දුර ගමනක් බස් එකක යනව කියන්නෙ බොහෝවිට රසබර අත්දැකීම් වල එකතුවක්. ඉස්සර වගේ නෙවෙයි දැන් එක එක ආකාරයේ දුර ගමන් බස් සේවා තියනවනෙ. ලංගම බස් සේවය, AC බස් ඒ කියන්නෙ සුඛෝපබෝගී බස් සේවය, අර්ධ සුඛෝපබෝගී බස් සේවය, සාමාන්‍ය පෞද්ගලික බස් සේවය එහෙම කියල. මේ එක එක බස් සේවා වල මිල ගනන් වෙනස්.
සල්ලි ටිකක් වියදම් කරන්න කැමති ඒ වගේම ඉක්මනින් තමන්ගෙ ගමන නිමා කරගන්න කැමති වැඩි දෙනෙක් තෝර ගන්නෙ AC බස් සේවය. මේ බස් සේවයේ තියන ලොකුම ප්‍රශ්නය සීට් පේලි අතර මැද දමා තිබෙන මැද සීට් පේලිය. AC නිසා හැම පැත්තෙන්ම වහලා මෙහෙම බස් එකක ඒ මැද සීට් එකේ ඉඳගත්තා කියන්නෙ ඉතින් පාරෙ ඉඳ ගත්තා වගේ තමයි. කොන්දොස්තර ටිකට් කඩන්න යනකොටත් නැගිටින්න ඕනෙ. පිටිපස සීට් එකක ඉඳගෙන ඉන්න කෙනෙක් බහින වාරයක් පාසා නැගිටින්න ඕනෙ. ජනේලය අයිනේ කොනේම සීට් එකක් නොලැබී අනිත් මොන සීට් එකක් ලැබුනත් ඇතිවෙන තව ප්‍රශ්නයක් තියනවා. AC වල ආනුභාවය නිසාද මන්දා පිරිමි අය වැඩි දෙනෙකුට නිදිමත හැදිලා කිරා වැටෙන්න ගන්නවා. එම කිරා වැටීම කොයිතරම්ද කියන්නෙ මට සමහර අවස්ථාවල හිතුනා මේ මිනිස්සු සති ගානක්ම නොනිදා හිටියද කියලත්. එහෙම කිරා වැටෙන දෙන්නෙක් අතර මැදට වැටුනොත් ඉතින් දෙයියන්ගෙම පිහිටයි. මේ ප්‍රශ්න නිසාම මම දැන්නම් AC බස් සේවය අත හැරලා සාමාන්‍ය පෞද්ගලික සේවය පමණයි දුර ගමනකදි තෝරා ගන්නෙ. ලංගම සේවය ඉතින් තේ බොන්න තැන තැන නවත්වනවනේ.
ඒත් සුඛෝපබෝගී සේවයේ තියන එක හොඳක් තමයි නොමිලේ ඇහෙන කතන්දර නිසා සිනා වෙවී යන්න ලැබීම. හතර වටින්ම වහල නිසා ජංගම දුර කතන වලින් කෙරෙන කතා බහ හැම එකක්ම බස් එකේ ඉන්න හැමෝටම කනේ තිබ්බා වගේ අහගන්න පුලුවන්. සමහරුන්ට ඕකෙන් කතා කරන්න ගියාම වගේ වගක් නැහැ. ඔහේ කියවගෙන යනවා. ඉතින් ඇහෙන දේවල් වලට යන හිනාව නතර කර ගන්න දත කට පුට්‍ටු කරගන්න වෙනවා.
ඔන්න එක කතාවක් වුනේ මෙහෙමයි.
"අයි....යෝ..., කාරෙක නැවතුනාද? කොහෙද නැවතුනේ?"
"............................"
"මම ඉන්නෙ බස් එකේ. ඉතින් මම ඔතනට එන්නද? හ්ම්.. හ්ම්.. බොනට් එක ඇරල මට කතා කරන්න."
මොහොතකින් දුර කතනය යලි නාද වෙයි.
"ඇයි අරින්න බැරිද? බොනට් එක යටින් අත ටිකක් ඇතුලට යවලා බලන්න එතකොට පොඩි කෑල්ලක් අහුවෙයි................................"
කියමින් ඔහු බොනට් එක ඇරීම ගැන මහ හඬින් උපදෙස් දී දුර කතනය විසංධි කරයි
"කෝ ඇර ගත්තද? අයි....යෝ ඕකවත් බැරිද? හරි හරි කාටද දැන් ඔය කතා කරන්න යන්නෙ? කවුද ඒ මිනිහ?. හ්ම්.. හ්ම්... ඕකෙ වයර් එකක් ටිකක් බුරුල්. ඒක බලන්න කියන්න. ආ දැන් හරිද?. එහෙනම් ගිහින් ඉක්මනට ළමය ඉස්කෝලෙන් ගන්න. හැබැයි වාහනය නවත්වන්නෙ නැතිව start එකේම තියල යන්න"
විනාඩි කිහිපයකින් යලි දුරකතනය නාදවෙයි.
