මේ සටහන මා තැබිය යුතුව තිබුනේ මීට කලිනි. එහෙත්.... ඔබ මසිතට ඇතුල් කළ හැඟීම් ගැන මට මෙන්ම, මේ සටහන කියවන අන් අයටද නැවත සිතන්නට ප්‍රවෘත්තියේ උණුසුම නිමාව යමින් ඇති මේ මොහොත තෙක් පමා වන්නට මට සිදුවිය. ඔබ දිරිය දියණියකි. එමෙන්ම සාම්ප්‍රදායික හැඳිමිටේ මිනුම ඔබට අදාල කළ නොහැකි බව ඔබ පසක් කොට ඇත. නමුත් ඉදිරියේ ඔබ යායුතු මග එතරම් පහසු නොවන බව මම ඉඳුරා දනිමි. ඊට එක් හේතුවක් වන්නේ ඔබ ඉපදුන, දැනටද ජීවත්වන, ඔබ දැනුම සොයා යන පරිසරය මාද හඳුනන බැවිනි.
ඔබ ඉපදී හැදුන වැඩුන මහමැදගම දුෂ්කර ගම්මානය මීට වසර බොහෝ ගනනකට පෙර මා එදා දුටු ගම හා සිතින් සසඳමි. මගේ මවගේ අතේ එල්ලී මුලින්ම අකුරු කරන්නට පළමුවන පන්තියට මා ගියේ මහමැදගම ප්‍රාථමික පාසලටය. මගේ මවට ඇගේ මුල්ම ගුරු පත්වීම ලැබුනේද මේ කුඩා පාසැලටය. එදාද ඒ කුඩා පාසැලට යන්නට බස් තිබුනේ නැත. ආවෝ ගියෝ දෙපයට පින් දුන්හ. එහෙත් එදා ඒ කුඩා පාසැලේ ළමුන් බොහෝ සංඛ්‍යාවක් ඉගෙනුම ලැබූ බව මට මතකය. විවේක කාලයේ බනිසුත් සමග ලොකු කිරි ජෝගුවක් බොන්නට ලැබුන බැවින් කුසගිනි මතින් මිදී ඒ දුෂ්කර ගමේ ළමුන් වැඩි කොටසකට තම ගමේම පිහිටි පාසැලෙන් අධ්‍යාපනය ලැබීමේ වරම හිමිව තිබිනි. ඉහල පන්තියක ළමුන් කිහිප දෙනෙක් බනිස් සමග අමු මිරිස් කනු දැක මට මෙන්ම නංගීටද එසේ කෑමට ආසා සිතී එසේ කෑමෙන් අනතුරුව පාසැල දෙවනත් වෙන්නට හැඬූ අයුරුද මතකයන් අතර රැඳී ඇත. එදා ඒ තත්වයේ තිබූ ඔබේ ගමේ පාසැලට නොගොස් උදේ පහට අවදිව දුර කතර ගෙවා පුංචි ඔබට තලාතුඔය ප්‍රාථමික විදුහලට එන්නට සිදුවූයේ ඇයි? අද එම මහමැදගම ප්‍රාථමික පාසැල කුමන තත්වයක ඇතිදැයි මට සිතේ. මෙතරම් කාලයක් ගතවුන පසුවත් එවැනි කුඩා පාසැල් තිබුන තත්වයෙනුත් පහලට ඇද වැටෙන්නේ කාගේ වරදින්ද? අප ජාතියක් ලෙස ගමන් කරන්නේ ආපස්සටද?
