-->

Sunday, February 10, 2013

"මට මා අහිමිවූ සඳ"

දිනකර නැගෙන කළ
දෙපයට වාරු දෙමි "මම"
කප්පරක් යුතුකම්
එක පෙලට සි‍ටුවාලමි

ආලෝකය ගෙනෙන
සියළු තත්පර නැසුමට
එකක් පසුපස එන
වැඩ කඳු වලට පුළුවන

"මම" යැයි කෙනෙක් ගැන
එවිට මට අමතක වෙත
මට එරෙහි වන "මම"
මට මා අහිමිවූ සඳ

8 comments:

  1. ඇත්තටම එදිනෙදා කළ යුතු කාර්යයන් ගැන හිතෙන විට මට මාව අමතක විම පුදුමයක් නෙවෙයි. සිදුව ඇත්තේ කාලය සමග හරඹයක යෙදෙන්නටයි. එවිට බුද්ධිමත් මිනිසකු හැදෙනවාට වඩා මිනිසා යාන්ත්‍රිකයෙකු බවට පත් කරනවා.

    ReplyDelete
    Replies
    1. වැඩ අධික කම නිසා තමන් වෙනුවෙන් කාලයක් නොමැතිවීම ගැන වෙලාවකට පුංචි දුකක් දැනුනත් තව බොහෝ දෙනෙක් එමඟින් සතු‍ටු වන බව දු‍ටුවාම සතුටක් දැනෙනවා. වැඩ වැඩි වුනාම අපි ඉබේම ක්‍රියාත්මක වෙන යන්ත්‍ර වගේ තමයි. ස්තුතියි.
      මැණික්

      Delete
  2. අනෙ අප්පේ මටත් වඩා මට මතක් වුණෙ අපේ ගෙදර ඇත්තෝ
    දැන් උන්දැට තමුන්ව අමතකම වෙලා ගිහින් :-(

    ReplyDelete
    Replies
    1. දුක් වෙන්න එපා ඇය ගැන. තමන් වෙනුවෙන් වෙලාවක් ඇයට නැතිවීම ගැන පුංචි දුකක් දැනුනත් ඇය මවක් නම් දරුවන්ගේ සතුට දු‍ටුවාම ඇය සතුටින් ඉපිලේවි. ඔබේ බිරිඳ ලෙස ඔබ යන ගමන දැක සැනසේවි. ගුරුවරියක් නම් තමන් නෙත් පාදන දරුවන්ගේ දියුණුව දැක හිනැහේවි.
      මැණික්

      Delete
    2. බොහොම ස්තූතියි මැණික්
      [ඔබ බොහොම කරුණාවන්ත කෙනෙක් පාටයි!]

      Delete
  3. මදැයි ඔයාව දැක්ක කල් මැණික්! :)

    මේ නිර්මාණය කියවද්දි මට මතක් උනේ Robert Frost ගේ Stopping by Woods on a Snowy Evening කියන කාව්‍ය නිර්මාණය. ඉංග්‍රීසි සාහිත්‍යයට අපි ඒක ගැන ඉගෙන ගත්තේ ඔයාගේ මේ නිර්මාණයේ කියවෙන අරුතට සමාන අරුතකින්.

    මේ අන්තිම පද පෙළ බලන්න...

    The woods are lovely, dark and deep.
    But I have promises to keep,
    And miles to go before I sleep,
    And miles to go before I sleep.

    කොයි තරම් නතර වී හිඳින්නට ආශා වුනත් ඔහුට එහි නතර වී සිටීමට වෙලාවක් නෑ. තමා වෙනුවෙන් වෙන් කිරීමට කාලයක් නෑ. යුතුකම් හා වගකීම් වලින් පිරුණු මාවතක් ඔහු ඉදිරියේ. නිදාගැනීමට පෙර (ජීවිත ගමනේ නින්ද ලඟා වීමට පෙර) එය ගෙවා යා යුතුව ඇත.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ කොච්චර කාලෙකින්ද. මඳැයි නේද? :) :) :)
      The woods are lovely, dark and deep.
      But I have promises to keep,
      And miles to go before I sleep,
      And miles to go before I sleep.
      අපි වෙනුවෙන් වෙන් කිරීමට කාලයක් නොමැතිව පිම්මේ දුවන විට අවසානයේ අපි නොදැනුවත්වම අපේ සෞඛ්‍යය පිරිහීම තමයි ලොකුම ප්‍රශ්නය. අන් අය වෙනුවෙන් යමක් ඉ‍ටු කිරීමට හැකිවීම ගැන සතුටක් දැනුනත් දවසේ කාලයෙන් පුංචි ඉඩක්වත් අපි වෙනුවෙන් තබා ගතයුතුයි කියල දවසක හිතෙන්න පුළුවන්. ස්තුතියි.
      මැණික්

      Delete
  4. මටත් දැන් විවේක ගන්න කාලය හරිය කියල හිතනවා මැණික්. අවුරුදු ගානක්ම මම මාව නොසලකා හැරලා. දැන් ඉන්නෙ දැඩි වෙහෙසකින් කියල මට හිතෙන්නෙ. මේ ලියන එකෙන් තමයි යාන්තම් වත් සහනයක් හිතට සතුටක් දැනෙන්නෙ. ඒක නිසා මදක් හෝ විවේකයක් උවමනායි. ගොඩාක්ම ස්තූතියි මටත් ඒක මතක් කලාට.

    ReplyDelete