මීට කාලෙකට ඉස්සර "ඇත්ත" කියල පත්තරයක් තිබුන බව සමහරුන්ට මතක ඇති. ඔය පත්තරේ දැන් තියන "රාවය", "ලංකා" වගේ විකල්ප පත්තර ගොඩට වැටුන වමේ දේශපාලනයට අයත් පත්තරයක්. අපේ ගෙදරටත් ඔය පත්තරය ගොඩ වැදුන නිසා මමත් එහෙන් මෙහෙන් ඒ කාළේ ඔය පත්තරය කියෙව්වා. දවසක් පත්තරේ තිබුනා "සීතා රංජනී" කියල ලේඛිකාවක් ලියා තිබුන කෙටි නිර්මාණයක්. එය ලියා තිබුන ශෛලය වගේම එහි සඳහන්ව තිබුන කරුණුත් මගේ සිත එක හෙලා පැහැර ගත් බැවින් මම එය කපා වෙන් කොට තබා ගත්තා. එය කෙතරම් පැරණිදැයි කියන්නට මට දැන් හරියටම මතක නැතත් අවුරුදු දහයකට වඩා නම් වැඩි බව කිව හැක. කෙනෙකුට මේ නිර්මාණය ස්ත්‍රී වාදී යයි ලේබල් කොට පහසුවෙන් ඉවත දැමිය හැකි වුවද එයින් කියවෙන දේ කෙතරම් සාධාරණදැයි සිතා බැලීමට එය බාධාවක් නොකර ගත යුතුයැයි මට සිතේ. ඊයේ පොත්පත් කිහිපයක් අස් කරමින් සිටින විට නැවත මෙය මගේ නෙත ගැටුන බැවින් "සීතා රංජනී" නම් වන ඇයට තුති කුසුම් පුදමින් මෙය ඔබ අතරේ බෙදා ගැනීමට මට සිතුනි. පහත සඳහන් වන්නේ ඇගේ ඒ නිර්මාණයයි.
"මගෙන් මවක්, බිරිඳක්, සහෝදරියක්, වෙසඟනක් පමණක් නොව දාසියක්ද පතන්නට ඉගැන්වූ නුඹගේ පූජ්‍යයන් වහන්සේට මම හිස නැමීමි. දෙවියන් වහන්සේ ළඟට ගොස් පැමිණි නුඹට මා ලවා දෙපා වන්දවා ගැනීමට ඉගැන්වූ දෙවියන් වහන්සේටද මම හිස නමා සිටියෙමි. මාද හිස නමා සිටි නුඹලාගේ දෙවියෝත් පූජ්‍යයෝත් මට දුන් දේට වඩා මගෙන් නුඹලාට ගෙන දුන් දේ බොහෝය.
දෙවියනුත් පූජ්‍යයනුත් හමුවේ හිස නැමූ නුඹට පෙනුණේ මා ගැන දේව නියමයෙන් වපුළාවූ භූමිය පමණය. නුඹටත් නුඹගේ දෙවියන්ටත් පූජ්‍යයන්ටත් යටවී සිටි මා, මා වෙනුවෙන් දුටුවේත් නුඹේ ඇසින් දුටු භූමිය පමණමය.අඩක් ලෝකය නුඹේ ඇසින් දැක එය මගේ ලෝකය යැයි මම සිතා සිටියෙමි. නැත එය නුඹ නිසාම මට පෙන්වූ නුඹේ ලෝකයම විය. ඇස දුටු නුඹේ ලෝකය තුළ දෙවියෝත්, පූජ්‍යයෝත්, අධිපතියෝත් නුඹට ස්වර්ගයත්, නරකාදියත් එකවර මවා පෙන්වූහ. එකම ජාලයක වූ ස්වර්ගයත් නරකාදියත් එකට කලවම් වී නුඹට පෙනුණ බව දුටිමි මම. ඔවුහු ස්වර්ගය ස්පර්ශ කළාහු වෙති. ස්වර්ගයත් නරකාදියත් අතර ඇඹරී ගිය නිරි සතුන් අපිම වූවෙමු. අපගේ නිශ්ශබ්දතාවයේ රෝගය නසා තර්ක වාද නමැති සනීපය පහළ වන්නට ඇවැසි මහොෂධ සොයා අපි ස්වර්ගයත් නරකාදියත් කැළැම්බු වෙමු. මාද ලඟින් සිටි බව නුඹ නුදුටුවෙහිය. නුදුටුවා සේ සිටින්නට ඉගෙන සිටි වග සැබෑවය.
