රෝහන, මේ සටහන අද මම ලියන්නෙ ඔයා වෙනුවෙන්. ඉතින්,..!!! ජීවිතේ අපි ඒ දවස් වල හිතපු විදියට වඩා කොයිතරම් වෙනස් වෙලාද නේද? කිසිම බරක් පතලක් නැති සමනල් විය ගෙවී ගිහින් අපි වැඩිහිටියෝ වෙලා. එදා සැහැල්ලුවෙන් දැකපු ලෝකය අද වගකීම් ගොඩකට මැදිවෙලා අපිට අපිවම නොපෙනෙන තැනකට තල්ලු වෙලා ගිහින්දෝ කියල ඔයාට කතා කරල මොහොතකට පස්සෙ මට හිතුනා.
එකම සරසවියක කාලයක් එකට ඉගෙන ගත්තත් වචන පේලි දෙකක email එකක් හැරෙන්නට අපි අතර දිග ලිපියක් නම් කවදාවත් හුවමාරු වුනේ නැහැ. සමහරවිට වසරකට එකක් වගේ හුවමාරු වුන පුංචි වචන පේලි දෙකක් අතර වුනත් හැමදාකම අපේ මිත්‍රත්වය රැඳිල තිබුනා. "කොහොමද ඉතින්? හොඳින්ද?" ඔව්, එපමණයි අපිට දැන ගන්න ඕනෙ වුනේ. ඒත් අපි කාටවත් අපිව අමතක වෙලා තිබුනෙ නැහැ.
ජීවිතේ හරි පුදුමයි. සමහර කාල වල එකම සැනකෙලියක් වෙන තරමට ගීතවත් වෙන ජීවිතය තවත් කාලයකට ගෙනෙන්නෙ කුනාටුම විතරයි. ඒත් ජීවිතේට කුනාටුත් ඕනෙ. නැත්නම් ඒක කොහොමත් අසම්පූර්ණයි. ඉතින් සැනකෙලියට වගේම කුනාටුවටත් අපිට මුහුනදෙන්න වෙනවා. අපේ හිත් කොයි තරම් ශක්තිමත්ද කියල අපිට දැනගන්න පුලුවන් වෙන්නේ කුනාටුව ආවදාටයි.
අපි හැම අතින්ම තනිවෙලා නම් සමහරවිට කුනාටුවට අහුවෙලා අපිව ඔහේ කොහේ හෝ තැනකට පාවෙලා යන්නත් බැරි නැහැ. ජීවිතේට හිටි ගමන් කඩා වදින කුනාටුත් හරියටම සීතල රටවලට හිටි ගමන් පාත්වෙන හිම කුනාටු වගේමයි. ඒත් හිම කුනාටු වලට මුහුණ දෙන හැටි ඒ රටවල මිනිස්සු ඉගෙන ගෙන තියනවා. ඉතින් කුනාටු ආවට දැන් ඒ අය බය වෙන්නෙ නැහැ. කුනාටුවක් එනකොටම ඒක ඒ අයට තේරෙනවා.
ජීවිතේ කලඹවමින් හමන කුනාටු දිහාත් ඒ විදියට බලන්න අපි පුරුදු වෙන්න ඕනේ. එහෙම කුනාටුවකට මුහුණ දෙන හැටි අපි කලින් දැනුවත්ව ඉන්න ඕනෙ. ඒ වගේ වෙලාවක අපි මොනවද කළයුත්තේ? ඒක තමයි වඩාත් වැදගත්.
කළබල වුනොත් කොරොස් කටෙත් අතදාන්න බැහැ කියල ඉස්සර කාලේ අය කිව්වනෙ. ඒක ඇත්ත. කළබල වෙලා බැහැ. අපි අතිනුත් වැරදීම් වෙන්න පුලුවන්. මුලින්ම අපි ඒක එහෙමයි කියල පිලිගන්න පුරුදු වෙමු. අපි වැරදි නැහැ කියල අපේ හිත එක්ක තර්ක කර කර ඉන්න ගියොත් කුනාටුව අපිව අරන් යන්න යයි.
ඊලඟට යාලුවෝ. අපේ ජීවිතේ අඩුම ගනනේ අපේ ඕනෑම ප්‍රශ්නයකදි ලඟ ඉන්න, බය නැතිව හැම දෙයක්ම කියන්න පුලුවන් විශ්වාසවන්ත යාලුවෙක් (පාප මිත්‍රයෝ නම් නෙවෙයි) ඉන්නවද? එහෙම කෙනෙක් නැත්නම් ඒක ලොකු අඩුවක්. වගකීම් අතර හිර වුනාම සමහරවිට ඉන්න යාලුවෝ ටිකදෙනත් අපෙන් දුරස් වෙලා වෙන්න පුලුවන්. ඒත් ඒක වැරදියි. "ඔක්කොම බිත්තර එක භාජනයකට දාන්න එපා" කියල තියනව අහල තියනවද? ඒ කියන්නෙ එක රාමුවකට විතරක් කොටු වෙන්න එපා කියලයි. අපිට අපේ වගකීම්, අපේ පවුල් සබඳකම් හා රැකියාවෙන් පිටස්තරව විශ්වාසවන්ත යාලුවන්ගෙ ආශ්‍රය ලැබෙන්න ඕනේ. එහෙමනම් කුනාටුවකදි අපේ ලඟ හිතේ හයියට මේ විශ්වාසවන්ත මිත්‍රත්වය රැඳෙනවා. කුනාටුවට අසුව කැඩෙන බිඳෙන අපේ හිත හදන්න හැකියාව ඒ අය ලඟ තියනවා.
