පුවත්පතක් කියවනවිට වැදගත් යැයි සිතෙන යමක් ඇත්නම් එම පිටු වෙන් කර ළඟ තබා ගැනීම කුඩා කළ සිටම ඇති මගේ පුරුදු වලින් එකකි. ළඟදී දිනක එසේ තබා ගෙන සිටි පුවත් පත් පිටුවක කොටසක් අහම්බෙන් මා අතට පත්විය. එහි සඳහන්ව තිබූ කරුණු වල සත්‍යය අසත්‍යතාවය ගැන මට කිසිවක් කිව නොහැකි වුවත් මගේ සටහන් කියවන ඔබට ඒ පිළිබඳ විනිශ්වය කිරීමට ඉඩ තබමින් එහි සඳහන් කරුණු මෙය ලිවීමට පාදක කර ගතිමි.
"කර්ම බන්ධන" නමින් මා මීට පෙර ලිවූ සටහනක විවාහ බන්ධන ගැන, ජීනා සෙර්මිනාරා (Gina Cerminara) මෙනෙවිය විසින් රචිත Many Mansions නම් කෘතියෙහි සිංහල අනුවාදය වන කන්නිමහර සුමංගල හිමියන්ගේ "සංසාර මන්දිර" නම් ග්‍රන්ථයේ 13 වන පරිච්ඡේදයේ වූ පහත වැකි පෙළ උපුටා දැක්වූයෙමි.
"නීතියේ දෘෂ්ටියෙන් බලන විට විවාහය කොන්ත්‍රාත්තුවෙකි. සිවිල් සංවිධානයකි මානසික වෛද්‍ය විද්‍යාවේ දෘෂ්ටියෙන් එය ලිංගික හා භාවික ආවේගයන්ගේ රඟ මඬලකි. ආගමික අතින් එය ශුද්ධ ආගමික චාරිත්‍රයකි. මනෝ විද්‍යාවට එය පෙනෙන්නේ හැසිරීම් හා සකස් වීමේ ප්‍රශ්නයක් ලෙසය. ඇනුම්පද කාරයෙක් විවාහය මෝඩයන් අසුවන උගුලක් ලෙසින් දකී."
මෙම කෘතියෙන් විස්තර කර ඇත්තේ 1877 දී ඇමෙරිකාවේ කෙන්ටකිහි උපත ලබා පසුව "වර්ජිනියා වෙරළේ ප්‍රාතිහාර්යකාරයා" ලෙසින් ප්‍රසිද්ධ වූ දිවැසින් වෙදකම් කළ එඩ්ගා කේසී
මානසික සහ ආධ්‍යාත්මික ගැළපීම් විවාහයකට පෙර යම් තරමකට හෝ සසඳා බැලිය හැකි වුවත් කායික ගැළපීම් සොයා බැලීමට අපේ සංස්කෘතිය තුළ ඉඩක් නැත. හරි හෝ වැරදි හෝ වේවා මේ සඳහා යොදා ගන්නා එක් ක්‍රමයක් වන්නේ ජන්ම පත්‍රය සහ පොරොන්දම් ගැලපීමය. ජ්‍යෙතිෂය දන්නා අය එය කරන පිළිවෙළ පැහැදිලි කරනු ඇත. එහෙත් මීට වෙනස් ක්‍රමයක් ගැන මා සතු එම පුවත් පිටු කැබැල්ල දක්වයි. දිනය හෝ පත්‍රයේ නම සඳහන් කොටස එහි නොමැති නිසා එය කුමන පත්‍රයේ පළවූවාදැයි මට මතක නැති වුවත් එය ජ්‍යෙතිෂ පුවත් පතක් බව නම් ස්ථිරය.