වරෙක දිය නා ගෙට පැමිණි නුඹ නුඹගේ සර්ව පාරි ශුද්ධභාවය ගැන උදම් ඇනූ කල්හි මම දිය නයි ගඳසේ හිරිකිතෙන් ඒ පාරිශුද්ධත්වය පිළිකෙව් කළෙමි. එකල්හි නුඹ මට නුඹද හිස නමා සිටි දෙවියනුත් පූජ්‍යයනුත් සිහි කළෙහිය.
නුඹේ දෙවියනුත්, පූජ්‍යයනුත්, අධිපතියනුත්, නුඹත් මා මිටින් ගෙන මිරිකා සිටි මහා හස්තය පෙරළා දමමින් සීරුවෙන් සිටියෙමි. නුඹ කසාය හැලියක් සේ කැළැම්බූ ලෝකය මම මගේ ඇසින් බැලුවෙමි. එහි කල් කදුරු තිත්ත ගඳ දැනුනි මට. නුඹ නුදුටු ලෝකයේ අනික් අඩද පෙනුනි මට. නුඹේ ඇසත් මගේ ඇසත් එක්කර බලා දිනිය යුතුවූ ඒ ලෝකයට නුඹලා ඊර්ෂ්‍යා සහගතය. දනිමි, නූපන් මා නිර්මාණය කර ගත්තේ නුඹලාම බව. නුඹලා සමඟ අහිමි වූ දේ ඉල්ලා හඬ නගද්දී මාද මනුෂ්‍යයකු බව සිතන බව පෙන්විය. නුඹලාගෙන් මට අහිමි දේ ඉල්ලා සිටිද්දී මා නුඹලාගෙන් ඈත්වූ ගැහැණියම විය. නුඹලා උපන් මිනිසුන්ය. මා නිර්මාණය කරගත් ගැහැණියයි. මනුෂ්‍යත්වයට උපන් මා නිර්මාණයක් කර ගැනීමේ අයුක්තියට එරෙහිව හඬ නගද්දී නුඹලා බියපත්ය. අයුක්තිය යුක්තියට සංක්‍රමණය වන නුඹත් මාත් එක්වන ලෝකය පිළිබඳ බලාපොරොත්තු තුළ මා වියපත්ය.
නුඹලා මට කොක් හඬලා සිනාසෙති. මම, මාත් නුඹත් නුඹලාගේ දෙවියනුත්, පූජ්‍යයනුත්, අධිපතියනුත් හොඳින් හඳුනාගෙන සිටිමි. නුඹේ දෑසින් දුටු ලෝකය නුඹ නුදුටු අඩත් සමඟ මම මගේ ඇසින් දැක ගතිමි. නුඹලාගේ ලෝකයට වීරවරයන් බිහි කරනා ගර්භාෂය නුඹලාගේ නොව මගේය. නුඹලාගේ නිර්මාණාගාරය නොව ඒ මගේ අයිතියයි. නුඹේ ඇසින් ඒ අයිතියට හිමිකම් කීමට නුඹට අයිතියක්ද නැත. මගේ ඇසින් ඒ අයිතිය පැවරීමටද මා සූදානම් නැත. නුඹේ ඇසත් මගේ ඇසත් එක්වී නම් අපි වීරවරයෝත් වීරවරියෝත් වන්නෙමු. එසේ ලෝකය දකිනතාක් කල් නුඹ මා වෙනුවෙන් නිර්මාණය කර ඇති ලෝකයට නුඹේ දබරැඟිල්ල දිගු කරනු ඇත. ඒ දබරැඟිල්ල දෙස සුලැඟිල්ල දිගු කළ නුහුරකින් බලා කට කොනකින් සිනාසෙමි මම.නුඹලා කොක් හඬලා සිනාසෙමින් දිගු කරන දබරැඟිල්ල යටට එන්නට හීලෑ කළ සත්වයකු අළුතින් නිර්මාණය කල යුතුව ඇත. අද නුඹ මට නඟන සිනහව නුඹට උදාරය. නුඹත් මාත් එක්වූ සිනහව මට අති උදාරය. මා දිනුවා යනු නුඹද දිනුවාමය. එසේ හෙයින් නුඹේ දෙවියනුත් පූජ්‍යයනුත් අධිපතියනුත් සම්මිශ්‍රණය වී නගන සිනහව ඉදිරියේ මම නැවත නැවතත් කියමි. තමා කවුදැයි නොහඳුනනා කොවුලෙකු සේ මිහිරි හඬ නගන්නට ගිය කුරුමිණියන්ගෙන් නැගෙන්නේ කුරු කුරු හඬමය. එනමුදු හෙට මගේ හඬ සැබෑ ස්ත්‍රියගේ හඬම වනු ඇත"
මා නොදන්නා "සීතා රංජනී" ඔබට බෙහෙවින් ස්තුතියි.

