-->

Saturday, January 7, 2012

"ප්ලේටෝගේ ගුහාව"

ප්ලේටෝ නම් ග්‍රීක දාර්ශනිකයා අතින් ලියවුන The Republic නම් ප්‍රසිද්ධ කෘතියෙහි "ජීවිතය" පිළිබඳ උපමා කතාවක් මෙනමින් හැඳින්වේ. මෙය Plato ගේ ගුරුවරයා වන සොක්‍රටීස් (Socrates) සහ ඔහුගේ සොහොයුරා වන Glaucon අතර වන සංවාදයක් ලෙසින් ඉදිරිපත් කොට ඇත. කතාවේ සාරය මෙන්න.
"මනුෂ්‍යය වර්ගයා ඔවුන්ගේ කුඩා කාලයේ සිටම ජීවත් වන්නේ සිරකරුවන් පිරිසක් මෙන් කිසි ලෙසකින් චලනය විය නොහැකි අයුරෙන් ඔවුන්ගේ පාද, හිස මෙන්ම ගෙලද තරකොට දම්වැලකින් බැඳ එකිනෙකා හා යා කොට ඔවුන්ගේ මුහුණු ඉදිරියෙන් ඇති හිස් ප්‍රාකාරයක් වෙත යොමුවුන අයුරිනි. ඔවුන්ට දැකිය හැකි වන්නේ ඔවුන් ඉදිරියේ ඇති දේ පමණක් වන අතර හිස හරවා අවට බැලීමට පවා නොහැකි අයුරින් තරව බැඳ දමා ඇත. මේ මිනිස් සිරකරුවන් පි‍ටුපස ගිනි මැලයක් දැල්වෙන අතර ගිනිමැලය හා මිනිස් සිරකරුවන් අතර ඇති මාවතක එහා මෙහා යන්නන්ගේ සෙවනැලි  මෙන්ම ඔවුන් එකිනෙකාගේ සෙවනැලිද ඔවුන් ඉදිරියේ ඇති  හිස් ප්‍රාකාරය මත පතිත වන අතර මිනිස් සිරකරුවන් මේ සෙවනැලි දෙස බලමින් තමන් දකිනදේ යතාර්ථය සේ පිළිගනිත්.  මෙම දම්වැල් වලින් හදිසියේ මිදෙන යමෙක් වටපිට බලමින් මේ දකින සෙවනැලි සිහින පිළිබඳ සත්‍යය වටහා ගන්නා අතර අනෙක් අයටද එය වටහාදීමට තැත් කරයි. නමුත් කුඩා කල සිට දම්වැලින් බැඳ දමා, සෙවනැලි යථාර්තය සේ පිළිගත්  මිනිස් සිරකරුවන්ට එය අවබෝධ කොටදීම පහසු කරුණක් නොවේ. දම්වැලින් මිදුනවුන් පවා සත්‍යය පෙනිපෙනීත්  තමන් දීර්ඝ කාලයක් යථාර්තය යැයි පිළිගත් දෙයින් බැහැර වීමට මැලි කමක් දක්වනු දැකිය හැක. ජීවිතය යැයි අප දකින්නේ එයයි"

(http://webspace.ship.edu/cgboer/platoscave.html).
"Most people, including ourselves, live in a world of relative ignorance.  We are even comfortable with that ignorance, because it is all we know.  When we first start facing truth, the process may be frightening, and many people run back to their old lives.  But if you continue to seek truth, you will eventually be able to handle it better.  In fact, you want more!  It's true that many people around you now may think you are weird or even a danger to society, but you don't care.  Once you've tasted the truth, you won't ever want to go back to being ignorant!"

12 comments:

  1. මොනා දෙයියනේ අර ඉංගිරීසියෙන් කියල තියෙන්නෙ.

    ReplyDelete
  2. වටිනා අදහස් ස්තූතියි.....ඔන්න මමත් 117 විදිහෙ එකතු උණා...

    ReplyDelete
  3. මම හැමදාම අත්දකින දේ නම් අප ඉදිරියේ ඇති සත්‍ය තව කෙනෙකුට වටහා දීමට ඇති අමාරුවයි. එය තමා විසින්ම වටහා ගත යුත්තක්. මක් නිසාද යත්, ඇත්තේ එකම සත්‍යයක් බැවිනි.

    මේ වගේ කීප වාරයක් හිතන්න පුළුවන්, නැවත නැවත මේවගේ දාර්ශනික මත ඔස්සේ සිතුවිලි මෙහෙයවන්න හැකි ලිපි වලට මම හුඟක් කැමතියි.

    හුඟ කාලෙකින් පස්සෙ කියවපු දාර්ශනික සිතුවිල්ලක්

    ReplyDelete
  4. when i read plato few work, i feel that he and his virtue , his conversations all are derived from Buddhist philosophy

    ReplyDelete
  5. වටිනා අදහස් ටිකක් අක්කේ....

    ReplyDelete
  6. සම්පූර්න ඇත්ත...

    ReplyDelete
  7. //Once you've tasted the truth, you won't ever want to go back to being ignorant!"//

    සත්‍ය දැන දැනමත් පිළිගන්න දිරි නැතිවීම දුකක්..

    ReplyDelete
  8. "සොක්‍රටීස්ට වහ දුන්නු හේතුව" දැන් පැහැදිලියි!

    ReplyDelete
  9. මගේ නැණ පමණට බොහොම බරපතල වැඩි කරුණු මේව.

    ReplyDelete
  10. ගණිත ගැටළුවක් විසඳුවාට පස්සෙ ආයෙත් ඒක කවදා දැක්කත් තව දුරටත් ගැටළුවක් නොවෙනවා වගෙයි.

    ReplyDelete
  11. ස්තුතියි ඔයාට මේ දේවල් ගැන කියා දුන්නට

    ReplyDelete
  12. ඇත්ත අතීත මතක එක්ක තමයි වැඩි හරියක් ඉන්නෙ. අලුත් අය ජීවිතේට එකතු උනාට ඒ අයට වටිනා කමක් නෑ. හොඳ පෝට් එකක් කාලෙකින් කියෙව්වේ. ස්තූතියි මැණික්.

    ReplyDelete