ස්ත්‍රිත්වය යදින්නේ ආදරය සහ ආරක්ෂාවය. ඇයට ආදරයද, ආරක්ෂාවද සපයන ඔබේ පෞර්ෂත්වය වන්දනීය වේ.
භාරත දියණියකවූ ඇය සමූහ දූෂණයකට ලක්ව මිලින විය. ඉන්දීය මෙන්ම සිංගප්පූරු වෛද්‍යවරුන්ගේ ඉමහත් උත්සාහයට පවා ඇගේ අවයව වලට සිදුව ඇති හානියට පිළියම් යෙදිය නොහැකි විය. අඳුරු රැයක දිල්ලි නගරයේ බස් රථයක සය දෙනෙකු විසින් ඇගේ සිරුර අනුකම්පා විරහිත ලෙස ඔවුන් අත පත් කෙළිබඩුවක්සේ ගෙන අවසන මහමඟට විසි කොට ඇත. ඒ ඉවත විසි වුණේ ස්ත්‍රිත්වයයි. ඔවුන්ටද උපත දුන් මාතෘත්වයයි.
ගෝත්‍රික සමාජයන්හිදී පවා පුරුෂයන්, ස්ත්‍රින් සහ දරුවන්ගේ ආරක්ෂාව ගැන විශේෂයෙන් සැලකිලිමත් වූහ. ඔවුහු ඊට මුල් තැනක් දුන් බැවින් දඩයමේ යනවිට තමන් අයත් සමූහයේ සිටි අයගෙන් කෙනෙක් ඒ සඳහා යෙදවීමට වග බලා ගත්හ.
ඒ භාරත දියණියකගේ කතාවයි. අද අප සිටිනුයේ කොතනද? මේ භාරත දියණියගේ කතාව ලොව පුරා අන්තර් ජාල පිටුවල සටහන් වෙද්දී එක් තැනක දකුණේ මින් වසරකට පෙර බ්‍රිතාන්‍ය ජාතික යුවතියක දුෂණය වීමේ සිදුවීමද සටහන් කොට තිබිණි. එහෙත් සටහන් නොවූදේ කොපමණද? කොටකෙතනින් පටන් ගෙන පසුගිය කාල සීමාව තුළ අසන්නට ලැබුණ බාලාපචාර සිදුවීම් සියල්ල එක පෙළට සිටුවනු ලැබුවහොත් අපේ සමාජය කෙතරම් ආරක්ෂාකාරිද යන වග වැටහෙනු ඇත. එය එසේ නොවන බව ඔබ සිතන්නේ නම් ස්ත්‍රී වෙස් ගෙන බස් රථයක කීපදිනක් ගමන් කොට බලන්න.
මේ සියල්ල සිදුවන්නේ සුළු පිරිසක් අතිනි. එහෙත් මේ සුළු පිරිසට මෙවන් හැසිරීමකට ඉඩ දී නිශ්ශබ්දව සිටින්නේ ඔබම නොවේද? මුලු මහත් සමාජ දේහයම කුණුව ගිය කළ එක් තැනක් නිවැරදි කළ නොහැකි බව ඔබේ පිළිතුර වනු ඇත. එහෙත් ඉන් ස්ත්‍රීන් සහ දරුවන් ආරක්ෂා කිරීමේ පිරිමියෙකු සතු ඔබේ වගකීමෙන් ඔබට මිදිය නොහැක.
මේ සටහනේ ඇති පින්තූරය දෙස බලන්න.ඔවුහු සැබැවින්ම දුක් වෙති. මේ මුහුණු කියාපාන්නේ ඔවුන් අතින් ඔවුන් සතු වගකීමක් ගිලිහී ගොස් ඇති බවක් නොවේද?

ස්ත්‍රිත්වය යදින්නේ ආදරය හා ආරක්ෂාවය. ඇයට ආදරය හා ආරක්ෂාව සපයන ඔබේ පෞර්ෂත්වය වන්දනීයවේ.
ReplyDeleteඑවන් ඔබට අපේ ප්‍රාණමය....!!!
ස්තුතියි සටහනට. සුභ නවවසරක් වේවා!!
