-->

Saturday, April 7, 2012

"දර්ශනයේ මහිම"

නස්රුදීන් මුල්ලාගෙ කතා ලෝකයේ බොහෝ රටවල ජනප්‍රියයි. ඒ කතා වල විශේෂත්වය තමයි කතාව අසා සිනාසී මොහොතකින් එහි යටි අරුත වැටහී යමින් කල්පනාවට වැටෙන එක. ඒ නිසාම මේ කතා බුද්ධියට පණ පොවන කතා කියල ලොව පුරා පිළිගැනීමක් තියනව. ඒ එක කතාවක් තමයි පහත දැක්වෙන්නේ.

නස්රුදීන් කෝපි බිබී හුන් කඩපිලට පැමිණි දාර්ශනිකයෙක් මෙසේ කිව්වා.
"මෙලොව ඇති සියළු දේම හැම කෙනෙකුටම සමව ලැබෙන්න ඕනේ"
"ම්.. ඒක හරියන වැඩක් නෙවෙයි"
දාර්ශනිකයාට සවන්දී සිටි අයෙක් පිළිතුරු දුන්නා.
"හරි හරි තමුසේ ඒක කරල බැලුවද?"
දාර්ශනිකයා ඔහුගෙන් ඇසුවා.
"මං කරල බලල තියනවා"
නස්රුදීන් වහා ඉදිරිපත්ව උත්තර දුන්නා. කඩපිලේ සිටි සියල්ලෝම ඒ කෙසේදැයි විමසන්නටමෙන් නස්රුදීන් දෙස හැරී බැලුවා.
"මං මගේ බිරිඳටයි බූරුවටයි දෙන්නටම සමව සැලකුවා. ඒ දෙන්න බලාපොරොත්තු වූ දේවල් දෙදෙනාටම සමව ලබා දුන්නා."
නස්රුදීන් සිනාසෙමින් කිව්වා.
"හරිම අපූරුයි!!  මේ උන්නැහේ දැන් කාටත් ඇහෙන්න කියමු බලන්න ලැබුන අගනා ප්‍රතිපලය මොකද්ද කියල?"
තම මතය පිළිගැනීමට ලක්වීම පිළිබඳ මහත් සතුටින් දාර්ශනිකයා කෑගැසුවා.
"ප්‍රතිපලේද?.... හොඳ බූරුවෙක්.........  නරක බිරිඳක්"

6 comments:

  1. මේක නම් සෑහෙන්න හිතන්න ඕන ප්‍රශ්නයක්..

    ReplyDelete
  2. මේ කතාව අහල තිබ්බෙ නැහැ නොවැ..

    ජය !

    ආවමයි මේ පැත්තේ.. බලමු ඉදිරියට.. !

    ReplyDelete
  3. හිතන්ට දෙයක් තියනවා කීව එක නම් හරියට හරි. :D

    ReplyDelete
  4. නස්රැදීන්ගේ කතා හාස්‍යයට තුඩු දෙන කතා වුවත් එම කතාවල අරුත් ඉතා ගැමුරුයි. කියවලා විලා අවසානයේදි ඔහුගේ කතාවේ ගත යුතු අරුත දැනෙනවා.

    ඒක හරියට අපි කියන්නේ "ටියුබ් ලයිට්" කියලා අන්න ඒ වගේ.

    ReplyDelete
  5. අද ඔය විදියට කතන්දර කියන්න ගියොත් කට්ටියක් තරහා වෙයි, කට්ටියක් නැඟිටලා යයි, කට්ටියක් අඬයි. නස්රුදින් විදියට ගැඹුරු අරුතක් හාස්‍යජනකව ඉදිරිපත් කරන ශෛලිය දිරවා ගන්න බැරි අය ලෝකයේ ම බොහෝයි.

    ReplyDelete