ජීවිතයත් හරියට මුහුද වගේ. සංසුන් දිය රැල අතර නිශ්චලව ගලා යන ජීවන නෞකාව විටෙක ............ චණ්ඩ රළ මැද නොසංසුන් වනවා. රුවල් ඉරී ගිය නැවක කවුරුන් නවතීද? දියබත්ව සුන්බුන්ව යන නැව් බඳ දැක දැක කාට කෙසේ නවතින්න යැයි කියමුද?
නියමුවාණනි පිටව යනු මැන. ....
තවත් නැවතී සිටිනුයේ මන්ද?
නියමුවාණනි පිටව යනු මැන. ....
තවත් නැවතී සිටිනුයේ මන්ද?
රුවල් ඉරී ගිය නෞකාවේ - නියමුවාණනි
නොගිලී දල රළ පෙළ අතරේ
මා හා යා නොහැකිය ගොඩ බිමකට
රුවල් ඉරී ගිය නෞකාවේ
දෝතට එක් කල වැසි දිය පොවමින් - පවසට
ඉරුණු රුවල් රෙදි දවටා සදමින් - උණුසුම
මා රැක ගත් ඔබ රැක ගත යුතුවේ - අද දින
දියඹේ නවතිමි යනු මැන පෙර මග - තනිවම
රුවල් ඉරී ගිය නෞකාවේ .............
සුන්බුන් නැව් බඳ දියබත්වී යයි - හිමිහිට
අත් හල මැන දැන් මෙතුවක් මට බැඳි - සෙනෙහස
දෑස පියාගෙන මා බිලිදී දිය - ගැඹරට
ගැලවී යනු මැන මේ විපතින් සිත - දැඩි කොට
රුවල් ඉරී ගිය නෞකාවේ - නියමුවාණනි
නොගිලී දල රළ පෙළ අතරේ
මා හා යා නොහැකිය ගොඩ බිමකට
රුවල් ඉරී ගිය නෞකාවේ
නන්දා මාලනී

හරිමසංවේදී ගීතයක්. මාත් හරිම කැමතියි මැණික්.
ReplyDeleteකුණාටු පිරි සාගරේ පුංචි නැවක් යනා
ReplyDeleteනැවීයා බෝ පරීස්සමෙන් එය පදවනා
එය පදවනා - එය පදවනා
නැවීයා බෝ පරිස්සමෙන් එය පදවනා
කාළෙකට උඩදි බලපු ටෙලි නාට්‍යයකින් හිතේ රැඳුණු පද පෙළක්. මට මතක් උනා ඔබේ සටහන දැකලා.
මං ඉතාම කැමති ගීතයක්... සමාජයෙන් එල්ලවන අභියෝග හමුවේ... ඔවුන්ගේ (අසම්මත?) ප්‍රේමයට තව දුරටත් පැවැත්මක් නැත යන අරුත දෙන ගීයක් විදිහට තමයි මම මේක තේරුම් ගන්නේ.
ReplyDeleteපද රචනය - සුනිල් ආරියරත්න, සංගීතය - රෝහණ වීරසිංහ
හැබැයි නිර්මලා මධුෂානි ලියන "යදමින් බැඳ" කියන බ්ලොගයේ තියනවා වෙනස් අර්ථකතනයක්. මේ බලන්න.