ජීවිතය නුඹ ලදද මවගෙන්
ප්‍රාණයයි මම පුතේ නුඹගේ
පිය සෙනේ කොයි කවර ලෙසකින්ප්රාණයයි මම පුතේ නුඹගේ
මනින්නද මේ සසර කතරේ
නිහඬවම මම බලා සිටියෙමි
නුඹේ හැම පියවරම පාහේ
වැටෙන්නට හෝ නොමග යන්නට
සියලු ඉඩකඩ වැසුනි රහසේ
මවට මෙන් ආදරය නිසිසේ
අකුරු කරනට නොහැක සිතුසේ
නමුදු රුධිරය සමඟ හාවූ
සෙනේහය නුඹ ලඟයි පුතුනේ
සසර මග නුඹ යනෙන වාරේ
ඇවැසි රැකවරනය ලැබෙන්නට
පුතුනි මම නිති නුඹ ලඟින් ඉමි
නොහැක ඉන් මට අත්මිදෙන්නට
නොදන්නාමුත් පිය සෙනේහය
දිගින් පළලින් මැන බලන්නට
මගේ ඇස් මානයේ ඉඳිතොත්
හැකිය මට නිවනක් ලබන්නට
වදන් විරහිත නමුදු යදමින්
බැඳී ඇත නුඹ සමඟ ජීවේ
ලොවේ අන් කොයි කවර බැඳුමද
පියෙකු හද තුල උතුම් වූවේ
("සිතිවිලි සිත්තමට නැගෙනා කවි පොත", සොයුරියේ ඔබේ ඉල්ලීම ඔන්න මම ඉටුකළා. දැන් හරිනේ. මේ පැදි පෙළ සියලුම පියවරුන් වෙනුවෙනි)
තාම කියෙව්වෙ නෑ, ආයෙ එන්නං කියවන්න.
ReplyDeleteඅප්පච්චි මතක් උනා. එයා මට පුතා කියලත් කතා කරනවා සමහර වෙලාවට.
ReplyDeleteමමත් දෙදරු පියෙක්...වැඩේ කියන්නේ මේක සමහර වෙලාවට අමතක වෙනවනේ..
ReplyDeleteවනස්පතියක් විලස තෙද බල
ReplyDeleteසෙවණ දුන්නා සදා ලඟ හිඳ
අව් රැසින් මහ වැහි දියෙන් රැක
හිනැහුණා නුඹ මා සිනා දැක
මා ලොවේ මහ විරුද නුඹමය
කිරුල හිස රැඳි නිරිඳු නුඹමය
'අ'යනු 'ආ'යනු දුන් ගුරුද නුඹ
මග එකළු කළ පහන් ටැඹ නුඹ
මා රකින්නට ඉසිඹු නොම ලැබ
පියාණෙනි නුඹ හෙලූ දහදිය
මුතු මතින් නුඹ දුටුව සිහිනය
සැබෑ කරනට සපතනෙමි අද
ගොඩාක් ස්තූතියි මැණික්. මෙන්න ඔයාගෙ ඒ උතුම් පිදුම වෙනුවෙන් මගෙනුත් මල් දෝතක්.
මට නම් "අප්පච්චී" තවත් කෙනෙකුට "තාත්තා"
ReplyDeleteමුවින් වදනකුදු නො දොඩා හදවතින් සිනාසුන..
ඇලත් දොලත් ගහත් වැලත් ආදරෙන් රැකගෙනම
තනියම නොකා බෙදාගත් පිඟාන ගමටම බෙදා
වෑකන්ද උඩින් හැන්දෑවට පෑයූ පුර හඳ වගේමයි..
ඊයේත්.. අදත්.. හෙටත්..
mata ba ane mewa kiyawaddi inna,duwala gihin thaththa gawa guli wenna,amma gawa guli wenna ona mata,eth mama inne hugaaaak dura rataka.mata adenawa hodatama.
ReplyDeleteeyala apiwa dawasaka dala yanawa neda kiyala matak weddi mata nam me papuwa wawa ganna amarui deyyannee.........
ලබන්නාවූ 2012 නව වසර ඔබ ඇතුළු පවුලේ සැමගේ සුභ සිහින ඉටුවන සුභම සුභ නව වසරක් වේවා - [නවම්-චූටිමැණිකේ-ලීනු]
ReplyDeleteඅපූරු පද වැළක්
ReplyDeleteහැමෝටම ස්තුතියි. නවම් ඇතුලු පවුලේ සැමටත් අනෙකුත් සියලු දෙනාටත් සුභ නවවසරක් වේවා.!!!
ReplyDeleteමැණික්