"සන්තූරී, .... මොනව කරනවද ඔය ගල උඩට වෙලා අනිමිසලෝචනයෙන්?"
" ම්.... මේ පුංචි දණ්ඩි පැටව් ඉවරයක් නැතිව දඟලන හැටි... මට නම් ඉතින් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ. ඇවිත් ගොඩක් වෙලාද අයියේ?"
" ඔව්,... නංගොට ඉතින් මාව පේන්න ඔයැයිගෙ හැම සකල කලාවක්ම ඉවර වෙන්න එපැයි"
"..................................."
"මොකද අද කතා නැත්තේ? කට ගෙදර තියල ආවැයි? නැත්තම් ආච්චි අම්මා මොහොකට හරි හොඳවයින් සෝලි තියන්න ඇති. ආයෙ දෙකක් නෑ."
"අනේ මන්දා අයියේ, මට හිතෙනවා අපි හැමදාම ඉස්සර වගේ පුංචි ළමයිම වෙලා හිටියනම් කියල. තවමත් මගේ හිත නම් ඒ වගෙයි. ඒත් අපේ මේ සරීර මහ විසාල වෙලා නොවැ."
"ඉතින් ඒකට මොකදෑ නඟා ඔය හැටියට විස්සෝප වෙන්නේ?. හැමදාම අපිට පුංචි ළමයි වෙන්ට ඇහැකෑ."
"නෑ ඉතින්. පුංචි කාලේ අපි ඔහේ හිතූ මනාපේ අත් අල්ලන් දුව ඇවිද්දා. මං බිම පෙරලිලා අඬන කොට අයියා මට කැලේ කොලේ ගෙඩි කඩල දුන්නා. මතකද අර වැවේ පිපුන ඕලු මලක් ඉල්ලලා ඒක කඩන්න ගිහින් වුන විනම්බෑසිය? එච්චර විතරද මට ඉතින් ඔය හපනා වගේ ගස් උඩ නගින්න කියා දුන්නේත් ඉතින් වෙන කවුද?"
"හ්ම්.... ඉල්ලන එව්ව ඉතින් නොකර හිටියොත් මම කම්මුතුයිනේ. මාත් ඉතින් ආච්චි අම්මගෙන් බැනුම් අහ අහ ඔය කොයිදේත් කෙරුව නේන්නන්. මොකදෑ ඉතින් අද ලවක් දෙවක් නැතුව මෙව්වා කියවන්ට ගත්තේ?"
"ඔය ආච්චි අම්මා කියන්නේ ගින්දරයි පුලුනුයි එක ලඟ තියන්ට හොඳ නෑ කියල. අනේ උඹ ගින්දර වෙන්න එපා අයියේ. එක්කො ඉතින් මට මොකෝ උඹ ගින්දර වුනත්, මම පුලුන් නොවී මෙන්න මේ ඔයේ වතුර වගේ සීතලම සීතල වුනාම අහවරයි නේ.."
"අනේ උඹෙ පැහිච්ච කතා. ඔව්ව ඔච්චර හිතන්න එපා නංගියේ. මේං මං ගොටු කොල අහුරක් කැඩුවා අර වෙල් ඉපනැල්ලේ ඇවිද යනින් ගමන්. හවහට බැරියැයි උඹට දෙහි ඩිංගිත්තක් දමලා රහට සම්බෝලයක් තනා ගන්ට. ඕං මං ගියා එහෙනන්. විගහින් නාගෙන ගෙදර පලයන් නංගෝ."