Saturday, February 23, 2013

"වෙන කිසිවක්ම නොලියමි"

බාලචන්ද්‍ර වත කමලේ අවිහිංසක රුව               දු‍ටුවම
ගිනි දහසක් නැගුනේ හද මවකගෙ හිත ලැබුනු      පවට?
මපුතුගෙ රුව නුඹේ රුවෙන් වෙනසක් නොදැනුනේ කිමද?
නුඹත් පුතෙකි මිනිස් කුලේ මනුසත් බව ලැබූ       පිනට


යුද්ධයට අප දෙන කවර හේතුවක් වුනත් අවසාන විග්‍රහයේදී අතිශයින්ම අසාධාරණයි. ජාති කුල මල ආගම් ආදී මෙකී නොකී හැම කො‍ටු පවුරකටම ඉහලින් මිනිස් වග නැගී සිටින්නේ කවදාද?

වෙන කිසිවක්ම නොලියමි.

Friday, February 15, 2013

ග්‍රහක කැබලි රුසියාවේ ගැ‍ටුනාද?

ග්‍රහක කැබලි  වැස්සක් රුසියාවට සහ කසකස්තානයට?
කියවන්න වැඩි දුර මෙතැනින්.

Meteor shower reportedly hits Russia and Kazahstan, over 200 people injured

"A bright flash was seen in the Chelyabinsk, Tyumen and Sverdlovsk regions, Russia’s Republic of Bashkiria and in northern Kazakhstan early morning local time on February 15, 2013. Officials mention meteor shower and say that it began after a large meteorite disintegrated above the Urals mountain range and partially burned up in the lower atmosphere – resulting in fragments falling earthwards throughout the Chelyabinsk region. Numerous YT videos show unusual trail accompanied by several loud booms. Many reports mention shattered windows. Lifenews tabloid said that at least one piece of the fallen object caused damage on the ground in Chelyabinsk, according to preliminary reports, it crashed into a wall near a zinc factory, disrupting the city’s Internet and mobile service.
Some believe that a long waited asteroid 2012 DA14 flyby scheduled for late afternoon today (UTC time) is somehow related to this incidedent though at this time it is unknown what exactly happened in in the sky above Russia today."

 

Sunday, February 10, 2013

"මට මා අහිමිවූ සඳ"

දිනකර නැගෙන කළ
දෙපයට වාරු දෙමි "මම"
කප්පරක් යුතුකම්
එක පෙලට සි‍ටුවාලමි

ආලෝකය ගෙනෙන
සියළු තත්පර නැසුමට
එකක් පසුපස එන
වැඩ කඳු වලට පුළුවන

"මම" යැයි කෙනෙක් ගැන
එවිට මට අමතක වෙත
මට එරෙහි වන "මම"
මට මා අහිමිවූ සඳ

Tuesday, January 15, 2013

"පච්ච සිරාගෙන්"

පොලු අරගෙන රට හදන්න එන්න   රත්තරන්
බත් ගෙඩියට කතිරෙ දෙන්න යමුද  රත්තරන්
පිකට් එකට පන්සීයලු නේද         රත්තරන්
හැන්දෑවට අඩි ගහලා නටමු         රත්තරන්

ඉගෙන ගන්නෙ මොන මඟුලද මෙන්න මෙහෙ වරෙන්
උත්තමයගෙ පස්සෙ යන්න දැන්ම ඉගෙන         ගන්
ඉගෙන ගත්ත උන්ට කොචොක් දාන්න         පුලුවන්
හූ කියලා උන් එළවල නටන්න                 පුලුවන්

නීති පොතට මක්ක උනත් අපිට මොකද   බං
උත්තමයගෙ කට වචනෙයි අපෙ නීතිය    බං
රජ කරන්නෙ අපේ අයයි මොන බයක්ද   බං
පොලෝසියත් අපි එක්කයි එහෙම නේද   බං

Thursday, January 10, 2013

"වරද කොතනද??"

සිඳුනි ඊයේ
"රිසානා" ගෙල
දුගී බව නම්
අසිපතෙහි වැද

සි‍ඳෙයි අද හෙට
යුක්තියේ ගෙල
"
ශිරාණි" ලෙස
වරද කොතනද??