දියණියනි... ඔබ දැනට ඉගෙනුම ලබන තලාතුඔය ප්‍රාථමික විදුහල මගේ දෙවන පාසැලයි. එය තලාතුඔය මධ්‍ය මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයයි. කලක් මෙරට උගතුන් වියතුන් බිහි කිරීමට රට පුරා පිහිටි මධ්‍ය මහා විද්‍යාල වැඩි දායකත්වයක් සපයනු ලැබුනි. මෙකල රටේ කියැවෙන පළමු පෙල පාසැල් වලට නොදෙවෙනි ලෙස කරට කර සිටින්නට කලක් මේ මධ්‍ය මහා විද්‍යාල සමත්ව සිටියහ. එහෙත් ..... තවමත් තලාතුඔය ප්‍රාථමික විදුහල එදා මා දුටු විදුහලට වඩා පහසුකම් අතින් වැඩි ප්‍රගතියක් අත් කරගෙන නැත. තලාතුඔය මධ්‍ය මහා විද්‍යාලයේ දීප්තිය පහව ගොසිනි. ගතව ගිය වසර ගනනාව තුල මේ විදුහල් නිසි පරිදි රැක බලා ගැනුනා නම් අද ඒවාද සුපිරි හෝ සපිරි පාසැල්ය. දියණියෙනි........ එය එසේ වූවා නම් ඔබට හෙට දවසේ තව දුර ගෙවා මහනුවර සුපිරි පාසැල් කරා යන දුෂ්කර ගමනේ නොයෙදී යම් තරමක හෝ පහසුවකින් ඉගෙන ගන්නට ඉඩ තිබිනි. ඔබට පමණක් නොව තලාතුඔය කේන්ද්‍ර කර පිහිටා ඇති අනිකුත් සියලු දුෂ්කර ගම්මාන වල ළමුන්ට එමඟින් වෙහෙසකින් සහ පීඩනයෙන් තොර අධ්‍යාපනයක් ලබා ගැනීමට ඉඩ තිබිනි. තලාතුඔය ප්‍රාථමික විදුහලට පැමිණ හවස පහට ගෙදර යන ඔබ මහනුවරට පැමිණ ගෙදර යන්නේ හවස හතටද? ඔබ වැනි දරුවන්ට මේ තත්වය උදා කළ වරදට වැඩිහිටි අප සියල්ලම වග කිවයුතු නොවේද?
ලංකාවේ පළමු වෙනියා වූවාට කොළඹ විශාකා විද්‍යාලය තෝරා නොගැනීමට තරම් ඔබ අදුරදර්ශී නොවීම ගැන මම සතුටු වෙමි. ගමේ කඳු හෙල් අතර හැදුන වැඩුන ඔබට, ඉසිඹුවක් නැති ඔබට නොගැලපෙන කොළඹ පරිසරය ඔබට මිතුරු නොව සතුරු වනු නො අනුමානය. කොළඹ ළමුන් හා එක පෙලට ගැටී අකුරු කරන්නට යන ඔබට ඔබේ බුද්ධියේ හැකියාව නොව ආර්ථිකයේ නොහැකියාව පීඩා කරනු ඇත.
තලාතුඔය ප්‍රාථමික විදුහලෙන් පසු මා ඉගෙනුම ලැබූවේ ගම්පොළ ගඟසිරිපුර ප්‍රාථමික විදුහලෙනි. මමද ඔබ මෙන්ම එකල ශිෂ්‍යත්ව විභාගය හොඳින් සමත් වීමි. නමුත් ඔබ මෙන් පළමුවෙනියාව නොවේ. කොළඹ විශාකා විද්‍යාලයට තේරී එක් දිනක් එම පාසැලට ගොස් බොහෝ කරදර විඳ මහනුවර විදුහලකට මා නැවත ඇතුල් කරන්නට මගේ දෙමව්පියන්ද කටයුතු කළේ නුපුරුදු පීඩාකාරී පරිසරය මගේ ඉගෙනුමට තිත තබනු ඇතැයි බියක් ඔවුන් තුල හටගත් බැවිනි. ශිෂ්‍යත්ව විභාගය අම්මලාගේ විභාගය නොවුන එකල නිදහසේ අකුරු කරන්නට මෙන්ම කඳු හෙල් තුල ඇවිද පරිසරය විඳින්නටද, ඇති තරම් සෙල්ලම් කරන්නටද හැකි සුන්දර ළමා කාලයක් ලැබී තිබිනි. ශිෂ්‍යත්ව විභාගය අම්මලාගේ විභාගය වීමට එක් හේතුවක්වී ඇත්තේ මේ සුපිරි පාසැල් පොරයයි. පළාත්බද පාසැල්වල පහසුකම් වැඩි දියුණුකොට දක්ෂ ගුරුවරුන් අනුයුක්ත කෙරේ නම් ශිෂ්‍යත්ව විභාග පීඩනය දරුවන්ගෙන් තුරන් වනු ඇත. ප්‍රාථමික අධ්‍යාපනය සකස් විය යුත්තේ දරුවන්ගේ සහජ කුසලතා වැඩි දියුණු වන ආකාරයෙන් මිස ඔවුන් රොබෝ වරුන් කිරීමේ අරමුණෙන් නොවේ. පස්වන පන්තිය දක්වා අධ්‍යාපනය සකස් විය යුත්තේ පරිසරය හා අනුබද්ධව අනාගත ජීවිතයේ අඩිතාලම මැනැවින් සකස් කෙරෙන විනය ගරුක පුරවැසියෙකු බිහි කෙරෙන ආකාරයටය. එසේ නොමැතිව කට පාඩම් කරන රොබෝවරුන් හදා ඒ අය පාලනයට කර්නල්ලා පත් කිරීම විසඳුමක් යැයි සිතමුද? සරසවි වලට පිවිසෙන්නේද විභාග පීඩනයෙන් වසර දොලහක් දහතුනක් මනස ඔද්දල් කරගත් වැඩි පිරිසක් විනා අලුත් ඇසකින් ලොව දකින්නට සමත් නිදහස් මනසක් ඇතියවුන් නොවේ. එහි වරද එම ළමුන්ගේ නොව රොබෝවරුන් බිහි කරන මෙම ක්‍රමයේ වරදය.