මෙම ක්‍රමය මූලිකව දෙදෙනා අතර වයස් පරතරය, සහ ස්ත්‍රියගේ වම් අතේ වියතෙන් පුරුෂයාගේ දකුණු අතේ රියන මැනීමෙන් ලැබෙන ප්‍රථිපලය මත රඳා පවතී. දෙදෙනා අතර වයස් පරතර කොටස් හතරකට බෙදා ඇත.
1. දෙදෙනා සම වයස් වීම
මෙවිට ස්ත්‍රියගේ වම් අතේ වියතෙන් පුරුෂයාගේ දකුණු අතේ වැලමිට හන්දියේ කෙළවර සිට මැදඟිල්ලේ අවසානය තෙක් මනින්න. එය වියත් දෙකක් නම් දෙදෙනා ඉතා හොඳින් ගැළපේ. වියත් දෙකට අඩු හෝ වැඩි වීම සුදුසු නැත.
2. අවුරුදු 10 දක්වා වයස් පරතරයකින් යුතුවීම
මෙවිට ස්ත්‍රියගේ වම් අතේ වියතෙන් පුරුෂයාගේ දකුණු අතේ වැලමිට හන්දියේ කෙළවර සිට වෙදඟිල්ලේ අවසානය තෙක් මනින්න. එය වියත් දෙකට අඩු නම් පමණක් දෙදෙනා ඉතා හොඳින් ගැලපෙන බව දක්වා ඇත.
3. අවුරුදු 11-15 දක්වා වයස් පරතරයකින් යුතුවීම
මෙවිට ස්ත්‍රියගේ වම් අතේ වියතෙන් පුරුෂයාගේ දකුණු අතේ වැලමිට හන්දියේ කෙළවර සිට සුළැඟිල්ලේ අවසානය තෙක් මනින්න. එය වියත් දෙකක් නම් දෙදෙනා ඉතා හොඳින් ගැලපෙන බව සඳහන් කොට ඇති අතර වියත් දෙකට අඩු හෝ වැඩි වීම නොගැලපීමකි.
4. අවුරුදු 16-20 දක්වා වයස් පරතරයකින් යුතුවීම
මෙවිට ස්ත්‍රියගේ වම් අතේ වියතෙන් පුරුෂයාගේ දකුණු අතේ වැලමිට හන්දියේ කෙළවර සිට දබරැඟිල්ලේ අවසානය තෙක් මනින්න. මෙහිදීද මිනුම වියත් දෙකකට සමවේ නම් දෙදෙනා ඉතා හොඳින් ගැළපේ. වියත් දෙකට අඩු හෝ වැඩි වීම සුදුසු නැත.
මෙම ක්‍රමය ශරීරාංග වල මිනුම් මත රඳා පවතින බව පෙනේ. ශරීරාංග ගැන සඳහන් කරන විට අපගේ අත මිට මෙළවූ විට එය හදවතෙහි විශාලත්වයට සමාන බවත්, වැලමිටේ සිට අතැඟිලි අතර ඇති දිග පාදයේ දණහිසෙන් පහත කොටසට සමාන බවත් අපි දනිමු. ඉතින් ශරීරාංග මැන බලන මෙම ක්‍රමයෙහි සත්‍යය අසත්‍යතාවය තීරණය කිරීම ඔබට බාරය. එහෙත් අවසානයේ මතක තබා ගත යුතු කරුණ වන්නේ මේ හැම පරීක්ෂණයම සමත්ව විවාහයෙන් අසමත් වන්නන් මෙන්ම එම පරික්ෂණ සියල්ල අසමත්ව විවාහය සමබරව ගෙවන්නන්ද සිටින බවය.
"කර්ම බන්ධන" නමින් මා මීට පෙර ලිවූ සටහනක විවාහ බන්ධන ගැන, ජීනා සෙර්මිනාරා (Gina Cerminara) මෙනෙවිය විසින් රචිත Many Mansions නම් කෘතියෙහි සිංහල අනුවාදය වන කන්නිමහර සුමංගල හිමියන්ගේ "සංසාර මන්දිර" නම් ග්‍රන්ථයේ 13 වන පරිච්ඡේදයේ වූ පහත වැකි පෙළ උපුටා දැක්වූයෙමි.
