දවසේ වැඩ නිම වෙලා දෑස් පියාගෙන මොහොතක් සයනයේ වැතීරි සිටි මගේ අතොරක් නැතිව එහෙ මෙහේ දුවන සිත මතු පිටට හදිසියේ මින් වසර කිහිපයකට පෙර අසන්නට ලැබුන සත්‍යය කතාවක් පැමිණුන අතර මොහොතක් ඒ ගැන සිතමින් ඉන්නා විට මේ කතාවට සම්බන්ධ ඇය දැන් කොහේ, කෙසේ ජීවත් වනු ඇති දැයි සිතුනි. කතාවට සම්බන්ධ පුද්ගලයන් ගැන හොඳ නරක කිරා මැන බැලීමට මගේ දඩබ්බර හිත පෙලඹුනේ මටත් රහසේය. එක අතකින් එසේ කිරා මනිමින් තව අතකින් එසේ නොකල යුතු යැයි තර්ක කරමින් මේ නොදැමුන හිතම මට තවත් සත්‍යය කතාවක් මතක් කර දුන් විට මගේ හිත කළ මේ විපිරියාස දෙස බලා සිටි මට මා ගැනම සිනා පහල වුනි. හිතේ හැටි එහෙමයි. ඒ කිසිම සිදුවීමක් විනිශ්චයකට බඳුන් නොකර ඒ කතා දෙකම මම ඔබට කියන්නම්. සියල්ල සිදුවූදේය. පෙන්වනු ලබන්නේ වෙනස් මිනිස් චරිත ලක්ෂණ පමනි. එහෙත් ඔබේ සිත මේ කතා කියවන විට හැසිරෙන අයුරු නිරීක්ෂණය කිරීම ඔබට බාරය.
පළමු කතාව
ඇය නාලිනී, ඔහු සුපුන්, හා පාසැල් වියේ සිටම පෙමින් (?) බැඳී සිටියා. කලකට පසු සුපුන් උසස් අධ්‍යාපනය සඳහා විදේශ ගත වෙනවා. ඔහු කෙරෙහි මහත් ආදරයකින් හා විශ්වාසයකින් දැස් දල්වා සිටි බලා සිටි නාලිනීව වසර කිහිපයක් අවසානයේ හදිසියේ ලංකාවට පැමිනි සුපුන් විවාහ කරගන්නා අතර, අපමණ සතුටකින් ඇය ඔහුත් සමග දෙමාපියන් අතැර විදේශ ගත වෙනවා. විදේශ ගතවී මාස තුනක් ගතවූ එක් දිනක නිවසට අවශ්‍ය බඩු කිහිපයක් ගැනීමට යාමට ඇයට අවශ්‍යය වන අතර ඔහුට එදින නිම නොකල අධ්‍යාපනික වැඩ කිහිපයක් ඇතැයි පවසා වෙනත් ඔවුන් දන්නා යෙහෙලියක් හා යන මෙන් පවසා ඔහු විසින් ඇයව එම නිවසට ඇරලවා ඔහු පිටත්ව යනවා. එහෙත් මිතුරියට හදිසියේ එලඹුන ප්‍රශ්නයක් නිසා ඉන් පැය භාගයක් ඇතුලත නාලිනීව නිවස ඉදිරි පිටින් බැස්ස වීමට මිතුරියට සිදුවෙනවා. නිවසේ දොර සෙමෙන් විවෘත කර නිදන කාමරයට යන ඇයට දකින්න ලැබෙන්නේ ඇය සිහිනයකින් වත් බලාපොරොත්තු නොවූ දෙයක්. ඔහු වෙනත් විදෙස් ලඳක් හා සයනයේ. ඒ ඇය පැමිනෙන්නට පෙර ඔහුට එරට සිටි පෙම්වතියයි. ඇය ඉන් පසුදාම ලංකාවට පිටත්ව එනවා.