"ආ........... ඉස්කෝලෙ ලඟ ආයෙම නැවතුනා. මම කිව්වනෙ start එකේ තියල යන්න කියල. හරි හ..රී දැන් ඔහොම කතා කරන්න එපා, අම්මයි ළමයයි දෙන්නම බය කරන්නද හදන්නෙ?. ඔන්න ඕක ඔතන තියල බස් එකක ගෙදර යන්න. මම ඇවිත් ගෙනියන්නම්."
ඔහු ලඟ සිටින තැනැත්තා සමඟද මේ ගැන කියවයි. කතා බහට අනුව ඔහු වෛද්‍යවරයෙකි. එහෙත් මට නැගුන ප්‍රශ්නය මෙයයි. ඔහුගේ බිරිඳ වාහනය පදවන්නේ නම් හදිසි අවස්ථාවක මෙවන් දේ කරන අයුරු පෙන්වා දෙමින් ඇයට උපදෙස්දී නොතිබුනේ මක් නිසාද? එසේවී නම් දුරකතනයක් හරහා මෙසේ උපදෙස් දීමට සිදු නොවනු ඇත. අනෙක් අතට කාන්තාවක් වශයෙන් තමන් වාහනයක් පදවන්නේ නම් අඩුම වශයෙන් බොනට් එක ඇර තෙල් වතුර බැලීමට සහ ටයරයක් මාරුකළ යුතු විට එය කරන ආකාරය ගැනවත් දැනුවත්ව නොසිටින්නේ ඇයි? මට ඇමරිකාවේ සිටින මගේ මිතුරිය චිත්‍රා සිහියට නැගුනි. ඇමරිකාවේ හැමදේම සල්ලිය. එකල අවිවාහකව සිටි ඇය වාහනයේ ඇතිවන සුලු සුලු ආපදා සියල්ල තමන්ම කර ගන්නා ලදී. ඇගේ පැරණි වාහනය යටට රිංගා ඇය කරන මේ කාරිය දුටු පළමු දිනයේ මා මවිතයට පත්වුනි. අවශ්‍යතාවයද උනන්දුවද ඇත්නම් අපේ කාන්තාවන්ට මේවා එතරම් දේ නොවන බව ඇය මට පසක් කළේය. එහෙත් ලංකාවේ අපි මේ සියල්ල පිරිමි වැඩ යයි ඔවුන්ටම පවරා බලා සිටිමු. එහෙත් වාහන පදවමු. මේ සියල්ල වෙනස් වියයුතු නොවේද?

මැණික්ගේ කතාවට මාත් එකඟයි..
ReplyDeleteකාන්තාවන් වුනත් වාහනයක් පදවන්න ගත්තාම අපිත් සාමාන්‍ය රියදුරෝ..ඉතින් බෝනික්කො වගේ ඉන්නැතුව පොඩි පොඩි දේවල් පුරුදු වුනොත් හැමෝටම ලේසියි..
ඇත්තම කියනවනම් මමත් පෝලිමක ඉඳලා හරි ඉන්ටර් සිටියක නගින්නේ ටිකක් ඇහැ පියාගන්න. ඒ නින්ද තරම් වටනි නින්දක් කොහේදිවත් ලැබෙන්නේ නෑ. සමහර දා ට බස් එකට නගිනවා සහ බහිනවා විතරයි දන්නේ.කොන්දොස්තරට ටිකට් එකේ ගාස්තුව දෙන්නේ බහින වෙලාවට. ඒතරම්ම නින්ද වටින නිසා. ඒත් බස් එකේ වාඩි වෙන්නෙ නම් ජනේලයක් අයිනේමයි.ඒ අනුන්ට බාධාවන නිසා.
ReplyDeleteඒ කෙහොම වුනත් වාහනයක් ඇත්නම් සුලු සුලු කාර්මික දෝෂ නිවැරදි කර ගන්න හැම කෙනෙක්ම දැනං ඉන්න එක හොඳයි
සුඛෝපභෝගී බස්වල රසවත් කතා විතරමද තියෙන්නේ :D
ReplyDeleteමෙන්න ඒකට මේ නෝනා ගේ වැඩ බලන්න.
ReplyDeletehttp://ru-sirini.blogspot.com.au/search/label/%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%20%E0%B6%BB%E0%B7%96
හැබැයි මෙයා මැවිසුරු නෝනා කෙනෙක්.
මට පෙනෙන්නේ ඒක නම් මිනිහ ඇරපු... දිග නයෙක්
ReplyDeleteහැමෝටම ස්තුතියි.
ReplyDeleteමැණික්