දියණියෙනි........ ඔබ යායුතු මග දුෂ්කරය. එහෙත් එය කළ නොහැක්කක් නොවේ. නිසි ලෙස අකුරු කරන්න. ඔබේ පරිසරය, මිනිස්කම අමතක නොකරන්න. අධ්‍යාපනය ජීවිතය නොව ජීවිතය අධ්‍යාපනය බව සිතන්න. මම නැවත ඔබට කියමි. සියලු අපහසුකම් අභිභවා හිනැහෙන ඔබ දිරිය දියණියකි.

සිතට වැදුන ලියවිල්ලක් . ගමේ පාසල් වැසි යන්නේ ඇයි . ගමක පාසලක වසර දෙකක් ඉගැන්වූ ගුරුවරියක් ලෙස මා දුටු දේවල්ය මේ . ගමේ පාසලේ විදුහල්පති ගමේ කෙනෙක් . ඔහුගේ ළමයින් නගරයේ හෝ කොළඹ පාසල් වල . මේ පාසලට එන ගමේ දුප්පත් ළමයි ඉගෙන ගත්තාට ඔහුට වැඩක් නැත . එක්කෝ එයට ඔහු කැමති නැත . අනික සීට්ටු දැමීම වැනි වැදගත් වැඩ තිබියදී පාසල ළමයින්ට ඉගැන්වීම වැනි සුළු දේවලට ඔහුට වෙලාවක් නැත . ගුරුවරුන්ද ගමේ අය නම් තත්වය වඩා ශෝචනීය වේ. පිටින් එන තරුණ ගුරුවරු එක කකුලක් නගරයේ තබාගෙනය . කොයි වෙලේ හෝ පැන යති .
ReplyDeleteමේ සියලු කාරනා පසෙකලා ඉගැන්වීමට අවංක උත්සහයක් ගන්නා ගුරුවරුද ඇත . එහෙත් එකෙක් දෙන්නෙක්ට ගොඩ ගන්නට නොහැකිය .
මේ මා දුටු රින පැත්තයි .
එමෙන්ම විදුහල් පතිවරුන්ගේ අපමණ කැපවීමෙන් දියණු වූ පොඩි පාසල්ද මා දනිමි..
ලංකාවේ අධ්‍යාපනය ඇති දක්ෂයින්ට ඉහලට යාමටත් සම්මත රාමුවේ දස්කම් නැති එකා පතුලටම අද දැමීමටත් සැකසී ඇති එකකි .
එබැවින් පොඩි දුවේ ඔබට මා සුබ පතමි . හොඳ පාසලකට යාම ජිවිතයට ආලෝකයක් කරගන්න
ඒක ඇත්ත බින්දි. අපේ මිනිස්සුන්ගෙ වෙනස් වෙන්න ඕනෙ ආකල්ප. ඒක මේ දැන් ඉන්න පරම්පරාවෙන් පටන් අරන් බැහැ. එය කළ හැක්කෙත් ප්‍රාථමික අධ්‍යාපනය හරහා පමණයි. ජපානය වගේ රටවල ළමයින්ගෙ පිළිවෙල, විනය, ආකල්ප හදන්න ගන්නෙ ප්‍රාථමික අධ්‍යාපනයත් සමග. එහෙම නැතිව එක පාරට ජපානය වගේ වෙන්න අපිට බැහැ.
Deleteමැණික්
ඔය ඉස්කෝල මේ රටේ කවදාවත් දියුණුවට පත් වෙන්නෙ නෑ. ඒව වෙන් කරල තියෙන්නෙ දුප්පත් මිනිස්සු වෙනුවෙන්ය. ඒවා දියුණු කලොත් මේ රටේ උගතුන්ගෙ, දේශපාලකයන්ගෙ, ධනපතීන්ගේ ළමයි ලබන අධ්‍යාපනය දුප්පත් උන්ගේ දරුවන්ටද ලැබෙන්නට ඉඩ ඇත. එහෙම වුණොත් වෙන්නේ විනාශයකි.
