උකුල් ඇටයෙන් උපන්
දෙවැනි පෙල ගැහැණියැයි
කියා ගරහන එවුන්
වෙත දෑස් නොහෙලන්න
යටි අරුත් නොම දන්න
උන් කියන බස් අසා
ප්‍රිය සොඳුර මේ ලෙසින්
වැලපීම නවතන්න
ඔබ මගේ සිරුරේම
කොටසකැයි සිතෙන විට
හැඟෙයි මට කොයිතරම්
සමීපද ඔබ ඉතින්
මගේ සිරුරෙන් උපන්
බැවින් එය කියා දෙයි
පියෙකුගේ සෙනෙහසින්
ඔබ රැකිය යුතු බවක්
මගෙම කොටසක් බැවින්
මගේ සිරුරට මෙන්ම
ආදරය කරන මම
"ආදම්"ය ඔබ "ඒව"
දෙවැනි පෙල ගැහැණියැයි
කියා ගරහන එවුන්
වෙත දෑස් නොහෙලන්න
යටි අරුත් නොම දන්න
උන් කියන බස් අසා
ප්‍රිය සොඳුර මේ ලෙසින්
වැලපීම නවතන්න
ඔබ මගේ සිරුරේම
කොටසකැයි සිතෙන විට
හැඟෙයි මට කොයිතරම්
සමීපද ඔබ ඉතින්
මගේ සිරුරෙන් උපන්
බැවින් එය කියා දෙයි
පියෙකුගේ සෙනෙහසින්
ඔබ රැකිය යුතු බවක්
මගෙම කොටසක් බැවින්
මගේ සිරුරට මෙන්ම
ආදරය කරන මම
"ආදම්"ය ඔබ "ඒව"

ලස්සනයි.......... හිතන්න දෙයක් ඉතුරු කල ලස්සන නිර්මාණයක්.....
ReplyDeleteකව්පෙල නම් ලස්සනයි,
ReplyDeleteඑහෙත් මැණික්,
ඇය මවන ලද්දේ,
ඔහුගේ උකුල් ඇටයෙන් නොව,
ඉළ ඇටයෙන් නොවේද?
ඕක ජීව විද්‍යාත්මක වෙනස්කමක් විතරයි. ඇතුළතදි කවුරුත් සමානයි. නැත්නම් එකෙක්මයි. එහෙම නැත්නම් එකිනෙකා හැමෝගෙන්ම ස්වාධීනයි.
ReplyDelete