Deleteමැණික්
ඇය මිය ගියේ බොහෝ දෙනෙකුට හිතන්න බෝහෝ දේවල් ඉතුරු කරල . ඇගේ අනෙන්‍යතාව සඟවාගෙන උසස් විදිහේ මාධ්‍ය භාවිතාවකින් පාලකයින්ගේ ඇස් අරවන්න කටයුතු කරපු ඉන්දියානු මාධ්‍ය ආයතන වලටත් ඇය වෙනුවෙන් හඬනගන්න ඉදිරියට ආපු විශ්ව විද්‍යාල සිසුන් ප්‍රමුඛ ඉන්දියානු ජනතාව අපිටත් ආදාර්ශයක් . ස්ත්‍රි දූෂකයින් පාලකයින් බවට පත්විය හැකි අපේ රටවලට පොදු ජරා ජීර්ණ සමාජ ක්‍රමය ඇතුලේ කාටත් නොදැනී යටප්ත් වූ සිදුව්මුත් කොතෙකුත් තියෙන්න පුලුවන් !
ReplyDelete"අපේ රටවලට පොදු ජරා ජීර්ණ සමාජ ක්‍රමය ඇතුලේ කාටත් නොදැනී යටප්ත් වූ සිදුව්මුත් කොතෙකුත් තියෙන්න පුලුවන් !" තියෙන්න පුලුවන් නෙවෙයි. දිනපතා අහන්න ලැබෙනවා. මේවා මෙසේ වන්නේ ඇයිදැයි සෙවිය යුතු මෙන්ම ඊට පිළිතුරුද තිබිය යුතුයි.
Deleteස්තුතියි සටහනට. සුභ නවවසරක් වේවා!!
මැණික්
ලංකාව තුල කාන්තාවන්ට නැති නිදහස සහ ආරක්ෂාව ඉන්දියාවේ කාන්තාවන්ට උපරිම ආරක්ෂාවක් තියෙනවා. එරට තුළ ඕනෑම රැයක ගමන් බිමන් යාමට. මේ සිද්දියෙන් ඉන්දියාව ඇවිලුනේ ඒ නිසා. ලෝකයේ අනෙක් රටවල ඇස් ඇරුනත් ඒ නිසා..
ReplyDeleteලංකාවෙ ඒවැනි ආරක්ෂාවක් ඇත්තෙම නෑ
"ලංකාව තුල කාන්තාවන්ට නැති නිදහස සහ ආරක්ෂාව ඉන්දියාවේ කාන්තාවන්ට තිබෙනවා". ඒ ගැන නම් මට යමක් කිව නොහැකියි. ලංකාවෙත් අවශ්‍ය තරම් නිදහසක් තියනවා. එහෙත් මේ දකුණු ආසියාතික රටවල තියෙන්නෙ ගැහැණියට නිදහස අහිමිවීමේ ප්‍රශ්නයමද? නැතිනම් උඩින් පමණක් සුන්දරව, පවිත්‍රව, සදාචාරය නමින් පෙන්වන "මිනිස් නිදහස" අහිමි කිරීමේ ප්‍රශ්නයද?
Deleteස්තුතියි සටහනට. සුභ නවවසරක් වේවා!!
මැණික්
දවසෙන් දවස තව තව ලිපි ලියවේවා
ReplyDeleteලිපියෙන් ලිපිය හිට්ස් වැඩි වැඩියෙන් ඒවා
මසුරන් වගේ ප්‍රතිචාරත් හිමිවේවා
ලැබූ නව වසරෙ බ්ලොග් ලෝකේ වැජඹේවා!
ස්තුතියි කවියට. පිළිතුරු කවියක් නම් අද හිතට එන්නෙ නැහැ. තියන ඉතා සීමිත කාලය තුල හැකි තරම් ලියන්න උත්සාහ කරන්නම්. හිට්ස්, ප්‍රතිචාර ගැන නම් මම එතරම් හිතන්නෙ නැහැ. ඒත් ඒවා දුටුවම සතුටු හිතෙන බව ඇත්ත. ඒ වගේම කීප විටක් ලිවීම නවතා දැමීමට හිතුවත් ලියනදේ කියවන යම් පිරිසක් සිටින බව දුටුවම නැවත ලියන්න හිතෙනවා. අනෙක් අය ලියන දේට නිතර යමක් සටහන් කරන්නට තරම් කාලයක් නොමැතිවීම ගැන නම් කණගාටුයි. සමහර අවස්ථාවල මට ලැබෙන ප්‍රතිචාර වලට වත් යමක් ලිවීමට කාලයක් නැහැ. ඒ ගැනත් මට කණගාටුයි. අර අන්තිමට ලියල තියන වැජඹීම නම් මට එපා. මට යමක් ලියන්න හිතුනම ලියනවා. එපමණයි.
