ඒ අපේ සමාජය මෙතෙක් ගමන් කළ විදියයි. හරි හෝ වැරදි වේවා සියල්ලටම Yes Sir කියා නිහඬ වීම හෝ තමන් දරනා මතය අවශ්‍ය අවස්ථාවේ කෙළින්ම නොපවසා තැන තැන මුමුණමින් විරුද්ධ අදහස් පල කිරීම තවමත් අපේ බොහෝ දෙනෙකු වඩා කැමති ආකාරයයි. සමහරවිට එය අපේ සංස්කෘතියට අනුකූලව අප ලද යමක් විය හැක (???). ඊට එක් හේතුවක් ලෙස මා දකින්නේ බටහිර රටවල් මේ තත්වයෙන් විතැන්ව ඇති නිසාය. ඔවුහු අනිකා කැමති වුවත් නැතත් තමන් දරන අදහස එළිපිට ප්‍රකාශ කරති. අකැමැති දේට තම අකැමැත්ත ප්‍රශ්නය පැන නැගුණ අවස්ථාවේම ප්‍රකාශ කරති. එහෙයින් ප්‍රශ්න ඔඩු දුවන්නට පෙර සංවාද විවාද මගින් ඒවා සමනය වනු දැකිය හැක.
එහෙත් අපි No Sir කියන්නට පැකිලෙමු. දිගු කලක් No Sir යැයි අසා නොමැති ඔවුහුද අපෙන් Yes Sir පිළිතුරම බලාපොරොත්තු වෙති. එහෙයින්ම තමන් කැමති දෙයක් තමන් රිසි ආකාරයට කිරීමට තමන්ට හැකි යැයි ඔවුහු සිතති. ඒ අනුව ක්‍රියා කරති. No Sir යැයි අහම්බෙන් හෝ ඇසුණ කල කිපෙති. මේ Yes Sir පිළිතුරු අපේක්ෂාව සමාජයේ පහළ සිට ඉහළ දක්වා ගමන් කොට ඔඩු දුවා අවසන්ය. දැන්වත් අපි No Sir යැයි සාමූහිකව හෝ කියන්නට උගත යුතු නොවේද?.
This comment has been removed by a blog administrator.
ReplyDelete/*දැන්වත් අපි No Sir යැයි සාමූහිකව හෝ කියන්නට උගත යුතු නොවේද?*/
ReplyDeleteYES MADAM! :D
මේ තත්වය ලංකාව වගේ රටක වෙනස් නොවීමට ආගම ජාතිය හා සමාජ චින්තනය බලපානවා කියලා මට හිතෙනවා. වටේ පිටේ බලන්න කී දෙනෙක් කොයි තරම් එස්ට්‍රෙමිස්ට් ද කියලා. තව කෙනෙකුට ගරු කරන්න, තව කෙනෙක් කියන දෙයක් පිළිගන්න, වෙනසකට කැමති කීයෙන් කී දෙනාද අපි අස්සේ ඉන්නේ. සමාජය විසින්ම හැමෝම එහෙයියෝ කරලා.
ReplyDeleteමේ වෙද්දි මා නම් ලාංකිකයෙක් වීම ගැන ලැජ්ජාවෙන් ඉන්නේ. මට ඔය කියන සිංහල බෞද්ධ හා දාස් ගානක් වටින චින්තන එකක්වත් පේන්නේ නෑ. අපේ මනුස්සකමටත් නිගා කරන සමාජයක් තමයි ලංකාවේ තියෙන්නේ.
ඇත්ත.එත් අපේ සමාජයේ පහළ පන්තිය නියොජනය වැඩි නිසා Yes sir කියන්න වේලා තියෙන්නේ අසරණ බවින් සේවකයා කොටු කර ඇති නිසාය.අසාධාරණය උනත් රැකියාව නිසා මුනිවත රැකිමට සිදු වේ.
ReplyDelete