-->

Thursday, August 4, 2011

"ගලින් නිමවුන සිහිවටනය"

හරිම සුන්දර පරිසරයක්. එහෙම නේද? වෙන රටක නම් නෙවෙයි මේත් අපේම රටේ සුන්දර තැනක්. ඒත් මේ බංගලාව නම් හදල තියෙන්නේ සුද්දගෙ කාලේ. ගලෙන් නිමවුන ආදර සිහිවටනක් කිව්වොත් හරියටම හරි. අපි නොදන්න මේ වගේ ආදර සැමරුම් තව කොපමණ තියනවද?
මීට අවුරුදු 85කට විතර ඉස්සර ඒ කියන්නෙ 19 වන ශත වර්ෂයේ මුල් භාගයේ විතර සුද්දො අපේ රට පාලනය කරන කාලේ J F Arley Elford කියන බ්‍රිතාන්‍ය වැවිලි කරුවෙකුගේ සුන්දර බිරිඳ ඇගේ රටේ සිට ඔහුට කියනවා " මා වෙනුවෙන් සුන්දර මාළිගයක් හදන්න. මම ඔබ ලඟට නැව් නැග එන්නම්" කියා. ලක්බිමෙහි තනිව උන් ඔහු වසර නවයක් පුරා ඇය වෙනුවෙන් සොඳුරු පරිසරයකින් හෙබි කඳු ගැටයක් මුදුනේ කළු ගලින් මේ මහේශාක්‍ය මාළිගය ගොඩ නගනවා.  එහෙත් ඔහුගේ සේවායෝජකයා මෙය දකින්නේ නිකරුනේ මුදල්, ශ්‍රමය සහ කාලය නාස්ති කිරීමක් ලෙස. මෙය අවසන් වන්නේ ඔහුගේ සේවය අහිමි වීමෙන්. හිත බිඳුන Elford මේ සියල්ල අතහැර නැවත තම රට බලා නැව් නගිනවා.
මෙය පිහිටා ඇත්තේ කොළඹ සිට විනාඩි 45ක දුරකින් පාදුක්කෙහි පිහිටි පුස්සැල්ල වත්තට අයත්වයි. දුරකතනයෙන් කලින් වෙන් කරවා ගෙන යා හැකි මෙහි දැනට ආහාර පාන සැපයීම සඳහා සේවකයන් සිටින අතර තමන් කැමති ආහාර ඔවුන් ලවා පිළියෙල කරවා ගත හැක. ලිපිනය සහ දුරකතන අංකය ඇතුලු වැඩි විස්තර පහත link එකෙන් අවශ්‍ය අයට ලබා ගත හැක.
http://www.estatebungalows.com/ayr.htm

3 comments:

  1. ස්තුතියි සහෝදරි මෙහෙම ස්ථානයක් ගැන තොරතුරු කිවුවට

    ReplyDelete
  2. i never know we gonna able to drive to pussellawa within 45 min. i have been to this place and as for my record it takes long time to reach there.

    ReplyDelete
  3. @ayesha: ස්තුතියි ඔයාටත්.
    @Il mondo di una povera pazza : Thank you for your comment
    මැණික්

    ReplyDelete