-->

Monday, July 11, 2011

ශූන්‍යය සොයා යාම

ජීවිතය කියන්නෙ මොකද්ද? ජීවිතය ...... ජීවිතය ........ ජීවිතය.
ජීවිතය කියන්නෙ ශරීරය සහ මනස. ශරීරය දෙමව්පියන්ගෙන්. එතකොට මනස?. උපදින කොට තිබුන පරිශුද්ධ ශූන්‍යයට (???) අත්දැකීම් එකතු වෙමින් ගොඩ නැගුන මනස. කාලයත් එක්ක මුහුන දෙන හැම සිදුවීමකටම ඉදිරියට පැන අතීත මතක ඇසුරෙන් හොඳ නරක කියාදෙන මනස. මනසේ ග්‍රහනය දැඩි වන විට "මම" කියන මායාව දැඩි වෙමින් නැගී එයි. ඉන් පස්සේ හැමදේම "මම", "මම". මනසේ සිර ගෙය තුල සිරවුන "මම" නම් මායාව. මේ මනස ගොඩ නැගුනේ සිංහල, බෞද්ධ පරිසරයක නම් "මම" සිංහල බෞද්ධ. දෙමළ ක්‍රිස්තියානි නම් "මම" එහිම එල්බගෙන. මනස බටහිර නම් "මම" ත් එහෙමයි. ඒ එක්ක ආගම, සංස්කෘතිය මෙකී නොකී හැමදේම "මම" තුල ඇතුලත්ව.
මනසට අන්‍යව ගොඩ නැගුන "මම" හොයාගෙන ගියාම ඇතුලාන්තයට .පෙනෙන්න තියෙන්නෙ මොනවද?
මනස ගබඩා කර ගත් සිතිවිලි එකින් එක පැමිනෙයි, බි‍ඳෙයි. නැවත වෙනෙකක් එයි. එයද මොහොතින් බි‍ඳෙයි. ඒ මොහොතේ දකින ඇසෙන පසිඳුරන්ට අසුවන දේට ප්‍රතිචාර ලෙස මනස තුල ගබඩා කළ දෙයින් උකහා ගෙන මේ සිතිවිලි නගියි බසියි. එපමනයි වෙනත් කිසිවක්ම නැත. උපතේදි ගෙන ආ පාරිශුද්ධ ශූන්‍යය එලෙසම තිබෙයි. මනසෙන් ගොඩ නැගුන "මම" ගෙන් වැසී ගොස් ශූන්‍යය නොපෙනෙයි. පැවැත්ම ශූන්‍යය වන නමුදු ශූන්‍යයට, හිස් බ
ට බියවෙයි. පුරවයි නොයෙක් දෙයින් ශූන්‍යය නොපෙනෙන්නට. මරණය සිහි ගන්වන බැවින් ශූන්‍යයට බිය වෙයි. සත්‍යය නම් ජීවිතයට ඇතුල් වන විට මරණයටද ඇතුල් වීමයි. ජීවිතයේ ස්ථිර එකම දේ මරණයයි.
එහෙම නම් එකම තැන හැදුනු වැඩුනු එකම ආකාරයේ අත්දැකීම් වලට මුහුන දුන් නිවුන්නුන් දෙදෙනෙකුට තිබිය යුත්තේ එකම මනසක්ද? දෙදෙනා සිතන්නේ එකම ආකාරයෙන්ද? ඔවුන් එකිනෙකාට වෙනස් ලෙස හැසිරේ නම් ශරීරය සහ මනසට අමතරව ඒ වෙනස් කම් වලට අනුරූප වන වෙනත් අදෘශ්‍යමාන කිසිවක් තිබේද? නොදන්නෙමි එය. සොයමි "මම".

5 comments:

  1. ඔබ ඈත්තටම හරි
    අවංකවම මට සමහර වෙලාවට හිතෙනවා මම ජීවත් වෙන්නේ මායාවක කියලා !!
    මම කවුද කියන එකත් මට ප්‍රශ්ණයක් !!! ඒ ප්‍රශ්ණේ කොච්චර සරල වුනත් ප්‍රශ්ණේ වචනෙට හරවන්න බොහොම දුශ්කරයි

    ReplyDelete
  2. නිවුන්නු ගැන කරන ලද පර්යේෂණ වලින් පැහැදිලි වී තියෙන්නෙ ඔවුන්ගේ සිතුවිලි දුවන්නේ ඒකීය වූ චින්තනයක් අනුව බවයි. ලෝකයේ කිසිම දෙදෙනෙක් කොච්චර සමීප වුවත් එකම විදියට හැම දෙයක් ගැන ම සිතන්නෙ නැහැ. ඒත් හැමදෙනාම පාවිච්චි කරන්නෙ එකම විදියකට ක්‍රියාකරන මොළ යන්ත්‍රයක් ඒ ඒ අයගේ ඒකීය වූ චින්තනය මෙහෙයවන්න. හරියට හැමෝම දන්න අකුරු අරගෙන අපි එක එක්කෙනා අපිට ඕන දේවල් ලියනවා වගේ.

    ‘මම’ සහ ‘මම නොවන’ යැයි කියන්නට මා කැමතියි. ශුන්‍ය ??? දාපු එක හොඳයි. ‘මගේ නොවන’ මනසක් හට ගන්නට හැකි ජීවයක් පවතින ලෝකයක ශුන්‍ය යනු කුමක් ද?

    ReplyDelete
  3. නිවුන්නු තුළ යම් සමාන කමක් තියෙනව.
    ඒත් මනස උපතේදී ශූන්‍යයක් නෙවෙයි. මනස ශූන්‍යක් නම් උපතක් තිබිය නොහැක.
    ශූන්‍යත්වය කියන තත්වය තුළ උපතට හේතුවන බීජ නැති බව තමයි කියවෙන්නෙ.
    එහෙත් උපතේදී තියෙන මනස මෙලොව තියෙන දේවලින් කිළිටි වී නැත. මමත්වය ඇතිවී නැත. භවාංග චිත්තය කියන්නෙත් ඒකටමයි මම හිතන්නෙ. එහෙත් මමත්වය ඇතිවීමත් සමග අතීත මනසේ හුරුපුරුදු, ආශාවන් ඉස්මතු වෙන බව තමයි මනසේ ස්වභාවය දුටු අය කියන්නෙ.
    "මම" කියන දේ දියකර හල යුත්තේ ලෝකය තුළමයි.

    ReplyDelete
  4. මේකට උත්තර හොයන්න පුළුවන මනස තුලින්මයි..එකට උපක්‍රමය වෙන්නේ භාවනාවයි..

    ReplyDelete
  5. මම ද මම සොයමි

    ReplyDelete