පුරුෂ මූලික වූ සමාජ ක්‍රමය කොහෙත්ම මනුෂ්‍යත්වයට සුදුසු මාවතක ගමන් කල එකක් නොවේ. ඒ අනුව මේ ලියවිල්ල ඉතාම මධ්‍යස්ථයි.
ReplyDeleteඑහෙත් ගැහැණිය සමස්ථයක් විදියට ගත් කල අද වෙද්දි මේ පුරුෂ මූලික අධිපතිවාදී ව්‍යුහයන් තුළ වඩාත්ම එල්ලී සිටින්න උත්සාහ කරන්නේ ඇයයි. ඇයගෙන් අර ව්‍යුහයන්ට සාධනීය විකල්පයක් ඉදිරිපත් නොවිණ. අදටත් පුරුෂයින්ටත් වඩා හොඳින් අධිපතිවාදී පුරුෂ ව්‍යුහයන් තුළ ඇය ස්ථාපිත වීමට වෙර දරයි. ඒත් විය යුත්තේ ඊට ප්‍රතිවිරුද්ධ විකල්පයක් ඉදිරිපත් වීමයි.
ඒත් ඒ ගමන තුළද ඇය ගැහැණුකම නිසාම පුරුෂ ආධිපත්‍යයට යටවේ. වරද ඇය තෝරා ගන්නේ වැරැදි මාර්ගයක් වීමයි.
ම්....ම් තවපාරක් කියවන්න ඔනේ
ReplyDeleteබුදු දහමේ ගැඹුරට ගියොත් ස්ත්‍රියකට බුද්ධත්වය ලබන්න පුරුෂයෙක් වීම අවශ්‍ය නැහැ කියල ඔප්පු උනත් ජනප්‍රිය අදහස් එය නෙවෙයිනේ.. කාලයත් පුරුෂදිපත්‍යය ඉස්මතු උන සමාජයත් ඒවා සුදුසු පරිදි වෙනස් කරලා. අපුරු සටහන. ඊට පස්සේ එයාගේ ලිපි දැක්කේ නැද්ද ? මමත් ඔය පත්තර කියවපු කෙනෙක් උනත් මට මතක නැහැ
ReplyDelete@Outsider: ඇත්ත, ගැහැණු බහුතරයක් තවම ඇය යායුතු හරි මග තෝරා ගෙන නැහැ. තේරුම් ගෙන ඇති අයටවත් ඒ ගමන යන්නට බැරි තරම් ඔය කියන අධිපතිවාදී පුරුෂ ව්‍යුහයන් ප්‍රබලයි.
ReplyDelete@ayesha: හොඳයි හොඳයි කියවල හිතලම බලන්නකෝ.
@සරත් ලංකාප්‍රිය : ඔව් අන්තිමට හැම සම්මතයක්ම පරම සත්‍යයක් ලෙස අදහන්න පුරුදු වෙලා. වෙන ලිපි ගැන මට මතකය්ක් නැහැ.
මැණික්
සීතා රංජනී ලේඛිකාවගේ මේ සුන්දර ලිපිය කියවීමට සැලැස්සුවාට ස්තුතියි.
ReplyDeleteසම්ප්‍රදාය, සම්මතය ඔලුව උඩ තියාගෙන, එයින් බැහැරට නොහිතන බහුතරය මේ අදහස් දිහා වපරැහින් බලයි. සරත් ලංකාප්‍රිය කියනවා වගේ ඒක තමයි 'ජනප්‍රිය සංස්කෘතිය'. නමුත් ලෝකය පියවරක් ඉස්සරහට පනින්නනම්, ඒ සම්මතයට එරෙහිව මෙවැනි හඬක් නැගෙන්නටම ඕන.