-->

Saturday, November 12, 2011

" ලොව සොඳුරුය මනරම්වේ බලනු සකි"

අද කියන්න යන්නේ තවත් කැනඩාවෙහි ඇති සොඳුරු බිම් පෙදෙසක් ගැන. මේ ස්ථානය පිහිටල තියෙන්නේ Quidi Vidi විල අසල. මේ විල සැතපුමක් පමන දිග වන අතර පිහිටා තියෙන්නෙ  Newfoundland ප්‍රාන්තයේ St. John's නගරයෙහි නැගෙනහිර මායිමේ.  
අතීතයේ පටන් පැවත එන ජල ක්‍රීඩා ඉසව් සඳහා මේ විල කැනඩාවේ ප්‍රසිද්ධියක් උසුලනවා. ඉන් වඩාත් සිත් ගන්නේ සෑම වසරකම පැවැත්වෙන රාජකීය St. John's Regatta බෝට්‍ටු තරඟාවලිය.මෙම ක්‍රීඩාව 1826 සිට පැවත එන බවට ලිඛිත සාක්ෂි තිබෙන බව සඳහන් වෙනවා. 
සෑම වසරකම අගෝස්තු මාසේ පළමුවෙනි බදාදා 50,000  කට අධික පිරිසක් මෙය නැරඹීම සඳහා මේ විල අසලට එක් ‍රැස්වන අතර පැරණි කාලයේ තැනූ බෝට්‍ටු වල ස්වරූපයෙන් තැනූ බෝට්‍ටු මෙම තරඟාවලියේ දකින්නට ලැබෙනවා. එමෙන්ම බොහෝ සවස් කාලයන්හි  Quidi Vidi විල වටා ඇති කිලෝ මීටර් 3.8 ක් දිග ගමන් පෙතෙහි අවට සිරි නරඹමින් නිදහසේ ඇවිදින්නන් මෙන්ම ව්‍යායාම සඳහා අතොරක් ඇතිව දුව යන්නන්ගෙන්ද පිරී තිබෙනු දක්නට පුලුවන. 
තරමක් සවස් කාලයෙහි ගිය කල ඉර බැස යන මෙවන් සොඳුරු දසුන් අපේ සිත් මොහොතකට නවතා තබනවා.

8 comments:

  1. ඇත්තටම සොඳුරු දසුන් පෙළක්. හිත සන්සුන් කිරීමට මීටත් වඩා දෙයක් කොහෙන්ද?

    ReplyDelete
  2. අපුරු දසුන් පෙලක්.

    ReplyDelete
  3. හපොයි. කැනඩාවේ පදිංචිවෙන්ට තියන ආසාව තවත් වැඩිවෙනවනේ.

    ReplyDelete
  4. හතරවෙනි පින්තුරෙට මං ගොඩක් ආසයි...

    ReplyDelete
  5. @නලිනි චන්දිමා
    ඔව් නලිනි, ස්වභාවධර්මය තරම් හොඳ බේතක් තව කොහෙන්ද

    @Il mondo di una povera pazza
    ස්තුතියි රංගී

    @ayesha
    හ්ම් ගෙම්බන්ට වැඩිය අපූරුයිනේ

    @Podi Kumarihami
    ඒකනෙ ඔහේට වඩා මෙහෙ ලස්සනයි අනේ

    @Dinesh
    ඔව් මමත් ගොඩක් කැමති ඒ පින්තූරෙට තමයි.

    මැණික්

    ReplyDelete
  6. ලස්සන පින්තූර ටික. මගේ වැඩියෙන්ම හිත ගත්තේ පළවෙනි පින්තූරේ.

    ReplyDelete
  7. හරිම ලස්සනයි, විස්තරයත් වැදගත්. නොගිය රටක් නිසා යන්නත් ආසයි.

    ReplyDelete