හීන සිතුවම් පිරුනු නේක මල්දම් ගෙතුනු
පාට සහසක් තැවරු කාටවත් නොම පෙනුනු
මේ මිහිරි විරාමයෙ තවම නොලියූ නැවුම්
ආදරේ කවිය ඔබ ස්නේහයේ කවිය ඔබ
දහස් පදවැල් ගෙතුනු මියුරු සත්සර පිරුනු
කවුරුවත් නොම ඇසූ ගීත සහසක් ගැයුනු
හදේ ගැඹුරින් තබා ආදරෙන් සිප ගැනුනු
ආදරේ කවිය ඔබ ස්නේහයේ කවිය ඔබ
කලා සොලොසින් පිරුනු පුරා හඳ මෙන් දිලුනු
අමාවක නොදුටු සිත සිනා මල්වැල් පිපුනු
ගිම්හාන විරාමය සිසිලසින් පන පෙවුනු
ආදරේ කවිය ඔබ ස්නේහයේ කවිය ඔබ
No comments:
Post a Comment