පරිසරය අඳුරුය. පාලු මං පෙත් දිග ඇවිද යමි. හන්තාන කඳු පෙළ මත අඳුරු වලාකුල් පතිතව ඇති සෙයකි. තාරුණ්‍යයේ අයිතිය හිමි මේ බිම පිරී ඉතිරුන සිනාවන් වියැකී ගොසිනි. එහෙත් ඊයේ මෙන් අදද, හෙටද ජාතියක පෙර ගමන වෙනුවෙන් ඔවුන් කැප වෙනු ඇත. නන්දා මාලනියගේ සිහින් හඬ මට ඇසේ.
හන්තාන අඩවියේ
මැදුරු කුළුණු, සුදු සඳලු තලා පිස
මේ එන්නේ ප්‍රේමයේ සුවඳ නොවේ
හන්තාන අඩවියේ
කුසුම වදුලු තුරු සිරස හමාගෙන
මේ එන්නේ ප්‍රේමයේ සුවඳ නොවේ
කුසින් අඩක් දළ අහරින් සතපා
කෙසඟ සිරුරු රළු යහනේ සතපා
අනියත හෙට ගැන සිතමින්
විද්‍යා ශිල්ප කලා වනපොත් කරනා
මානව මානවිකාවන්ගේ
නලියන රුධිරේ උනුසුම් සුසුමයි
ප්‍රේමයේ සුවඳ නොවේ
පීඩනයෙන් තැනසර හිස ඔසවා
පෙරමුණ ගත් වරදට වෙඩි සැර කා
මළ සොයුරන් සිහි කරමින්
විද්‍යා ශිල්ප කලා වනපොත් කරනා
මානව මානවිකාවන්ගේ
පුපුරන මනසේ කකියන පැතුමයි
ප්‍රේමයේ සුවඳ නොවේ
හන්තාන අඩවියේ ....................

මොකෝ මේ කෙටි සටහන් විතරක්ම?
ReplyDeleteඅද වෙනකොට ඉතිර ිෙවලා තියෙන්න එදා කිව්ව කවි ගී පාඨ විතරයි...එදා හිටිය විරුසිසුන් බොහොමයක් අද මිය ගිහිල්ලා...
ReplyDeleteජාතියක පෙර ගමන වෙනුවෙන් කැප වෙන්න ඉඩක් ලැබේවි ද?
ReplyDeleteමම බොහොම කැමතිම සින්දුවක්...
ReplyDeleteකවි ටික නියමයි.
ReplyDeleteමොකද මේ සින්දුව දැම්මේ?
ReplyDeleteකාලෝ අයං තේ ද?
හ්ම්.. දැන් කම්පන කවි විතරයි. ස්තුතියි.
ReplyDeleteමැණික්
This comment has been removed by the author.
ReplyDeleteපීඩනයෙන් තැනසර හිස ඔසවා
ReplyDeleteපෙරමුණ ගත් වරදට වෙඩි සැර කා
මළ සොයුරන් සිහි කරමින්
විද්‍යා ශිල්ප කලා වනපොත් කරනා
මානව මානවිකාවන්ගේ
පුපුරන මනසේ කකියන පැතුමයි
ප්‍රේමයේ සුවඳ නොවේ
යථාර්තයම නොවෙද මේ.
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ අපුරු පද සංකල්පනාවක්!
ReplyDeleteමමත් නොහොම කැමති ගීතයක්!