Sunday, January 6, 2013

"කාල අවකාශයෙන් එපිටට"

අපි හැමකෙකුම කාල අවකාශ රාමුවක සැරි සරමු. ඒක සමුද්දේශ රාමුවක්. කාලය...... සහ අවකාශය..... අවකාශය ත්‍රිමානයි. ඊට කාලය එකතුවූ විට සිව්මානයි. ජීවිතය මේ ත්‍රිමාන අවකාශය තුල ගලාගෙන යනවා කාලයට සාපේක්ෂව. ඒ කියන්නෙ අපිට මේ ජීවිත කාලය තුල චලනය වෙන්න පුලුවන් ඒ කාල අවකාශ රාමුව තුල පමණයි. ජීවිතයේ එක් මොහොතක් මේ සිව්මානය තුළ පිහිටි ලක්ෂයක පිහි‍ටුමක්වේද?
අපි දකින්නෙ, අපිට පෙනෙන්නෙ ඒ කාල අවකාශ රාමුව තුල දේ පමණයි. නිව්ටෝනියානු විද්‍යාව තුලින් සනාත කරන්න දඟලන්නෙත් පෙනෙන, දකින ඒ කාල අවකාශ රාමුවට අදාළ දේ පමණද? නිව්ටෝනියානු අර්ථදැක්වීම්?? එතකොට මේ කාල අවකාශ රාමුවට පිටස්තර අප අයත්වූ සහ අයත් විය හැකි කාල අවකාශ  රාමු නොමැතිද? ක්වොන්ටම් පිම්මක් පැන අපි මේ කාල අවකාශ රාමුව තුලට ඇවිත්?. අප අයත් කාල අවකාශ රාමුවෙහි කාලය අවසන්ව ගිය කළ නැවත ක්වොන්ටම් පිම්මකින් අපි වෙනත් කාල අවකාශ රාමුවක පෙනී සිටීවිද? එවිට නව කාල අවකාශ රාමුවෙහි පිහි‍ටුම් සමඟ පෙර කාල අවකාශ රාමුවෙහි පිහි‍ටුම් සහ සම්බන්ධ නොවේවිද? අයින්ස්ටයින්ගේ විශේෂ සාපේක්ෂතා වාදයට අනුව නම් එවන් සහසම්බන්ධයක් සොයා ගත හැක.
ඔව්..... ඔබ මට මුණ ගැහුනෙ ඊයෙවත් අදවත් නොවෙයි. අපි අතර මේ සහ සම්බන්ධය මේ කාල අවකාශයෙන් පිටස්තරයි. ඔබට මට අයත්වූ වෙනත් කාල අවකාශ රාමුවකින් දැනෙන මේ සියල්ල අප අයත් නව රාමුවෙන් පිටස්තර පිහි‍ටුමකින් එන ඇනවීම්. එයට මා දියයුතු නම "කර්මයද",  "දෛවයද" යැයි නොදනිමි. එහෙත් එක් දෙයක් මම දනිමි. ඒ....... ජීවිතයේ අප කරා එන සිදුවීම් අපට මග හැර යා නොහැකි බවයි. එය එතැන පවතියි. අපි ඒ සිදුවීම් හරහා ගමන් කරමු. අවශ්‍ය නම් ඒවා බදා වැළඳ ගත හැක. නැතිනම් ඒවාට ඔහේ යන්නට ඉඩ හැර බලා සිටිය හැක. එහෙත් පෙර සිදුවීම් හා සහසම්බන්ධය දැඩි නම් අපද නොදැනී නව සිදුවීම් හා වෙලී පැටලෙමු. අප නොදන්නා මෙවන් සියුම් බන්ධන කෙතෙක් වේද? ඒ බන්ධන වල දැඩි බවින් මිදී සන්සුන් වන්නේ, නිවෙන්නේ කවදාද?
"All matter is merely energy condensed to a slow vibration. We are all one consciousness experiencing itself subjectively. There is no such thing as death, life is a dream, and we're the imagination of ourselves."
අසන්න මේවාත්
The illusion of Reality - Consciousness & Quantum Physics: http://www.youtube.com/watch?v=CRkDicwjRQs


Quantum Physics-Does reality exists: 

 http://www.youtube.com/watch?v=SRjKrVtx8KA