Deleteඔබට සුභ නව වසරක්!!!
මැණික්
බටහිර පන්නයට හැඩ ගැසිච්ච මම නම් ආදරය හා ආරක්ෂාව යදින්නෙ නැහැ මැණික් නංගි :)
ReplyDeleteදෙන ආදරයට සමාන ආදරයක් ලැබෙන හුවමාරුවක ඉන්නෙ!!!!!
ආරක්ෂාවත් කාගෙන් වත් යදින්න ඕනෑ නැහැ තුවක්කුව පාවිච්චි කරන හැටි දන්නවානේ!!!!
නව වසරට සුබ පැතුම්!
ආදරය හා ආරක්ෂාව යැදිය යුතු නැති බව ඇත්ත. එහෙත් ගැහැණියගෙ යටි හිත නිතරම පතන්නෙ එහෙමයි කියලයි මට නම් හැඟෙන්නෙ. ආයුධයකට හිතකට සැබෑ ආරක්ෂාවක් දෙන්න පුළුවන්ද?.
Deleteමැණික්
මැණික් නංගි,
Deleteලංකාවේ හැදුනත් මට එහෙම පතන ගැහැණියකගේ යටි හිතක් තිබ්බෙ නැතිකම වෙන්නැති. මගේ යටි හිත හැමදාම කිව්වෙ ඔයා හොයන ආදරය ලබන්න ඔයා සුදුසු කෙනෙක් වුවහොත් ඔයාට ඒ ආදරය ලැබේවි කියලයි. ඉතින් මා ලබන ආදරයට සුදුස්සෙක් වෙන්න හැමදාම ගන්නා ඒ වෑයම අදත් අත්හැරලා නැහැ.
අනික ලංකාවේ මගේ ඥාතීන් අතර කාන්තා පක්ෂය තමයි වැඩියෙන් ආරක්ෂාව වෙනුවෙන් මූලික වෙච්ච අය. සමහර විට ඒ නිසා වෙන්නැති මට පිරිමින්ගෙන් ආරක්ෂාව යදින්න අවශ්‍ය නැහැ කියලත් හිතෙන්න ඇත්තෙ. නාකි වුනත් පුංචි අම්මලාට බය මිනිස්සු තාම ඉන්නවා ඒ ගමේ.
තුවක්කුව නිසි පරිහරණය ඉගෙන ගත් දවසේ සිට කවුරුත් නැතිවට මගේ ආරක්ෂාව මට සලසා ගත හැකි යැයි මගේ හිතට සැබෑ ආරක්ෂාවක් දැනෙනවා.
"මගේ යටි හිත හැමදාම කිව්වෙ ඔයා හොයන ආදරය ලබන්න ඔයා සුදුසු කෙනෙක් වුවහොත් ඔයාට ඒ ආදරය ලැබේවි කියලයි. ඉතින් මා ලබන ආදරයට සුදුස්සෙක් වෙන්න හැමදාම ගන්නා ඒ වෑයම අදත් අත්හැරලා නැහැ."
Deleteඒ අදහස නම් අපූරුයි. ඒ කියන්නෙ අපිට ලැබෙන්නෙ අපිට සුදුසුමදේ විතරද? සුදුසු වුනත් නොසුදුසුදේත් ලැබෙන්න ඉඩ තියනවද?
මමත් දැකල තියනවා කාන්තා පක්ෂය වැඩියෙන් ආරක්ෂාව වෙනුවෙන් මූලික වෙච්ච පවුල්. ඒ තැන් බොහොමයක දුර්වල පුරුෂ පක්ෂය නිසයි එහෙම වෙලා තියෙන්නෙ. ආයුධ පාවිච්චිය ගැන කිසිවක්ම මා නොදන්නා නිසා ඒ ගැන මට අත්දැකීම් නැහැ. ස්තුතියි.
මැණික්