඩා ගෙපැලවල වෙසෙන ඔවුන්ගේ මුහුනු මට මේ වෙසක් සැනකෙළි මැද පෙනෙන්නට විය. බොහෝ වෙහෙස විඳ හදා වඩා ගන්නා බෝග එක්කෝ කර්කශ වියලි පරිසරයට අසුව විනාශව ගොසිනි. කොහෙන් හෝ වතුර සපයා ගෙන ඒවාට සාත්තු කළද, දෙපා කොටින්ගේ අතවර අහවර වුවද වල් අලින්ගෙන් ඒවා බේරාගත නොහී ඔවුන් ලතවෙයි. කුසට අහරක් සේ අවසන ඉතිරි වන කොස් ගැටයට පවා වල් අලින්ගෙන් හානි වුවද තවමත් ඔවුන්ට වල් අලින් ඔවුන්ගේ "පුල්ලෙයාර් දෙවියන්ය". එපමණකටම අවිහිංසකව කුසගින්නේ වුව සතා සීපාව සමග සංහිදියාවෙන් සිටීමට වෙර දරන ඔවුන් අබියස මගේ දෑසට කඳුලක් නැගුනේ මාද නොදැනීය.
ඉතින් අපේම රටේ එක් කොටසකගේ ජීවිත මෙසේ ගෙවී යද්දී හන්දියක් හන්දියක් ගානේ දන්සැල් පවත්වමින් අපි වෙසක් සැනකෙළියේ යෙදුනෙමු. පාට පාට විදුලි බුබුලු සහ සැරසිලි වලින් නගර ගම් සරසා ඒකාලෝක කළෙමු. මේ සියලු සැනකෙළි එක පසෙකද බුදුන් වහන්සේ එක පසෙකද හිඳිමින් මසිත යලි යලිත් ප්‍රශ්න කරයි. බුදුන් වහන්සේ විවර කළ මග දැනටමත් අප වරදවා ගෙන නැතිද? ආගම අවභාවිත වී ඉන් මත්ව ගිය කළ මේ මොහොතේ අවධානය බිඳෙන බැවින් ආගමින් මත් කරවීම කවර පාලකයෙකුට වුවත් වටිනා ආයුධයක් නොවන්නේද?
අනේ පිං ඇති මහතුනේ..... බුදුන් ගිය මග යායුතු නම් .... අඩුම තරමින් පොසොන් දන්සැල් වත් ජනී ජනයාට විනෝදයට ආහාර සපයන ස්ථාන නොකර අවුරුද්දේ සෑම දිනකම ශුෂ්ක ආහාරයෙන් යැපෙන මේ දුශ්කර ගම්මාන කරා ගෙන යා හැකිනම් එය ආහාර ඇවැසි තැනකට දුන් මහා දානයක් වන්නේය. ඒ මොහොතේ බුදුන් වහන්සේ ඔබ තුල හිනැහෙනු නො අනුමානය.

Thursday, May 5, 2011
"පාවට්ටා ඔසුවකි සනසන සිරුර"
පාවට්ටා ශාකය ආඩතෝඩ, වං ඇපල වගේම අගල්ලාදර කියලත් හඳුන්වනවා. විද්‍යාත්මක නාමය වෙන්නේ Justicia adhatoda. ගම්වල බඩවැටි වල වගේම වගා බිම් වල වැටට ගොවියෝ මේ ශාකය වගා කරන්නේ ලෙඩට දුකට නැතිවම බැරි ඖෂධයක් බව දන්න නිසයි.
"ඉඟුරු දුරු ඈ යුතු - ගෙමිදුල් වගා කළයුතු"
කියල ඉස්සර විවාහ අපේක්ෂක යුවතියන්ට දුන් අවවාද අනුව ඒ කාලේ බොහෝ ගෙවල පාවට්ටා ශාකය ගෙවත්තේ කොහේ හරි කොනක සිටුවා තිබුනා. ඒකට විශේෂ හේතුවකුත් තිබුනා. අළුතින් දරුවෙක් ඉපදුන ගෙදරක සතියක් දෙකක් යනතුරු පාවට්ටා කොල තම්බල අම්මව නාවන ගම් වල පැවතුන සිරිත නිසයි ඒ. දැන් නම් ඒ සිරිත ටිකෙන් ටික ගම් වලිනුත් ඉවත් වී ගෙන ගියත් පාවට්ටා සිංහල වෙදකමේදි නම් තවමත් නොවරදවාම භාවිතා වන ඖෂධයක්. කසාය තම්බන කොට වෙදමහත්මයා මේ ශාකයේ කොළ, පොතු, මුල්, නැටි වගේම සමහර ලෙඩ වලට මල් පවා යොදාගන්න කියල කසාය වට්ටෝරුවේ ලියල තියනවා කසාය බිව්ව අයට මතක ඇති. විශේෂයෙන් ශ්වසන මාර්ගය ආශ්රිත රෝග වලටත් රත් පිත් රෝග වලටත් සිංහල වෙදකමේදි පාවට්ටා භාවිතා කරනවා. ඒ වගේම පලිබෝධ නාශක ගුණයකුත් මෙහි තියන බව පැරණි ගොවියන් දැන සිටියා. මේ නිසා කෘමි නාශක වෙනුවට මේ වගේ ස්වභාවික පරිසරයෙන් ලබා ගත් සිරුරට වස විසක් නැති දේ අපේ ගොවියෝ ගොවිතැනේදි යොදා ගත් නිසයි පරිසරය වගේම අපේ සෞඛ්‍යයත් ඒ දිනවල වඩාත් සුරැකුනේ.

Tuesday, May 3, 2011
"රෝමියෝ නොමැති නම්"
නොහිම්වූ සෙනෙහසින්
මගේ හිත පුරා 'ඔබ'
සොයන විට
ජීවිතය ගීතයක් වූ සේය
ගොළුව ගිය වදන් පෙළ
පෙරලි කරනා සිතට
ආදරය ලෙලෙන පහනක් සේය
"රෝමියෝ මොන්ටේගු"
ඒ මගේ ජීවිතයවූ නමය.
නිසදැසක පදවැලක
මටද නොදැනී හොරෙන්
සැඟව සිටිනා නමය.
"රෝමියෝ මොන්ටේගු"
ආදරය "ආදරය"
පමනක්ම වූ කලක
මරණයේ දෑත් ගෙන
ලංව වුන් නිමේශයෙ
ඒ ඔබට මා අමතනා නම ය
මහද තුල සුසුමකට
ඉඩක් නොතබන නමය
Subscribe to:
Posts (Atom)