හිනැහෙමින් දන ගගා මුදුවදන් කියනවිට
පුංචි දේටත් නෙතේ කදුලු බිදු නැගෙන විට
මල් හීන දකින හිත ගී සින්දු කියනවිට
සද එලිය වගෙයි ඔබ නේක වර සිතුනි මට
පියාගේ පාවහන් පැළද හැමතැන දුවන
පන්තියේ යෙහෙලියන් හසුරුවන, මග කියන
සුසුම් හිත දරාගෙන දිරිය ගෙන හිනාවෙන
ඉර එලිය වගෙයි ඔබ මගේ දුවනියේ අද
සද එලිය සෞම්‍යයි සිසිලසයි දිවිමගට
දියනියන් ඒ වගෙයි කවුරු කීවත් එහෙම
ලොවට පෙරමග කියන ලකුනු දකිනා නෙතට
සිසිල හා එක්ව ගත් නැවුම් හිරු කිරන ඔබ
No comments:
Post a Comment