දෙවන කතාව
යමක් කමක් ඇති පවුලක ගැහැණු දරුවෙකු වූ ඇය, නිර්මලා, තමන්ට නොගැලපෙන සම්බන්ධයක් ඇති කරගෙන ඔහු, සමන්, හා රහසේ පලා යනවා. එහෙත් මේ හදිසි තීරනයෙන් ඇයට නොසිතූ කරදර රාශියකට මුහුන දෙන්නට සිදු වෙනවා. ඔහු පැමිණි සමාජ ජාලයට අනුව හැඩ ගැසීමට එක් අතකින් ඇය අපොහොසත් වන අතර ස්ථිර රැකියාවක් නොමැති ඔහු හා දරුවන් තිදෙන පෝෂනය කිරීමට ඇයට තමන් ලද අධ්‍යාපනය උපකාරයෙන් රැකියාවක් කිරීමට සිදුවෙනවා. මේ සියලු කරදර අතර ඔහුට අවශ්‍ය පරිදි මිල මුදල් සපයා නොදුන් විට ඇයට ඔහුගෙන් ලැබෙන්නේ හිංසා පීඩා මිස ආදරයක් නොවෙයි. ඇය හා රැකියාව කරන ස්ථානයේ පුද්ගලයෙක් ඇගේ මේ දුක් පීඩා වලට සවන් දෙමින් ඇයට මිතුරෙක්(?) මෙන් සමීපව සිටිනවා. දිනක් සමන්ට අවශ්‍යව තිබුනු මුදලක් ඇයගෙන් නොලැබුන කළ බීමත්ව සිටි ඔහු ඇයට තදින් පහරදී ගෙදරින් එලවා දමනවා. යන්නට තැනක් නොමැතිව පහරකෑම් වල වේදනාවෙන් ඇවිදගන්නට බැරිව සිටි ඇයට නගරයේදි ඇගේ මිතුරා මුන ගැසෙනවා. ඇය පත්ව ඇති අසරන තත්වය දුටු ඔහු, සුගත්, ඇයව රෝහලට ගෙන යන මුත් නිර්මලා තමන්ගේ සැමියාට එරෙහිව කිසිවක් රෝහල් පොලීසියට පවසන්නේ නැහැ. එහෙත් ඇගේ කොඳු ඇට පෙලට හානි සිදුව තිබූ බැවින් ඇය රෝද පුටුවකට සීමාවූ සදාකාලික රෝගියෙක් බවට පත්වනවා. සමන් ඇය බැලීමට රෝහලට හෝ නොපැමිණෙන අතර ඇගේ සියලු උවටැන් සුගත් විසින් කරනු ලබනවා. අවසන සුගත් මේ සදාකාලික රෝගී ඇය තම නිවහනට රැගෙන යනවා.

ඔව්ව ඔහොම තමයි.
ReplyDeleteතව කෙනෙක්ව සම්පූර්ණයෙන් අයිති කරගන්න බෑ කවදාවත්.
අනෙකාව පාවිච්චි කිරීමටත්, එසේ පාවිච්චි කිරීමට නොහැකි වූ විට අගතියට පත් කිරීමටත් විවාහය විසින් බලපත්‍ර ලබා දෙනව.
``Outsider``
වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත.
ReplyDeleteපළවෙනි කතාව නම් ඒ විදියටම මා යෙහෙළියක මුහුන දුන්නා. ඒ දවස් වල මට හිතුනේ මගේ යාළුවා පවු කියලා. ඒත් මේ ළඟ කාලෙකදි මට හම්බ වුනාම මට නිකමටවත් හිතුනේනෑ ඒ මගේ යාළුවා කියලා. ඒ තරමටම ඇය ජීවිතේ ජය අරන්. ඉස්සර හිටිය ඇය නෙමෙයි ඒ වගේ සිය ගුණයක් උත්සාහවන්ත ගැහැණියක්.
ReplyDelete