කුනාටුවකට අහුවෙලා ඇඹරෙන හිත සන්සුන් කරගන්න කියාපු හොඳම බෙහෙත යහපත් ආගම. බෙහෙත කියන වචනය මම පාවිච්චි කලේ හිතාමතාමයි. බෙහෙත් ඕනැවෙන්නෙ ලෙඩකට. ඒත් අපි නියම මාත්‍රය දැනගෙන නිවැරදි පිළිවෙලට නියම බෙහෙත ගන්න ඕනේ. දන්නවනෙ වැරදි බෙහෙත පාවිච්චි කළොත් සිද්දවෙන්න පුලුවන්දේ. ආගම නිවැරදිව අන්තගාමී නොවී නියම පිලිවෙලට යොදාගන්න අපි දන්නවනම් හිත කළඹන මොන කුනාටුවකටවත් අපිව වට්ටන්න බැහැ. කොහොමද නිවැරදිව අන්තගාමී නොවී ආගම යොදා ගන්නේ.? ඒක ඉගෙන ගන්න නම් ඒ වෙනුවෙන් පුංචි කාලයක් හරි වැය කරන්න වෙනවා. දවසේ සුලු මොහොතක් හරි ඒකට ඉඩක් වෙන් කර ගන්න. කියවන්න. එක ආගමක් ගැන විතරක් නෙවෙයි. ආගම කියල හඳුන්වන හැමදෙයකින්ම අවසානයේ කියන්නෙ මොනවගේ දෙයක්ද කියල තේරුම්ගන්න උත්සාහ කරන්න. බුදු හාමුදුරුවොත්, ඕෂෝත්, යේසුතුමත්, නබිතුමත් ඇතුලු හැම ආගමික නායකයෙක්ගෙම ගමන් මග වෙනස්. ඒත් වෙනස් මාර්ග වලින් එකම තැනකට යන ගමනක් ඒ. අපිට අප ලෙස හඳුන්වන මේ විශ්මය තේරුම් ගැනීමට දෙන ඉඟි ඒ හැම ආගමකම ගැබ් වෙලා තියනවා. ඉතින් එතකොට කුනාටු අපි ලඟට ආවත් අපි ඒවට සූදානම් බව අපේම හිත අපිට මතක් කර දෙනවා. ඉතින් කුනාටු එයි. මොහොතක් අප වටා කැරකෙයි. යලිත් යන්න යාවි.
මට කලයකට ඉහත ලැබුන සටහනකින් මෙය අවසන් කරන්නම්.
"සතුටින් සිටීමටනම්"
ප්‍රිය සොයුර, කුනාටුවට අපි යන්න ඉඩ දෙමු. අපේ මනසේ කැරලි ගැසීමට එයට ඉඩ දිය යුතු නැත.

- අද දවසෙන් පිටට කාන්දු නොවන මැදිරියක වෙසෙන්න.
- යහපත් ආගම, නින්ද, සංගීතය සහ සිනහව යනු විවේකය හා විනෝදය ලබාදීමේ හොඳම බලවේගයයි
- ප්‍රශ්නයක් ඇතිවූ විට එයින් විය හැකි නරකදේ කිමෙක්දැයි ඔබගෙන්ම අසන්න
- බාරගත යුතුම නම් එය බාර ගන්නට සූදානම් වන්න.
- එයින් ඉක්බිති විය හැකි නරකම දෙය හැකි තාක් හොඳ අතට හරවා ගැනීමට උත්සාහ කරන්න
- මනස්තාපයක් ඇතිවූ විට, මනස්තාප වන්නේ කුමක් ගැනද?, ඒ ගැන කළ හැකිදේ කුමක්ද? යන ප්‍රශ්න වලට පිලිතුරු ලියා ඒවා විවරණය කරන්න.පසුව හොඳම විසඳුම ක්‍රියාත්මක කරන්න.
- තීරණයකට බැස ගත් වහා කළයුතු එකම දෙය එය ක්‍රියාවට නැගීමයි.ප්‍රතිපලය ගැන වගකීමත් අවධානයත් මුලුමනින්ම බැහැර කරන්න.
- ප්‍රියමනාප වැඩක නිරත වන්න.විවේකය කරදරකාරී සිතිවිලිවලට යොදා නොගන්න.
ප්‍රිය සොයුර, කුනාටුවට අපි යන්න ඉඩ දෙමු. අපේ මනසේ කැරලි ගැසීමට එයට ඉඩ දිය යුතු නැත.

//අපි වැරදි නැහැ කියල අපේ හිත එක්ක තර්ක කර කර ඉන්න ගියොත් කුනාටුව අපිව අරන් යන්න යයි. //
ReplyDeleteකොච්චර කිව්වත් අපි බලන්නෙම අපි හරි කියන්න කරුණු කාරණාම නෙව..
අන්තිමට කුණාටුව අරන් යනකම් දන්නෑ..
මං හිතන විධියට මට ඉන්න හොඳම මිතුරා/මිතුරිය මගේ බිරිඳ.
ReplyDelete