මහ පොළොව ඉරි තලා යන නියඟයක අවසන අප නෙත ගැටෙන්නේ කර්කශ දූවිලි වලා නැගි පරිසරයකි. සිසිල් සුලඟද නෙතට ප්‍රිය නිල්වන් ගහ කොළද අප අතැර ගොස් ඇති සැටියකි. දැඩි නියඟයකින් අනතුරුව ලංකාවේ අපට අත් විඳින්නට සිදුවන අනෙක් අතවරය නම් විදුලිය විසන්දියයි. එය අප පසුගිය සති කිහිපයක් තිස්සේ අත් විඳිමින් සිටියෙමු. විදුලිය නිපදවන ටර්බයින කැරකීමට නම් වික්ටෝරියා, රන්දෙනිගල, රන්ටැඹේ ජලාශ පිරී තිබිය යුතුය. කලට වැසි වැටී වික්ටෝරියා ජලාශය පිරී ඇති විට ගත් ඡායාරුවක් පහත ඇත.
නමුත් මාස කිහිපයක් තිස්සේ වැසි නොලැබ මේ වන විට එය පැරණි තෙල්දෙනිය නගරයේ තිබූ පාලම සහ චෛත්‍යය වෙත නැවත යාහැකි තරමටම දිය සිඳී ඇත. සිහින් දිය පහරක් හැරෙන්නට ජලාශයක් තිබූ ලකුණකුදු දක්නට නැත.
කොළඹ ඇතුලු ප්‍රදේශ කිහිපයකට යන්තමින් වැසි වැටුනද තවමත් වික්ටෝරියා ජලාශය අවට පෙදෙස් දුර්වර්ණ නියං සුලඟින් බැට කයි. ජල හිගකමින් ගොවියන් මෙන්ම සත්ව පාලනයේ යෙදෙන්නවුන්ද පීඩාවට පත්ව සිටිති. ඒ අතර ජලාශය නිසා එගොඩ මෙගොඩ යා නොහැකිව සිටි වන අලින් ජලය නැති හිස් බිම හරහා යමින් අවට ඇති නගර, ගම්මාන වලට ලඟා වීමේ අවදානමක සේයා ඇත. ඉතින් තවත් කල් පමා නොවී
"වැස්ස වලාහක දෙවියනි දිවැස් හෙලනු මැන......!!!"







වැස්ස ඕනේ වෙනකොට නැති,
ReplyDeleteතියෙනකොට ඉක්මනට එපා වෙන?
මොනවා වුනත් ආයේ ලියන්න ගත්ත එකට නම් බොහොම කැමතියි.
"වැහි වහින්න කියලා දෙවියන් යැදලා
ReplyDeleteපුද දෙන දානේ හොරෙන් බුදින කොට
වැහි වහීද මංදා........."
- මාලනී බුලත්සිංහල-
"දේවෝ වස්සතු කාලේන
ReplyDeleteසස්ස සම්පත්ති හේතුච
භීතෝ බවතු ලෝකොච
රාජා භවතු ධම්මිකෝ"
දැන් තේරෙනවා ඇතිනේ වහින්නේ නැති හේතුව!:p
කාලෙකින් නංගිගෙ පොස්ට් එකක් දැක්කෙ. කොළඹට නම් මේ ටිකේම වැහි. උවමනා තැනට නැතිව වැඩක් යැ. දෙවියන් යදින්න වෙලා අපිට වැහි ඉල්ලලා.
ReplyDeleteඇයි අනුරාධපුර අපේ පැත්ත හොදටම වේලෙනවා. වැව් ඔක්කොම වගේ හිඳිලා. ගස් කොල වේලිලා.
ReplyDelete:(
Whr is this වැහිපොද දෙයියා....:)
ReplyDeleteස්තුතියි හැමෝටම. වැස්ස ඔන්න පටන් ගෙන. කැමති නම් තෙමෙන්න.
ReplyDeleteමැණික්