"නීතියේ දෘෂ්ටියෙන් බලන විට විවාහය කොන්ත්‍රාත්තුවෙකි. සිවිල් සංවිධානයකි මානසික වෛද්‍ය විද්‍යාවේ දෘෂ්ටියෙන් එය ලිංගික හා භාවික ආවේගයන්ගේ රඟ මඬලකි. ආගමික අතින් එය ශුද්ධ ආගමික චාරිත්‍රයකි. මනෝ විද්‍යාවට එය පෙනෙන්නේ හැසිරීම් හා සකස් වීමේ ප්‍රශ්නයක් ලෙසය. ඇනුම්පද කාරයෙක් විවාහය මෝඩයන් අසුවන උගුලක් ලෙසින් දකී."
මෙම කෘතියෙන් විස්තර කර ඇත්තේ 1877 දී ඇමෙරිකාවේ කෙන්ටකිහි උපත ලබා පසුව "වර්ජිනියා වෙරළේ ප්‍රාතිහාර්යකාරයා" ලෙසින් ප්‍රසිද්ධ වූ දිවැසින් වෙදකම් කළ එඩ්ගා කේසී
(edgar Cayce (http://en.wikipedia.org/wiki/Association_for_Research_and_Enlightenment), (http://www.caycegoldengate.com/)) නම් මහත්මයා පිළිබඳවය.
ඔහුට අනුව විවාහයකදී මානසික, කායික මෙන්ම ආධ්‍යාත්මික ආකර්ෂණයක්ද පැවතිය යුතුය. මෙහි ආධ්‍යාත්මික යන්නෙන් වඩා ගැඹුරට ගිය සද්ගුණ හඳුන්වන අතර දෙදෙනෙක් අතර බලවත් ආකර්ෂණයක් හට ගෙන ඇති බව දැනෙන්නට වූ විට පරිස්සම් විය යුතු බව ඔහු කියයි. අප කුමන හේතූන් දැක්වූවද මෙම ආකර්ෂණයට හේතුව පූර්ව කර්ම විපාකයක් විය හැකි බැවින් ඊට නතු වීමට පෙර එම ආකර්ෂණය මානසික, කායික හා ආධ්‍යාත්මික යන සමපාද පදනම සපුරා ඇත්දැයි තීරණය කළයුතු බව ඔහු සඳහන් කොට ඇත. මානසික සහ ආධ්‍යාත්මික ගැළපීම් විවාහයකට පෙර යම් තරමකට හෝ සසඳා බැලිය හැකි වුවත් කායික ගැළපීම් සොයා බැලීමට අපේ සංස්කෘතිය තුළ ඉඩක් නැත. හරි හෝ වැරදි හෝ වේවා මේ සඳහා යොදා ගන්නා එක් ක්‍රමයක් වන්නේ ජන්ම පත්‍රය සහ පොරොන්දම් ගැලපීමය. ජ්‍යෙතිෂය දන්නා අය එය කරන පිළිවෙළ පැහැදිලි කරනු ඇත. එහෙත් මීට වෙනස් ක්‍රමයක් ගැන මා සතු එම පුවත් පිටු කැබැල්ල දක්වයි. දිනය හෝ පත්‍රයේ නම සඳහන් කොටස එහි නොමැති නිසා එය කුමන පත්‍රයේ පළවූවාදැයි මට මතක නැති වුවත් එය ජ්‍යෙතිෂ පුවත් පතක් බව නම් ස්ථිරය.
මෙම ක්‍රමය මූලිකව දෙදෙනා අතර වයස් පරතරය, සහ ස්ත්‍රියගේ වම් අතේ වියතෙන් පුරුෂයාගේ දකුණු අතේ රියන මැනීමෙන් ලැබෙන ප්‍රථිපලය මත රඳා පවතී. දෙදෙනා අතර වයස් පරතර කොටස් හතරකට බෙදා ඇත.
