-->

Tuesday, January 15, 2013

"පච්ච සිරාගෙන්"

පොලු අරගෙන රට හදන්න එන්න   රත්තරන්
බත් ගෙඩියට කතිරෙ දෙන්න යමුද  රත්තරන්
පිකට් එකට පන්සීයලු නේද         රත්තරන්
හැන්දෑවට අඩි ගහලා නටමු         රත්තරන්

ඉගෙන ගන්නෙ මොන මඟුලද මෙන්න මෙහෙ වරෙන්
උත්තමයගෙ පස්සෙ යන්න දැන්ම ඉගෙන         ගන්
ඉගෙන ගත්ත උන්ට කොචොක් දාන්න         පුලුවන්
හූ කියලා උන් එළවල නටන්න                 පුලුවන්

නීති පොතට මක්ක උනත් අපිට මොකද   බං
උත්තමයගෙ කට වචනෙයි අපෙ නීතිය    බං
රජ කරන්නෙ අපේ අයයි මොන බයක්ද   බං
පොලෝසියත් අපි එක්කයි එහෙම නේද   බං

3 comments:

  1. නීති කවද්ද මෙයා ක්‍රියාත්මක වුනේ හැමදාම ඒවා පොත්වල...පුස්කනවා...

    ReplyDelete
  2. ඇත්ත ඇත්ත. ලස්සනට කියලා තියෙන්නෙ අමුලික ඇත්තනේ. හ්ම්ම්.

    ReplyDelete
  3. //පොලෝසියත් අපි එක්කයි එහෙම නේද බං// ලේ රත් වෙන පොස්ට් දන්නා එපා.දැන් මගේ ලේ ටික ටික කුණු ලේ පාට වෙලා.

    ReplyDelete