සිහිල් නුග සෙවනක්ව
සිසිල දුන් මා සිතට
ඔබ කොහේ සැඟවුනිද
දැනෙයි පාලුව සිතට
සුනිල දිය දහරක්ව
ලඟින් සිටි ඔබ කොහිද
නිවෙන්නට නෙතු කඳුලු
දකින්නේ කවදාද ...?
ගිලන්වී ගත සිතද
අතරමංවී හිඳිමි
නෑවිදින් යලි මවෙත
සැඟව ඉන්නේ මංද ....?
කඳු ශිඛර නිල් අහස
වන දුර්ග සතර දෙස
සොයමි යලි දකින්නට
ඔබේ ඔය සිනා වත
ජීවිතයෙ පාලමෙන්
එතෙරවී ලඟින් හිඳ
සිනාසෙන්නට වරම්
ලැබෙන්නේ කවදාද ..... ?
සිසිල දුන් මා සිතට
ඔබ කොහේ සැඟවුනිද
දැනෙයි පාලුව සිතට
සුනිල දිය දහරක්ව
ලඟින් සිටි ඔබ කොහිද
නිවෙන්නට නෙතු කඳුලු
දකින්නේ කවදාද ...?
ගිලන්වී ගත සිතද
අතරමංවී හිඳිමි
නෑවිදින් යලි මවෙත
සැඟව ඉන්නේ මංද ....?
කඳු ශිඛර නිල් අහස
වන දුර්ග සතර දෙස
සොයමි යලි දකින්නට
ඔබේ ඔය සිනා වත
ජීවිතයෙ පාලමෙන්
එතෙරවී ලඟින් හිඳ
සිනාසෙන්නට වරම්
ලැබෙන්නේ කවදාද ..... ?

ජිවිත පාලමෙන් එතෙරට
ReplyDeleteලංවි ආදරයෙන් හමුවෙන්න
සුභ නැකත අරන් දිනයක
ඔහු එවි ඔබ සොයා ගෙන.
ගිලන් වු සිත සුවපත් කරනට
එකක එක ආදරෙ වදනකින්
ඔහු අමතයි ඔබ සොයාන විත්
නව ලොවකට පියමං කරන්නට....
ජීවිතය මුණ ගැසීමේ හා වෙන්ව යාමේ අනවරත ගමනකි. ඉදින් මේ ස්වභාවයෙන් ගිලන් වන්නේනම් හැමදාම ගිලන් වී සිටීම හැර අන් කිසිවක් තෝරා ගත නොහැකි වනු ඇත.
ReplyDelete