ReplyDeleteඒක නිසා හොර පාරෙන් හෝ තමන්ගේ ළමයි ඇතුලත් කල හැකි ඒ වෙනුවෙන් නගර වල සුපිරි පාසල් බිහිකර ඒවාට විතරක් සියඵ පහසුකම් ලබා දීම ඉදිරියටත් සිදුවීම සාමාන්‍ය දෙයකි. අධ්‍යාපනය දියුණු කරන්නට සියයට අච්චරක් දෙන්න කියන අයවත් නිකමටවත් මේ අධ්‍යාපන මාෆියාව ගැන කතා නොකරන්න පරිස්සම් වෙයි. මන්ද උන්ගේ දරුවන්ද අධ්‍යාපනය ලබන්නේ ඒ මාෆියාවේ වරප්‍රසාදලාභි සුපිරි පාසල් වලය. උන්ගේ ඉල්ලීම් අතර තමන්ගේ දරුවන් දෙන්නෙක් සඳහා අධ්‍යාපන වියදම්ද රජයෙන් ඉල්ලන්නේ එබැවිනි. අහම්‍බෙන් ශිෂ්‍යත්වයෙන් ගොඩවූ දරුවෙක් ඉදිරියට පැමිණියද ඇද වැටෙන්නේ අර කුහකයින්ගේ දරුවන් අතරටමය. එබැවින් උන් උගතුන් වූ කලද හැසිරෙන්නේ කුහක සෙයියාවෙනි.
එබැවින් උතුම් සිරිමත් රටක් අපට බිහිවී ඇත.
හැම දෙයක්ම "සිදුනොවේ" කියල පටන් ගත්තොත් එය කිසි දින සිදු නොවේ. "කළ හැකියි" කියා පටන් ගන්නා අය නිසයි ලෝකයේ බොහෝ දේ සිදුව ඇත්තේ. මොකද Ano ඇවිත්. මම ඔබ හඳුනමි.
Deleteමැණික්
ඔබ මා හැඳිනීමට විදියක් නැත. මා විදේශ ගතවී බොහෝ කලකි. ඔබේ ලිපියක් කියවූ පළමු අවස්ථාවද මෙයයි. ඒත් තවමත් උපන් රට ගැන කම්පා වෙමි.
Deleteසුභ පතිමි ඇයට, අගේ ඉදිරි ගමනට
ReplyDeleteජය වේවා.
ස්තුතියි.
Deleteමැණික්
මැණික්ගේ ගෙදර වෙනස් වෙලාද?
ReplyDeleteසත්තකින්ම ඇය දිරිය දියණියක්. ඇය ගැන අප ඉදිරියේ තැබුවාට මැණික්ට ස්තූතියි.
ලංකාවේ හැම පාසැලක්ම දියුණු කිරීමට බැරිවී ඇත්තේ දෙමව්පියන්ගේ වරදිනුත් කියා හිතෙනවා. ගමක මට්ටමින් තමන්ට තියන පාසැලක් දියුණු කිරීමට මහන්සි නොවී නගරය කරා ළමුන් යවන දෙමව්පියන්ට මේ දැරිය උගන්නලා තියෙන්නේ හොඳ පාඩමක්...!!!
හ්ම්ම්... "වෙනස පමණකි නොවෙනස්". මිනිස්සු ඉල්ලන්න ඕනෙ තමන්ගෙ ගමේ පාසැල දියුණු කර දෙන්න කියල. එක අතකින් ඒ මිනිස්සුන්ට හයියක් නැහැ එහෙම කරන්න. ඒ අය වැඩි දෙනෙකුට තියෙන්නෙ එදිනෙදා ජීවත් වෙන්නෙ කොහොමද කියන ප්‍රශ්නය. අවාසනාව කියන්නෙ රටේ සිදුවෙන්නෙ කළයුතු අත්‍යවශ්‍යදේ නෙවෙයි.
Deleteමැණික්
සමහර වෙලාවට ගමේ දුෂ්කර පාසල්වල නගරයේ පාසැල්වලට වඩා උගන්නවනවා.. ඒනිසා ඒළමයි විභාග සමත්වන ප්‍රවණතාවය වැඩියි. එයින් කියැවෙන්නේ ගම්බද පාසල්වල ගුරුවරුන්ගේ කැපවීම සමස්ථයක් විදියට ඉහල අගයක් ගැනිමයි.
ReplyDeleteඉතාමත් වටිනා සටහනක් වගේම හරිම අපූරු ලිපියක් මැනික්..
"ගම්බද පාසල්වල ගුරුවරුන්ගේ කැපවීම සමස්ථයක් විදියට ඉහල අගයක් ගැනිම" ඔව් සාපේක්ෂව ඒ කියමන හරි වෙන්න ඇති. ඒත් දැන් දැන් අර බින්දි කියනදේත් ඒ බොහෝ පාසැල් වල සිදුවෙනවා. ස්තුතියි.
Deleteමැණික්