-->

Saturday, February 23, 2013

"වෙන කිසිවක්ම නොලියමි"

බාලචන්ද්‍ර වත කමලේ අවිහිංසක රුව               දු‍ටුවම
ගිනි දහසක් නැගුනේ හද මවකගෙ හිත ලැබුනු      පවට?
මපුතුගෙ රුව නුඹේ රුවෙන් වෙනසක් නොදැනුනේ කිමද?
නුඹත් පුතෙකි මිනිස් කුලේ මනුසත් බව ලැබූ       පිනට


යුද්ධයට අප දෙන කවර හේතුවක් වුනත් අවසාන විග්‍රහයේදී අතිශයින්ම අසාධාරණයි. ජාති කුල මල ආගම් ආදී මෙකී නොකී හැම කො‍ටු පවුරකටම ඉහලින් මිනිස් වග නැගී සිටින්නේ කවදාද?

වෙන කිසිවක්ම නොලියමි.

7 comments:

  1. මීට වඩා මොනවත් කියන්න නෑ කියලයි මටත් හිතෙන්නේ...!
    ජාතිවාදෙන් හෝ තව බොහෝ හේතු නිසාවෙන් මනුස්සකම බල්ලට දාන තිරිසනුන්ට හැර වෙන කාටවත් අනුමත කල හැකි දෙයක්ද මේ?

    ReplyDelete
  2. ස්තූතියි... මනුස්සකමට....

    ReplyDelete
  3. ඔබට මගේ ප්‍රණාමය!

    මෙම ප්‍රවෘත්තිය මට නම් මිනිසුන් සහ නොමිනිසුන් වෙන්කර හඳුණා ගැනීමට ලැබුණු හොඳම අවස්ථාවක් වුණා.

    ReplyDelete
  4. නිවැරදිම ප්‍රශ්නය ඔබ අසා ඇත.

    ReplyDelete
  5. හ්ම්ම්.. කියන්න ඕන දේ කෙලින්ම කියලා තියෙනවා..

    ReplyDelete
  6. මිනිසත් කම ඉස්මතුවෙන දවසක් එනකල් බලා ඉන්නවා. මේ වාගේ දේ දකිනකොට ඇතිවෙන කලකිරීම අපමණයි.

    ReplyDelete