වැස්ස හරි හීතලයි - අඳූර හැම තැන ගලයි
අනේ මං ආස නැහැ - හිනැහෙමින් ඔබ කියයි
වැස්ස හරි ලස්සනයි - හඬන ඔබෙ ඇස් වගෙයි
මං එහෙම පැවසුවම - තරහ ගන්නේ ඔබයි
මඩ වතුර හැමතැනම - අනේ හරි හිරිකිතයි
ඇවිද යන්නේ කොහොම - තොඳොල් වී ඔබ අසයි
දෙපා දොවමින් අපේ - ඒ වතුර ගලනවිට
එක කුඩේ තුරුලු වී - යන්න මගෙ හිත කියයි
මහ හඬින් ගොරවලා - විදුලි එලි පැතිර යයි
කොයි වෙලේ නවතීද - මේ වැස්ස ඔබ තැවෙයි
අනේ තව දහස්වර - ගොරවපන් අහස නුඹ
තිගැස්සී තුරුලු වන - ඇයට මං ආදරෙයි
No comments:
Post a Comment