කිරි සිනාවන් පුරා ඔබ ලොවට වඩින විට
නොදුටුවෙමි මා එදා ඔබේ රුව ගුන වරුන
මගෙ පුංචි පුතනුවනි වාසනාවන් ලොවට
සෙවනැල්ල උනා ඔබ මගේ හැම සුසුමකම
අසා නොසරුප් වදන් හිත බිඳී හඬන කල
කතා කල ඔබෙ දෑස් දිරිය දුන්නා හිතට
වහා දුවගොස් කුරිරු සිත් නිවා මෙලෙක් කොට
රිදුම් දුන් වදන් ඔබ නතර කලෙ කෙලසකද
මග හසර සොයනු බැරි අතරමන් නිමේෂෙක
ඔබයි පහනක් වෙලා වැලකුවේ වැරදි මග
එපා නොකියනා මුත් ඔබේ ඔය නිහඩ වත
කියූ දහසක් කතා හැදින්නෙමි මම නිතර
හිනාවනවිට නිතින් මා සමග හිනාවන
සුසුමකට ඉඩක් කොහිදෝ පුතුනි ඔබේ ලග
මගේ හැම පියවරම පියෙන් පිය ලඟින් එන
සෙවනැල්ල නොවේ නම් වෙන කවුද පුතුනි ඔබ
No comments:
Post a Comment