-->

Saturday, May 5, 2012

"විවෘත මාවත"

"නිවැරදි අවබෝධය, නිවැරදි කතාව, නිවැරදි සමාධිය ආදී වශයෙන් අෂ්ටාංගික මාර්ගය සම්ප්‍රදායික ලෙස පියවර අටකින් යුක්තව උගන්වා දෙනු ලැබේ. නමුත් දෙ ඇසක්, දෙකණක්, නාස්පුඩු දෙකක්, දිවක් හා ශරීරයක් ආදී වශයෙන් සැබෑ අෂ්ටාංගික මාර්ගය අප තුළම පිහිටා ඇත. මේ අට දොර අපේ සම්පුර්ණ ගමන් මාර්ගය වන අතර ඒ තුළින් ගමන් කරනුයේ මනසයි. මේ දොරවල් හඳුනා ගන්න. ඒවා පරීක්ෂාකර බලන්න. සියලුම ධර්ම ඒවා තුළින් හෙළිදරව් වනවා ඇත.
මාර්ගයේ හදවත ඒ තරමින්ම සරලය. ඒ සඳහා දීර්ඝ පැහැදිලි කිරීම් අවශ්‍ය නොවේ. ආදරයේ හා ද්වේශයේ එල්ලී සිටීම අතහැර දමන්න. හුදෙක් දේවල් පවත්නා ස්වභාවයෙන් නොසැලී හිඳින්න.
යම් කිසිවෙකු වීමට වෑයම් නොකරන්න. යම් කිසිවකු මෙන් පරිවර්තනය වීමටද නොයන්න. භාවනා කරන්නකු නොවන්න. අවබෝධයට පත් අයකු වීමට නොයන්න. කිසිවක් අල්ලා නොගන්න. කිසිවක් ප්‍රතික්ෂේපද නොකරන්න. සිසිලස පවත්නා තැනට ඔබ සටනින් ඉවත්වී පා නගන්න."

Still Forest Pool by Jack Cornfield and Paul Britar 
නිසල විල (පි‍ටු අංක 22), අනුවාදය ඩබ්ලිව් සුගතදාස

6 comments:

  1. පෝස්ට් එක නියමයි අපේ පැත්තටත් ඇවිල්ල යන්න

    ReplyDelete
  2. මොකද අනේ දැන් ඉස්සර වගේ ලියන්නේ නැත්තේ?

    හැබෑම පාර හොයා ගන්න නියම උපදේශයක්.

    ReplyDelete
  3. ලස්සන වෙසක් සිතුවිල්ලක්!!!

    'ආර්ය අෂ්ටාංගිම මාර්ගය අප තුලම පිහිටා ඇත' කියන අදහස කලින් කියවලා නෑ. ක්‍රියාවට නැගීමට හිතෙන හා පහසු අලුත් අදහසක් .

    ReplyDelete
  4. අපි අපේ සිත් පවත්වාගෙන යන්නෙ බුර බුරා නැගෙන ගිනි ජාලාවක් මැද. මනස නිතරම අවුල් වූ මනසක්. චංචල හිතක්. එයින් මිදිමට නම් සිත සමාධිගත කළ යුතුමයි.

    බුදුන්වහන්සේදේ දේශනා ඇසුරින් "අචාන් චා හිමියන්" පැහැදිලි කර දුන්නේ එයයි.

    ReplyDelete
  5. නිසල විල කියවන්න මටත් ආසයි..

    ReplyDelete