1. දෙදෙනා සම වයස් වීම
මෙවිට ස්ත්‍රියගේ වම් අතේ වියතෙන් පුරුෂයාගේ දකුණු අතේ වැලමිට හන්දියේ කෙළවර සිට මැදඟිල්ලේ අවසානය තෙක් මනින්න. එය වියත් දෙකක් නම් දෙදෙනා ඉතා හොඳින් ගැළපේ. වියත් දෙකට අඩු හෝ වැඩි වීම සුදුසු නැත.
2. අවුරුදු 10 දක්වා වයස් පරතරයකින් යුතුවීම
මෙවිට ස්ත්‍රියගේ වම් අතේ වියතෙන් පුරුෂයාගේ දකුණු අතේ වැලමිට හන්දියේ කෙළවර සිට වෙදඟිල්ලේ අවසානය තෙක් මනින්න. එය වියත් දෙකට අඩු නම් පමණක් දෙදෙනා ඉතා හොඳින් ගැලපෙන බව දක්වා ඇත.
3. අවුරුදු 11-15 දක්වා වයස් පරතරයකින් යුතුවීම
මෙවිට ස්ත්‍රියගේ වම් අතේ වියතෙන් පුරුෂයාගේ දකුණු අතේ වැලමිට හන්දියේ කෙළවර සිට සුළැඟිල්ලේ අවසානය තෙක් මනින්න. එය වියත් දෙකක් නම් දෙදෙනා ඉතා හොඳින් ගැලපෙන බව සඳහන් කොට ඇති අතර වියත් දෙකට අඩු හෝ වැඩි වීම නොගැලපීමකි.
4. අවුරුදු 16-20 දක්වා වයස් පරතරයකින් යුතුවීම
මෙවිට ස්ත්‍රියගේ වම් අතේ වියතෙන් පුරුෂයාගේ දකුණු අතේ වැලමිට හන්දියේ කෙළවර සිට දබරැඟිල්ලේ අවසානය තෙක් මනින්න. මෙහිදීද මිනුම වියත් දෙකකට සමවේ නම් දෙදෙනා ඉතා හොඳින් ගැළපේ. වියත් දෙකට අඩු හෝ වැඩි වීම සුදුසු නැත.
මෙම ක්‍රමය ශරීරාංග වල මිනුම් මත රඳා පවතින බව පෙනේ. ශරීරාංග ගැන සඳහන් කරන විට අපගේ අත මිට මෙළවූ විට එය හදවතෙහි විශාලත්වයට සමාන බවත්, වැලමිටේ සිට අතැඟිලි අතර ඇති දිග පාදයේ දණහිසෙන් පහත කොටසට සමාන බවත් අපි දනිමු. ඉතින් ශරීරාංග මැන බලන මෙම ක්‍රමයෙහි සත්‍යය අසත්‍යතාවය තීරණය කිරීම ඔබට බාරය. එහෙත් අවසානයේ මතක තබා ගත යුතු කරුණ වන්නේ මේ හැම පරීක්ෂණයම සමත්ව විවාහයෙන් අසමත් වන්නන් මෙන්ම එම පරික්ෂණ සියල්ල අසමත්ව විවාහය සමබරව ගෙවන්නන්ද සිටින බවය.

කන්නි මහර සුමංගල හිමියන්ගේ සංසාර මන්දිර පොතනම් කිප වතාවක්ම කියෙව්වා.එහි සඳහන් කරුනු වලට මම එකඟයි.
ReplyDeleteජ්‍යෝතිෂය අසතයයි කියලා එක එල්ලේම බැහැර කරන්න බෑ. ඒවගේම බැහැර කරන්නෙත් නෑ. ලෝකයේ ඉපැරනිම ශාස්ත්‍රවලින් එකක් ග්‍රහ පිහිටිම අනුව ජීවිතවල අනාවැකි කිම.
ඒත් මේ සඳහන් කරුණු අත්හදා බලන්න හොඳයි. ඒත් අපිට නම් දැන් වැඩක් නෑ.ඊළඟ භවයකදි තමයි අත්හදා බලන්න වෙන්නේ.:P
සංසාර මන්දිර පොත මගේ ලඟ නිතර තියෙන පොතක්. හිතේ කරදරයක් ආවම පොත පෙරලන කොට එන පිටුව කියවනවා. සසම්භාවීව පෙරලෙන පිටුවෙන් බොහෝවිට හිතේ කරදර වලට සැනසුමක් ලැබෙනවා.ජ්‍යෝතිෂය අසතයයි කියලා මමත් එක එල්ලේම බැහැර කරන්නෙ නැහැ. යමක් විවේචනය කරන්න නම් ඒ ගැන හොඳින් දැන ගෙන ඉන්න ඕනෙ. නොදන්නා දෙයක් ගැන කොහොම තීරණය කරන්නද?
Deleteමෙහි සඳහන් කරුණු ගැන කියන්න තියෙන්නෙත් ඒ ටිකම තමයි.
මැණික්
ඉතින් මගේ අතේ වියත් දෙකකට වඩා මගේ වැලමිටේ ඉඳන් ඇඟිලිවලට තියන දුර වැඩියිනේ.කොල්ලෙක්ගේ කොහොමත් වැඩි වෙයි.එතකොට මට බඳින්න වෙන්නෙම නැතිවෙයි...හිකිස්...
ReplyDeleteහ්ම්ම්... මටත් ඔහොම හිතුනා. සාමාන්‍යයෙන් පිරිමි අයගෙ අත් පා විශාලයිනෙ ගැහැණු අයට වඩා. ඒකයි මම කිව්වෙ සත්‍යය අසත්‍යතාවය තීරණය කිරීම කියවන අයට බාරයි කියල.
Deleteමැණික්
කොහොම වෙතත් මේ විදිවලට බැන්දොත් නම් මං මෙහෙමම ඉඳී..ලොල්:
ReplyDeleteඑහෙම වෙන්නෙ නැහැ. මේවා ඉතින් නිවැරදිමයි කියල කියන්න විදියක් නැහැනෙ.
Deleteමැණික්
බ්ලොග් එක අළුත් වෙලා සටහනත් ලස්සනයි මැණික්. සංසාර මන්දිර පොත මාත් පර්යේෂණ වශයෙන්ම හිතමින් බොහොම ආසාවෙන් කියවපු පොතක්. හුඟාක් දේවල් සමඟින් මාත් එකඟයි. කර්මය අනුව තමයි මේ දේවල් වෙන්නේ. හුඟක් වෙලාවට විවාහ සාර්ථක වෙන්නේම නම් මේ කර්ම බලපෑම අනුවමයි. ඒක මාත් විශ්වාස කරනවා. බොහොමයක් දෙනාගෙ ජීවිත දිහා බැලුවමත් වටහා ගන්න තියෙන්නෙ ඒ බවම තමයි. මේ ටිකේ ඉන්ටර්නෙට් හරිම අවුලක්. වදනක් ලියන්නෙ හරිම අමාරුවෙන්.
ReplyDeleteකාලයක් ලියන එක එපා වෙලා හිටියෙ. ඉතින් බ්ලොග් එක අලුතෙන් හැදුවම ආයෙත් ලියන්න හිතුනා.සංසාර මන්දිර පොත මගේ ලඟ නිතර තියෙන පොතක්. හිත් කරදර වලට හොඳ පිලියමක්. ඔව් ඉන්ටර්නෙට් මේ දිනවල හැම තැනම අවුල්. ස්තුතියි.
Deleteමැණික්